අවංක ආදරය ප්‍රකාශ කරන්න බිය වන්න එපා

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    අවංක ආදරය ප්‍රකාශ කරන්න බිය වන්න එපා

    අවංක ආදරය ප්‍රකාශ කරන්න බිය වන්න එපා





    anime-love-cartoon-wonderful.jpg







    එතකොට මම සාමාන්‍ය පෙල. ඒ කාලෙ අපේ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි මූන දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න ඕනෙ කියලා.ඒත් එයාට ඒ බව තේරුණේ නෑ.
    දවසක් පංතිය ඉවර උනාම එයා මං ලගට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා.
    "මම ඔයාට ආදරෙයි" කියලා කියන්න කොච්චර හිතුනත් හිතේ තිබුන ලැජ්ජාව නිසා මට ඒ බව එයාට කියන්න බැරි උනා.මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

    ඒ වෙනකොට මම උසස් පෙල.දවසක් මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය ඉකිබිදිමින් පැවසුවා ඇගේ ආදරය බිදුනු බව. ඇයට ඒ දුක තනියම දරා ගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. ඇය හමුවුනාම ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා.
    මෙවරත් "මම ඔයාට ආදරෙයි" කියලා කියන්න බැරි උනේ මගේ ලැජ්ජාව නිසා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

    කාලය ගත වුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ පලමු වසර.ඒ වෙනකොට ඇයට පෙම්වතෙක් හිටියා. දිනක් ඔවුන් දෙදෙනා හමුවීමට සිටියත් අසනීපයක් නිසා ඔහු පැමිනියේ නෑ. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා.
    අපි සමුගන්නකොට ඇය මට කිව්වා "ඔයා දන්නවද, මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් මට මගේ හිතේ ඇය වෙනුවෙන් තිබුනු ආදරය ප්‍රකාශ කරන්න බැරි උනා.

    වසරින් වසර ගෙවී ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනය උදා වුනා. ඒ වන විට ඇය රූමත් තරුණියක්.උපාධිය ලබා ගැනීමට වේදිකාවට ගොඩ වූ ඇය දුටු මට හිතුනා අනේ ඇය මගේම උනා නම් කියලා.ඒත් ඇය එය නොදන්නා බව මම දැන සිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. වෙන් වී යන විට ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා.
    මට කියන්න ඕනි උනා "ඔයා මට හොදම යාලුවෙකුටත් වඩා වැඩි කෙනෙක්" කියලා.නමුත් ඒ බව කියන්න මෙවරත් මට ආත්ම ශක්තියක් තිබුනේ නෑ.මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

    මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අද ඇගේ ජීවිතය අලුතෙන් පටන් ගන්නවා තවත් පුද්ගලයෙක් සමග.ඇයව මගේ කරගන්න මට ඕනි උනත් මට ඒක කර ගන්න බැරි උනා.
    ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මම ඔයාට ආදරෙයි කියන්න හිතුනත් මෙවර ඒ සදහා මට ඉඩක් නෑ.

    කාලය වේගයෙන් ගෙවී ගියා. දැන් මම ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත, මම රහසින් පෙම් කල, ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා.

    "මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ බව තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්...."


    :(:(:(:(:love::love:



    ඔබ කිසිවෙකුට අවංකව ආදරය කරනවා නම් ලැජ්ජාව බිය පසෙකලා පමා නොවී ඒ බව ඇයට/ඔහුට පවසන්න. ඔබේ පමාව නිසා ඒ අය ඔබට අහිමි උනොත් ජීවිත කාලය පුරාම ඒ පිලිබදව ඔබට පසුතැවීමට සිදු වේවි.


    Source : කජුවත්ත එක්සත් Cricket සමාජයට


    Code:
    https://www.facebook.com/Kaju.Waththa.Eksath
    :yes::yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ම්ම්ම් කතාවනං ඇත්ත වෙන්නැති මමත් ඔහොම කෙල්ලෙක්ට ට්‍රයි කර කර ඉඳල වැඩේ හරියන්නේ නෑ වගේ දැනිච්ච නිසා ඔක්කොම දමල ගහල පාඩුවේ ඉන්නවා :dull:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    hehehe man oka mekta copy karannath hadala apahu nikan hitiya :P
    Onna magen Bump ekak
    B
    U
    M
    P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ඉතින් කියන එක වරදක් නෑ තමයි ඔය කථාවෙ හැටියට. හැබැයි මං නම් කියන්නෙ එහෙම කියන්න කළින් තමන් නිසා ඒ කෙනාට හොඳ දෙයක් සිද්ධවෙන්න පුළුවන් ද කියල හිතන එකයි හොඳ. ආදරේ කියන්නෙ ලබාගැනීම ම නෙමෙයිනෙ. තමන් ඒ කෙනාට ඇත්තට ම ආදරේනම් ඒ කෙනාගෙ ජීවිතේ තියෙන තැනට වඩා නරක තැනකට තමා නිසා යන්නෙ නැතිනම් ඒ වගේ දෙයක් කිවුවට කමක් නෑ. නැත්තම් ඉතින් හොඳම දේ ඔය වගේ ඉන්න එක. අතීතය ගැන පසුතැවිල වැඩක් නෑ. තමන් කළේ හරි දෙයක් කියල හිතනව මිසක්.
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    නියම කතාවක් ..
    සහතිකවම පසුතැවෙන්න වෙනව පහුවෙන්න ගියොත්..
    ඒත් ටිකක් අමාරු වැඩක් ..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    ම්ම්ම් කතාවනං ඇත්ත වෙන්නැති මමත් ඔහොම කෙල්ලෙක්ට ට්‍රයි කර කර ඉඳල වැඩේ හරියන්නේ නෑ වගේ දැනිච්ච නිසා ඔක්කොම දමල ගහල පාඩුවේ ඉන්නවා :dull:


    ow matath wela tynwa deka thunakma
    :rolleyes::rolleyes::dull: