අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish

    canstock1405178.png



    ඔබගේ සත්‍ය ජීවිතය වගේම virtual ජීවිතයක් අපි හැමෝටම තියෙනවා, කවදාවත් හිතුවද ඔබ හදිසියේ මරණයට පත්වුනා..
    එයින් පසුව ඔබේ දත්ත ඇතුලත් virtual ජීවිතයට මොකද වෙන්නේ කියලා...?

    ඔබගේ පවුලේ අයට වගේම virtual යහළුවන්ට මොකද වෙන්නේ...?
    මේ ගැන අපිට පොඩි ක්‍රියාමාර්ග කිහිපයක් ගන්න පුළුවන්, ඒගැනයි මේ ලිපිය..

    එම දත්ත සියල්ලම නැතත් ඔබගේ මතකයන් ලෙස ඒවා ඥාතීන්ට එක්කළහැකි ක්‍රමයක් මෙයින් කියවෙනවා.

    මුලින්ම ඔබගේ සියලුම virtual accouts වල ලයිස්තුවක් සකස් කරන්න..

    e-mail, social networking profiles, forums, blogs....etc

    හිතන්න මෙයින් ඔබේ මරණයෙන් පසුව වැදගත්වන ඒවා... උදාහරණ ලෙස facebook, e-mail, twitter

    පසුව ඒවායේ username සහිත දත්ත ගබඩාවක් සකසන්න. එය ඔබේ ආරක්ෂිත ස්ථානයක (සේප්පුවක, safety deposit box, නීතීඥයකු ලඟ) තබන්න. නැතිනම් ඔබේ මේසයේ පුද්ගලික ලිපිගොනු තබන ස්ථානය.

    මරණයෙන් පසුව-

    අපි මරණයට පත්වූවිට අපේ දත්ත සඳහා බොහෝ වෙබ් අඩවිවල සඳහන්වන්නේ N/A කියායි, එනම් ඔවුන්ට ඒ පිළිබඳ නීතියක් සම්පාදනයවී නැත.

    ප්‍රධානව අපි භාවිතාකරන විශාල වෙබ් අඩවි නම් යම්කිසි නීතියක් භාවිතාකරනවා.

    twitter, facebook

    අපේ ඥාතියෙක් මරණය දැන්වූ විට, අපේ ගිණුම memorialized ගිණුමක් බවට පත්වෙනවා. අපේ account එක අනෙක් අයට බැලියහැක එහෙත් contact information and status updates
    නොමැතිව. එයට අපේ password එක භාවිතයෙන් වුවත් නැවත සක්‍රීය කිරීමටබෑ.
    අපේ පැරණි මතක සටහන් වන tweets, wall posts නැරඹීමට වෙනත් අයට පුළුවන්.

    twitter shutdown

    facebook shutdown



    G-mail

    මෙයට මරණය දැනුම්දීමට නම, ලිපිනය හා ඡායාරූපයක්ද සැපයීම කලයුතුයි. පසුව එම ඊ-මේල් ලිපිනයට ඊ-මේලයක් මඟින් දැනුම්දීමක් කරනවා, ප්‍රතිචාර නොමැතිනම් එය මරණයක් ලෙස සලකා දැනුම් දුන් තැනැත්තාවෙත account එකට ලොග් වීමට බලය ලබාදෙනවා.

    G-mail Accessing a deceased person's mail



    Yahoo

    මෙහිදී මරණය දැනුම් දුන් පසු account එක පූර්ණලෙස වසාදැමීමක් කරනවා, password රහිතව කිසිම අයෙකුට ඇතුල්වීමට නොහැකියි.



    Hotmail

    මෙහි ඉතාම විශිෂ්ඨ සේවයක් ලබාදෙනවා. Microsoft ආයතනය මඟින් පාලනයවන නිසා එහි නීතිඅනුව මෙය ක්‍රියාත්මකයි. මරණය දැනුම්දීමට මරණ සහතිකයක් පවා අවශ්‍යයි එහෙත් ආයතනය ඔබට account එකේ සියලුම දත්ත
    account creation, last login හා සියලුම e-mail DVD එකක් මඟින් නොමිලේ සැපයෙනවා.

