අවවාදයට වඩා ආදර්ශය උතුම් ය....
...අද දින වැක්සීනය ලබාගත් නවසීලන්ත අගමැතිනියගේ ෆේස්බුක් සටහන...
---------------------------
අද දින මා පන්ලක්ෂ හැට හැටහත්දහස් එකසිය අසූ අටක් වූ අනෙකුත් නවසීලන්ත ජාතිකයින් (කිවීන්) ලෙස මාගේ ෆයිසර් වැක්සීනය ලබා ගත්තෙමි.
ඕක්ලන්ඩ්හි පිහිටි මැනුරෙවා එන්නත් විදිමේ මධ්‍යස්ථානය වෙත ඉක්මනින්ම දුවවිත් එහි සේවයේ නියුතු අති විශිෂ්ට නිළධාරී කණ්ඩායම අතින් මා එන්නත ලබා ගත්තෙමි.
මේ වන විට තුන්ලක්ෂයකට අධික ජනතාව එන්නත් දෙකම ලබාඇති බව මා ඉතා සතුටින් පවසමි. ඉදිරි දින කිහිපය තුළ අපි මිලියනයේ කඩඉම පසුකරන්නට අදිටන් කර සිටිමු.
මා එන්නත විදින අතරතුර අයෙකු ඇසුවේ "එන්නත ලබාගැන්මට මෙතරම් ප්‍රමාද වූයේ ඇයි?" යන්නයි.
එය සාධාරණ පැනයකි. එහෙත් අපි පිටුපසට වී කොවිඩ් මර්ධනයෙහිලා කැපවෙමින් සිටින ඉදිරිපෙළ සෞඛ්‍යය සේවකයන් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දුනිමු. එහෙත් මේ වසංගතය මර්දනය කිරීමෙහිලා එන්නතෙහි ඇති වැදගත්කම, ඵලදායිබව පිළිබද නවසීලන්තයට පෙන්වන්නට අවැසි වූ නිසා මා මෙම එන්නත අද දින ලබා ගත්තෙමි.
ඊයේ දින අපේ මහජනතාවට එන්නත ලබා ගතහැකි ක්‍රමවේදය පිළිබඳව නිවේදනය කළෙමු. 60 ට වැඩි අයට ජූලි 28 වන දින සිටත්, 55ට වැඩි අයට අගෝස්තු 11 දින සිටත් එන්නත ලබාගැනීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතු කරගන්නා ලෙසත් වෙන්කරගැනීම් සිදුකරගන්නා ලෙසත් දන්වමු. අපි මේ පිළිබඳව ඔබව අඛණ්ඩව දැනුවත් කරන්නෙමු.
එංගලන්තය එන්නත ලබාදුන් ආකාරයටම අපි අපේ වැඩිහිටි කිවියන්ට ප්‍රමුඛතාව ලබාදී වයස් අනුව එන්නත ලබාදීමේ ක්‍රියාවලියේ නිරත වෙමු. එබැවින් එන්නත සඳහා වන ඉල්ලුම හා සැපයුම අඛණ්ඩව සිදුවෙනු ඇත.
ඔබගේ වයස් කාණ්ඩය පිළිබඳව නිවේදනය කිරීමෙන් පසු ඔබට ඕනෑම තැනකින් එන්නත ලබා ගත හැක. එහෙත් ඉක්මන්වීම වඩාත් හොඳය. ෆයිසර් එන්නත සියල්ලන්ටම ලබාදෙනු ඇත. අවුරුදු 16 හා ඊට වැඩි සියල්ලන්ටම මේ වසර අවසානයට පෙර එන්නත ලබාදීම අපේ අධිෂ්ඨානයයි. ඔබේ වයස් ඛාණ්ඩයට එන්නත් ලබාදෙන විට අපගේ සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් එන්නත ලබාගැනීමට ඔබට ආරාධනා කෙරෙනු ඇත. ඊමේල්, එස් එම් එස්, වට්සැප් හරහා මේ ඕනෑම ආකාරයට ඒ ඇරයුම ඔබට ලැබෙනු ඇත.
Book my vaccine ඔන්ලයින් ජාතික වැඩසටහන ඔස්සේ ඔබට පළමු හා දෙවන මාත්‍රා සඳහා වෙන්කිරීම් සිදුකර ගත හැක. සති තුනක පරතරය තබා මේ වෙන්කිරීම් සිදුකරගන්නා ලෙස ඔබෙන් ඉල්ලාසිටිමු.
සියල්ලට එන්නත ලබාදීමෙන් මෙරට ආරක්ෂාව සහ නිදහසද, කොවිඩ් වසංගතය පාලනය කළ හොඳම රටක් ලෙස නවසීලන්තය ලබාගත් ස්ථානය තවත් තහවුරු කිරීම අපේ අපේක්ෂාවයි.
මෙම වැක්සීනය වෛරසයට එරෙහිව සටන් වදින හොඳම අවියයි. අපි එන්නත් කරනය සිදුකිරීමෙන් අපගේ ආදරණීයන්ද ආරක්ෂා වනු ඇත. එබැවින් එන්නත ලබාගත හැකි මුල් අවස්ථාවේම එන්නත ලබාගෙන ඔබත් ඔබේ ආදරණීයන්ද ආරක්ෂා වන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි..
ජසින්ඩා අර්ඩන්
නවසීලන්ත අගමැතිනිය.