අවසරයිද_නෙලී....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කතා නොකර හිනා නොවී හිතේ දුකක වෙලී...
    මිලාන වූ ඇහි පිය යට වැටුනිද කදුලැලී.......
    දරාගන්න බැරි තරමට දුකක් කරන් ගුලී.....
    විදවනවද ඔබ තාමත් බිදුනු පෙමට නෙලී....?

    දිනෙන් දිනට උදා උනේ අළුත් පැතුම් පතා...
    ඔහුයි ඔබයි පියමැන්නේ කියමින් පෙම් කතා....
    සරසවියේ කවුලු පියන් ගැලවුම යැයි සිතා....
    වරද තබා පියමැන්නේ ඔහුයි හිතා මතා......

    හිතක පැතුම් බිදෙන කලට ඉවසුම් නෑ දරා...
    හිත මිතුරන් කියන කථා ඇසුනි සවන් පුරා...
    දිවියේ අවසන් සුසුමට ඇරයුම නිදි වරා......
    හිතවතියේ මනස තුලින් ගන්න හැගුම් පෙරා....

    බිදුනු මතක අතීතයේ සුසානයට යවා....
    නැගිට එන්න අනාගතේ ඔබෙම හිතේ මවා...
    කථා කලොත් මේ ඉර හද තව්තිසාව දෙවා....
    ඔබේ රිදුනු හිත සනසයි ලොව දෙවියන් පවා...

    සගවාගෙන හිතවත්කම් ගැඹුරු හිතේ ඔයා....
    විමසිල්ලෙන් තොරව බලයි අනාගතේ දිහා...
    ඔබේ හිතට තවත් වරක් ඇතුළු වෙන්න කියා...
    මගේ සිහින මටත් හොරෙන් ඔබ සොයලා ගියා...

    උල්පතකින් උපත ලබා ගලනා ගගුලැලී.....
    අවසානයෙ එකතු උනේ සයුර සමග වෙලී....
    එක මොහොතක් ඔබ දුටුවත් මටනම් සැනකෙලි.....
    ජීවිතයම ඔබෙ වෙන්නම් අවසරයිද නෙලී.... :love:


    55a41af33462c6516f615423aa54965f.jpg


     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඔබේ හිතට තවත් වරක් ඇතුළු වෙන්න කියා...
    මගේ සිහින මටත් හොරෙන් ඔබ සොයලා ගියා...
     
    • Like
    Reactions: Dinushasankalpa

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාට මං හරි මෙව්වයිලූ
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
    උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
    අපි මෙව්වා උනේ එක පාරලූ
    හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ
    :(:(
     
    • Like
    Reactions: Sai_baba

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    රසවින්දනයක් නැති එකෙක්...

    පොඩි කාලෙ නැලවිලි ගී වෙනුවට වැඩිහිටියන්ගේ කුණුහරප අහපු එකෙක්....:lol::lol:

    තාම ඒ පුරුද්දට යන්නේ:sorry::sorry:
    :baffled::baffled::sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    රසවින්දනයක් නැති එකෙක්...

    පොඩි කාලෙ නැලවිලි ගී වෙනුවට වැඩිහිටියන්ගේ කුණුහරප අහපු එකෙක්....:lol::lol:

    තාම ඒ පුරුද්දට යන්නේ:sorry::sorry:
    :lol: :lol: