කතා නොකර හිනා නොවී හිතේ දුකක වෙලී...
මිලාන වූ ඇහි පිය යට වැටුනිද කදුලැලී.......
දරාගන්න බැරි තරමට දුකක් කරන් ගුලී.....
විදවනවද ඔබ තාමත් බිදුනු පෙමට නෙලී....?
දිනෙන් දිනට උදා උනේ අළුත් පැතුම් පතා...
ඔහුයි ඔබයි පියමැන්නේ කියමින් පෙම් කතා....
සරසවියේ කවුලු පියන් ගැලවුම යැයි සිතා....
වරද තබා පියමැන්නේ ඔහුයි හිතා මතා......
හිතක පැතුම් බිදෙන කලට ඉවසුම් නෑ දරා...
හිත මිතුරන් කියන කථා ඇසුනි සවන් පුරා...
දිවියේ අවසන් සුසුමට ඇරයුම නිදි වරා......
හිතවතියේ මනස තුලින් ගන්න හැගුම් පෙරා....
බිදුනු මතක අතීතයේ සුසානයට යවා....
නැගිට එන්න අනාගතේ ඔබෙම හිතේ මවා...
කථා කලොත් මේ ඉර හද තව්තිසාව දෙවා....
ඔබේ රිදුනු හිත සනසයි ලොව දෙවියන් පවා...
සගවාගෙන හිතවත්කම් ගැඹුරු හිතේ ඔයා....
විමසිල්ලෙන් තොරව බලයි අනාගතේ දිහා...
ඔබේ හිතට තවත් වරක් ඇතුළු වෙන්න කියා...
මගේ සිහින මටත් හොරෙන් ඔබ සොයලා ගියා...
උල්පතකින් උපත ලබා ගලනා ගගුලැලී.....
අවසානයෙ එකතු උනේ සයුර සමග වෙලී....
එක මොහොතක් ඔබ දුටුවත් මටනම් සැනකෙලි.....
ජීවිතයම ඔබෙ වෙන්නම් අවසරයිද නෙලී....
මිලාන වූ ඇහි පිය යට වැටුනිද කදුලැලී.......
දරාගන්න බැරි තරමට දුකක් කරන් ගුලී.....
විදවනවද ඔබ තාමත් බිදුනු පෙමට නෙලී....?
දිනෙන් දිනට උදා උනේ අළුත් පැතුම් පතා...
ඔහුයි ඔබයි පියමැන්නේ කියමින් පෙම් කතා....
සරසවියේ කවුලු පියන් ගැලවුම යැයි සිතා....
වරද තබා පියමැන්නේ ඔහුයි හිතා මතා......
හිතක පැතුම් බිදෙන කලට ඉවසුම් නෑ දරා...
හිත මිතුරන් කියන කථා ඇසුනි සවන් පුරා...
දිවියේ අවසන් සුසුමට ඇරයුම නිදි වරා......
හිතවතියේ මනස තුලින් ගන්න හැගුම් පෙරා....
බිදුනු මතක අතීතයේ සුසානයට යවා....
නැගිට එන්න අනාගතේ ඔබෙම හිතේ මවා...
කථා කලොත් මේ ඉර හද තව්තිසාව දෙවා....
ඔබේ රිදුනු හිත සනසයි ලොව දෙවියන් පවා...
සගවාගෙන හිතවත්කම් ගැඹුරු හිතේ ඔයා....
විමසිල්ලෙන් තොරව බලයි අනාගතේ දිහා...
ඔබේ හිතට තවත් වරක් ඇතුළු වෙන්න කියා...
මගේ සිහින මටත් හොරෙන් ඔබ සොයලා ගියා...
උල්පතකින් උපත ලබා ගලනා ගගුලැලී.....
අවසානයෙ එකතු උනේ සයුර සමග වෙලී....
එක මොහොතක් ඔබ දුටුවත් මටනම් සැනකෙලි.....
ජීවිතයම ඔබෙ වෙන්නම් අවසරයිද නෙලී....












