අවවාදයයි !!

KissMass

Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    රට ගිය පසු ගම අමතක වීම

    මේකත් කියවලා ම පටන් ගමු.......

    සවස් වරුවේ පා ගමනින්ම විදි සංචාරය කරන විට හදුනන මුහුනක් දැකගත හැකිවිය .. ඒ මෙයිට වසර කිහිපයකට පෙර යුරෝපිය රටක රැකියාවට ගිය සම වයසේ ග්‍රාමීය වැසියෙකි. ඔහු වසර කිහිපයකට පෙර සිටි ආකාරයත් සමග සසදන විට භාහිරෙන් බොහෝ වෙනස් වී ඇත .

    නිවස ඉදියේ සිටියත් විනෝද චාරිකාවක් යෑමට මෙන් ඔහු හැඩ වැඩ වී ඇත. යුරෝපයේ සිට එන බොහොමයක් ශ්‍රී ලාංකිකයන්ගේ විලාසය එය බව දන්නා බැවින් මා ඒ ගැන තැකීමක් කලේ නැත . එහෙත් හුරු පුරුදු මුහුනක් බැවින් හදුනා ගැනීමට අපහසු වුයේ නැත.

    ඔහුද මා දුටුවේය එහෙත් මා දෙස බලාසිටියා පමණි . මා හදුනා ගත් සලකුණක් ඒ මුහුනේ නැත.. සමහර විට හිරු අවරට යෑමට හෝරා දෙකක් පමන තිබුනු මේ අදුරේ පවා ඔහු අව් කන්නාඩියක් පැළද සිටීම ඒයිට හේතුවන්නට ඇත..

    එබැවින් ඔහුට මා හදුනා ගන්නට අපහසු වන්නට ඇත . මටද පැනගොස් කථා කිරීමට තරම් උවමනාවක් නොවූ බැවින් මද සිනහවක් පා නැවතත් ගමන් ඇරබීමට සිතුවා පමණි .. ටියුබ් ලයිට් සංකල්පයට අනුව දෙවරක් ගැස්සී ඔහු පත්තුවිය..

    “හේයි මචං හව් ආ යු .!!

    “අයිම් ෆයින් මචං ..... ඉතිං..

    “ඔහ් ..පයින්, මොකද මචං පයින්ම වෙහිකල් එකක්වත් ගත්තේ නැද්ද තාම..

    මම සිනාසුනා පමනි

    “ මටනම් මගේ වෙහිකල් එක නැතිව මෙහේ ට්‍රැවල් කරන්න හරි අමාරුයි මචං... කොහොමද මෙහෙ බස් වල ට්‍රෙන් වල යන්නේ දහඩිය දාගෙන .. ඒ මදිවට දුවිල්ල . එකටත් එක්ක බලන්ට එපායෑ එහෙ වාහන..

    වෙනස්වී ඇති අයුරුනම් සුළුපටු නොවේ... උපන්දා සිට ගමනාගමනය සදහා යොදාගත් දෑ වසර කිහිපයක් තුල පිළිකුල් වීම පුදුම සහගතය..

    “මේ ඉන්න දවස් ටිකේ මගේ ගමන් වලට මම කැබ් සර්විස් එකෙන් කෑබ් එකක් ගෙන්න ගත්තා... මොනවා කරන්නද මචං මගේ කා (ර්) එක තරම් කන්ඩිෂනර් ඒවා මෙහෙ හොයන්න නැහැනේ..

    “එහෙනම් කාර් එකත් අරගෙනම එන්න තිබුනනේ “ මම වැඩිපුර නොහිතා විහිළුවට මෙන් කීවෙමි.

    “වැඩක් නැහැ මචං.. කොහොම හරි ගෙන්නුවා කියමුකෝ .. එත් කෝ ඒ වගේ වාහනයක් යන්න තරම් පාරක් මෙහෙ.. මෙහෙ පාරවල් අන්තිමයිනේ මචං .. එකටත් එක්ක බලන්ට එපායෑ එහෙ ..

    මෙතෙක් කාලයක් මා සිතා සිටියේ දැන් ලංකාවේ පාරවල් සුපිරි බවය . එහෙත් මොහු කියන හැටියට මගේ මතය වැරදිය.. එසේ බලන කල වර්තමාන රජය වෙහෙසවී මහා මාර්ග නඩත්තු කලද එය සාර්ථක නැත.. (ඔහුගේ මතයට අනුව )

    “ ඉතින් ආයේ කවදද යන්න ඉන්නේ “

    “ නෙක්ස්ට් වික් යනවා මචං .. කොහොමද මචං මෙහෙ දවාලට ඉන්නේ පුදුම රස්නයක්නේ තියෙන්නේ .. එකටත් එක්ක බලන්ට එපායෑ එහේ . හරිම කුල් ක්ලයිමෙට් එක .. ඇගට හරිම සනීපයි... මටනම් දැන් ලංකාවේ කාලගුනේ සෙට් වෙන්නෙම නැහැ මචං .. මේ හිටිය සති දෙකට එපා උනා ...

    පුදුමයකි උපන් රටේ පරිසරය වසර කිහිපයක් වෙනත් රටක සිටීමෙන් පසු එපාවී ඇති අයුරු හාස්‍යජනකය.

    සමහරවිට ඔහු කියන අයුරින් එහි සත්‍යක් තිබෙන්නටද පුළුවන . ඒ සම්භන්ධයෙන් මට අත්දැකීම් නැති බැවින් මා නිහඩ උනෙමි.. එහෙත් උපන් දා සිට ජීවත්වූ ගැමි පරිසරය වසර කිහිපයක් වෙනත් රටක සිටි පමණින් ඒපාවුවා යැයි පැවසීම ගැන මගේ සිතේ ඇතිවුයේ හාස්‍යජනක හැගීමකි .

    එහෙත් ම‍ට හැගුනේ ඔහු වසර කිහිපයක් ජීවත්වූ රට උසස් කොට කථාකිරීමට ඇති කැමැත්තක් නිසා උවමනාවෙන්ම උපන් දේශය පහත දැමු බවයි..

    එය බොහෝ කාලයක් විදේශයන්හී සිට පැමිණෙන සුළුතරයක් ශ්‍රී ලාංකිකයන්ට වැළදෙන සුලභ රෝගයකි.. එවැනි පසුබිමක් තුල යන්තමින් හෝ මා ගැන මතකයක් තිබීම ගැන මම සතුටු උනෙමි.. එම දෙබසින් පසුව ඔහු රැගෙන විත් තිබු නයි මල්ලේ සිටි අන්තිම නාගයාගෙ වෙනතුරුම හැඩවැඩ බැලූ මා නැවත පිටත් උනෙමි..


    මේ කතා වස්තුව උපුටා ගත්තේ මෙතනින්...

    මට මෙම කතාව Share කරන්න හිතුනේ, අද සමාජයේ මෙය සුලඹ සිද්දියක් නිසාය...
    ඇයි අපේ මිනිසුන්ට මෙසේ වුනේ....
    මා උපාධිය ලැබුවේ ඇමරිකාවෙ ය.. අවුරුදු 4 ක් සිටිය මම කිසි දිනක චින ජාතිකයකු හෝ ජපන් ජාතිකයකු තවත් තම රටේ මිතුරන් සමග ඉoග්‍රිසියෙන් කතා කරනු දැක නැත... ඔවුන් තම කතා විලාශය හෝ කෑම බීම හෝ වෙනස් කරනු දැක නැත... එසේ නම් ඇයි අපිට පමනක් මෙසේ වන්නේ...

    අපට බටහිර සුද්දාගෙන් ඉගෙනීමට බොහෝ දේ ඇත.. නමුත් සියල්ල හිස් මුදුනෙන් බාර ගැනීම මෝඩකමකි..
    ඉoග්‍රිසි කතා කිරීම හා දැන ගැනීම මහත් සේ වැදගත්ය... එය ආයුදයක් මිස ආභරනයක් කර නොගත යුතුය....
    මදක් සිතන්න පිටරට සේවය කරන කීයෙන් කීදෙනාද වැදගත් රැකියා වල නියත වන්නේ... ඔවුන් කිසි දිනක තම උපන් බීමේ අගයන් අවතක්සේරු නොකරන අතර පර සුද්දන් මෙන් නොහැසිරෙයි....


    හැකිනම් BUMP (means : Bring Up My Post) එකක් දමන්න... ( රෙප් (Rep) දුන්නාට කම් නැත...මන්ද තවදිනක මෙවැනි වැදගත් යමක් SHARE කිරීමට එය දිරියක් වෙන හෙයිනි....)
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,679
    892
    113
    yap machan oba hari..mamath inne pita rataka ..habai machan ekak aththa lankawe parawal ,bus,train kathawa,
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    අපේ අයියත් මේ වගේ. මම කිව්ව දවසක උබ මැරෙන්නෙ ලංකාවෙදි කියලා... සහෝදරය උනත් කිවයුතුමයි
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    matanam oke anith patthath penawa....
    sirawatama kiyanne..lankawata ewith flight eken eliyata awatapasse matanam mara sathutak danenne.mage puruddak wage diga husmak gannawa okkotama issella.
    hebei ithin airport eken gedarata yanakam mata amaruwen hari hithanna wenne..bankoloth weccha american pissan kotuwakata awa wage
    amaruwen hari english kada kada hari katha karanne english walin...

    ape unta ape kama amathaka wela.kohomahari anunge bashawakta mul thana denawa.

    mm uba kiwwa kathawath hari..rupiyal atha gapu 85% wage kotasakata $,Euro atha gaaddi mole amaruwakuth hadenawa..ehema dekuth tiyenawa ithin.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    හැබැයි මචෝ ඔය ලෙඩේ වැඩිපුර තියෙන්නෙ ගෑනුන්ට. අද්දැකීමෙන් කියන්නෙ. මම නං මචං ඔය වගේ උන්ට ඇඩෙන්නම කියලා අරිනවා. ඊට පස්සෙ ඔය වගේ උන් කතා කලත් එකයි මට නැතත් එකයි. මොකද මං කැමති නැහැ ලංකාවට ඔය විදියට කතා කරනවට... කිව්ව වගේ සල්ලි වලට ගන්න බැරි දේවල් තියනවනෙ... ගොන් පාට් තමා....