අලූත්ම වෛරසයක්

akura

Member
Feb 14, 2015
36
3
0
අලූත්ම වෛරසයක්

ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සියේ අනුග‍්‍රහයෙන් නිර්මාණය වූ බවට සැක කෙරෙන නවතම චරපුරුෂ පරිඝනක වෛරසය මෙතෙක් නුදුටු විරූ තරම් ප‍්‍රබල අවියක් බව කැස්පර්ස්කයි සමාගම විසින් පවසා තිබේ.
එම සමාගමේ ප‍්‍රධාන ආරක්‍ෂක පර්යේෂක ඉගොර් සූමෙන්කොව් පවසා ඇත්තේ එයින් ගැලවීමට ඇති හොඳම ක‍්‍රමය නම් දෘඪ තැටිය පොළවේ ගසා විනාශ කිරීම බවයි.


මොස්කව් පදනම් කරගත් සයිබර් ආරක්‍ෂණ සමාගමක් වන කැස්පර්ස්කයි මින් පෙරද මෙම වෛරසය ගැන සඳහන් කළ අතර එය ඊක්වේෂන් නම් කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇතැයි වාර්තා කර තිබිණි.
කෙසේවෙතත් කැස්පර්ස්කයි ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායමේ අධ්‍යක්‍ෂක කොස්ටින් රායු පවසා ඇත්තේ මෙය පසුපස ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය සිටිමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි.


මෙම වෛරසය මගින් රුසියාව, ඉරානය, චීනය, පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය ආදී රටවල් 30ක පමණ රාජ්‍ය ආයතන, රාජ්‍යතාන්ත‍්‍රික ආයතන, ආරක්‍ෂක අංශ, ඉස්ලාමික ක‍්‍රියාකාරීන් මෙන්ම සන්නිවේදන, ගුවන්සේවා, බලශක්ති සහ මූල්‍ය සමාගම් ඉලක්ක කර ඇතැයි අනාවරණය වී තිබේ.


මෙම වෛරසයේ විශේෂත්වයක් වන්නේ එයට දෘඪ තැටිය තුළට කාවැදීමට ඇති හැකියාවයි. මෙය මෙතෙක් නුදුටු විරූ හැකියාවක් බවත් මෙවැන්නක් අත්පත් කරගැනීමට රජයක මැදිහත්වීම යටතේ විශාල සම්පත් හා ධනයක් අවශ්‍ය බවත් රායු පවසා තිබේ.
 

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43

    b0703.gif

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කැරි සීන් එක නෙහ්
    මං හිතන්නේ ඕක හැදුවේ nsa නෙවි සීගේට් සමාගම



    හාර්ඩ් එක පොලවේ ගසා විනාශ කලාට පස්සේ අලුත් එකක් ගන්න වෙනවනෙ බං එතකොට සීගේට් වගේ කම්පැනි වල බිස්නස් වැඩි වේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තව ටික දවසකින් කියයයි කැස්පර් සමාගම මේ වෛරස් එකට සාර්තක ඇන්ටි වෛරස් එකක් හොයාගත්ත කියලා
    අපි නොදන්න මොනරතැන්න
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    කැරි සීන් එක නෙහ්
    මං හිතන්නේ ඕක හැදුවේ nsa නෙවි සීගේට් සමාගම



    හාර්ඩ් එක පොලවේ ගසා විනාශ කලාට පස්සේ අලුත් එකක් ගන්න වෙනවනෙ බං එතකොට සීගේට් වගේ කම්පැනි වල බිස්නස් වැඩි වේ

    sHa_lol3.gif
     

    akura

    Member
    Feb 14, 2015
    36
    3
    0
    කැරි සීන් එක නෙහ්
    මං හිතන්නේ ඕක හැදුවේ nsa නෙවි සීගේට් සමාගම



    හාර්ඩ් එක පොලවේ ගසා විනාශ කලාට පස්සේ අලුත් එකක් ගන්න වෙනවනෙ බං එතකොට සීගේට් වගේ කම්පැනි වල බිස්නස් වැඩි වේ
    :yes:
     

    akura

    Member
    Feb 14, 2015
    36
    3
    0
    තව ටික දවසකින් කියයයි කැස්පර් සමාගම මේ වෛරස් එකට සාර්තක ඇන්ටි වෛරස් එකක් හොයාගත්ත කියලා
    අපි නොදන්න මොනරතැන්න

    athta kathawa
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අඩෝ පට්ට බං.. අනිවා ලංකාවටත් එවයි ඕක... මොනවද දන්නේ නැහැ වෙන්නේ මේකෙන්... කොහොමද infected ද කියලා හොයගන්නෙ?