    Hotmail How to request data from a deceased user's account?


    මතකයේ තබාගතයුත්තක් වන්නේ උදාහරණ ලෙස අපේ facebook යහළුවන්ට අපි මරණයට පත්වූබව දැනුම්දියයුතු වුවත් වෙනත් අයෙකුට අපේ private messages වලට ඇතුළුවීම මෙයින් තහනම් වෙනවා.

    2010-08-20_091556.jpg


    මෙවන් දේකට සූදානම්වීම අපි හැමෝම කළයුත්තක්.

    කාලය සමඟ අපේ සයිබර් අවකාශයේ දේපල වැඩිවනවා, එයටද යම්කිසි අවසන් කැමත්තක් සැකසීම කළයුතුනොවේද...?


    digital_assets.jpg



    මගේ 12000 වන පෝස්ට් එක වෙනුවෙන්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හ‍ෆ්‍ෆා, මම ක්‍රමයක් කල්පනා කර කර උන්නෙ, මගේ ‍ඔන්ලයින් ලයිෆ් එක රෙකෝඩ් කරල ති‍යන්නෙ. දැන්නං කිසි බයක් නෑ. කවදහරි මගේ මුණුබුරෝ මේව දකින්න අහන්න එපැයි.;):P:P මුත්ත කරපු කියපු දේවල්.:P
    ස්තූතියි මිගාර ලොක්කා හැමදාමත් වගේ අගයක් ඇති ත්‍රෙඩයක්:):)

    + බෑ කියනව :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Awesome MK. Patta thread eka bang. Mama siawatama danagena hitiye na. Maxa thread eka Kollo.
    You must spread some Reputation around before giving it to migaramk again.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මලා.... මගේ ඔලුව හොල්මං වුනා මේක දැකලා... ;)

    කවුරුවත් නොහිතපු දෙයක් කියලා දුන්නට ගොඩාක් ස්තූතියි මචං... :yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Bookmark karala thiyaganna tharam watinawa
    Thanks machan

    You must spread some Reputation around before giving it to migaramk again.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Marena thava kal thiyenava ban,,ath nice post,,ela ela

    දැන්ම ලෑස්තිපිට ඉන්න ඕනා බන්....

    marunata passe holmanak wela awith log wenna puluwanne

    :lol::yes:

    meka maru wadakne..:):)

    congratz 4 da 12 machan........

    :yes::yes:

    Meewa ganath tikak hithanna wenawa needa......:shocked:
    Thnx meegana kiyala dunnata.......:D

    ;)

    Good post........:)
    Congratulations on your 12,000+ posts....:D:D:D:D

    :cool::cool:

    හ‍ෆ්‍ෆා, මම ක්‍රමයක් කල්පනා කර කර උන්නෙ, මගේ ‍ඔන්ලයින් ලයිෆ් එක රෙකෝඩ් කරල ති‍යන්නෙ. දැන්නං කිසි බයක් නෑ. කවදහරි මගේ මුණුබුරෝ මේව දකින්න අහන්න එපැයි.;):P:P මුත්ත කරපු කියපු දේවල්.:P
    ස්තූතියි මිගාර ලොක්කා හැමදාමත් වගේ අගයක් ඇති ත්‍රෙඩයක්:):)

    + බෑ කියනව :(

    :):);)

    CongratzZ ! !

    :):)

    COngratz BRO and nice post

    :):)

    Elakiri eke mokda karanne api marunoth?

    දැන්වූවොත් sticky ත්‍රෙඩ් එකක් දානවා දුක පළකරලා...:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මිගාරයගේ ආවසානය ළංවෙලාද මන්ද බන් එහෙම කිව්වට තරහ වෙන්න එපා මොකද කේක් කඩේට ගිනි තියලද මැරෙන කථා කියන්නේ අනේ මන්ද බන් මම මේ ගැන ඇහුවෙත් අදයි බන් උබේ අකමැත්තක් නැත්නම් මම මේක උපුටා ගන්නද මොකටද කියල උඹ දන්නවනේ නේද
    ++