අලූත්ම වෛරසයක්
ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ අනුග්‍රහයෙන් නිර්මාණය වූ බවට සැක කෙරෙන නවතම චරපුරුෂ පරිඝනක වෛරසය මෙතෙක් නුදුටු විරූ තරම් ප්‍රබල අවියක් බව කැස්පර්ස්කයි සමාගම විසින් පවසා තිබේ.
එම සමාගමේ ප්‍රධාන ආරක්ෂක පර්යේෂක ඉගොර් සූමෙන්කොව් පවසා ඇත්තේ එයින් ගැලවීමට ඇති හොඳම ක්‍රමය නම් දෘඪ තැටිය පොළවේ ගසා විනාශ කිරීම බවයි.
මොස්කව් පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක් වන කැස්පර්ස්කයි මින් පෙරද මෙම වෛරසය ගැන සඳහන් කළ අතර එය ඊක්වේෂන් නම් කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇතැයි වාර්තා කර තිබිණි.
කෙසේවෙතත් කැස්පර්ස්කයි ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායමේ අධ්‍යක්ෂක කොස්ටින් රායු පවසා ඇත්තේ මෙය පසුපස ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය සිටිමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි.
මෙම වෛරසය මගින් රුසියාව, ඉරානය, චීනය, පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය ආදී රටවල් 30ක පමණ රාජ්‍ය ආයතන, රාජ්‍යතාන්ත්‍රික ආයතන, ආරක්ෂක අංශ, ඉස්ලාමික ක්‍රියාකාරීන් මෙන්ම සන්නිවේදන, ගුවන්සේවා, බලශක්ති සහ මූල්‍ය සමාගම් ඉලක්ක කර ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම වෛරසයේ විශේෂත්වයක් වන්නේ එයට දෘඪ තැටිය තුළට කාවැදීමට ඇති හැකියාවයි. මෙය මෙතෙක් නුදුටු විරූ හැකියාවක් බවත් මෙවැන්නක් අත්පත් කරගැනීමට රජයක මැදිහත්වීම යටතේ විශාල සම්පත් හා ධනයක් අවශ්‍ය බවත් රායු පවසා තිබේ.