අවසරයි සෝභිත හාමුදුරුවනේ..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අවසරයි සෝභිත හාමුදුරුවනේ..

    සෝභිත හාමුදුරුවෝ

    මේ ලිපිය කියවන බොහෝ දෙනකු මා සමග උරණ වීමට ඉඩ ඇත. මා කුහකයකු යැයි ඇතැම් ජනමාධ්‍යවේදීන් කීමට ඉඩ ඇත. එසේත් නැත්නම් තවත් අය මා කෙළෙහි ගුණ නොදත් අයකු යැයි කියනු ඇත. අයකු මළවුන්ගේ අගුණ කීමෙන් මා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක්‍රියා කර ඇති බව ප්‍රකාශ වනු ඇත. මගේ වයස අනුව වුවත් දැන් මට අනෙක් අය මා ගැන කියන දේ ගැන කල්පනා කිරීම අවශ්‍ය නො වේ. ඒ නැතත් මට සමාජයට කීමට අවශ්‍ය යැයි මා සිතන දේ විපාකය නොතකා ප්‍රකාශ කරමි. මේ ලිපිය කාලය වෙබ් අඩවියේ පමණක් පළ කෙරෙන්නේ පුවත්පතක් එය පළ කරාවිද යන සැකය නිසා ය.
    මින් වසර විස්සකට පමණ ඉහත දී සෝභිත හාමුදුරුවන් අපවත් වී නම් අද උන්වහන්සේගේ ගුණ ගයන මෙරට ඇමරිකානු තානාපති, ඊනියා රාජ්‍ය නොවන සිවිල් සමාජය, එතෙර හා මෙතෙර අනුකාරක බුද්ධිමතුන් එ ජා පක්‍ෂය හා තවත් එවැනි අය කුමක් කීමට තිබිණි ද? එකල සෝභිත හාමුදුරුවෝ චින්තන පර්ෂදයේ සභාපති ධුරය දැරූහ. මම එහි ලේකම් වීමි. මට මතක් වන්නේ සෝභිත හිමියන්ගේ රූපය මුල්පිටුවේ රැගත් මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ බුඩිසම් බිටේ්‍රඩ් කෘතිය ය. තම්බයියා ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හා සම්බන්ධ මහාචාර්යවරයකු විය. දෙමළ කතෝලිකයකු වූ ඔහු කලකට පෙර අභාවප්‍රාප්ත විය. අපි චින්තන පර්ෂදයේ ද වෙනත් සංවිධානවල ද එකතුවෙන් ඒ පොතට විරුද්ධව ක්‍රියා කෙළෙමු. තම්බයියා කියා සිටියේ යුද්ධ (එය යුද්ධයක් නොව දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව කළ හමුදා මෙහෙයුමක් පමණක් විය) කළ යුතු යැයි කීමෙන් සෝභිත හාමුදුරුවන් ද අප ද බුද්ධාගම පාවාදී ඇති බව ය. ඒ සම්බන්ධයෙන් බුදුදහම පාවාදීම යනුවෙන් පොත් පිංචක් පළ කිරීමට මට ඩිදු විය. අපි බොහෝ විට නාග විහාරයෙහි දී රැස් වී කළ යුතු දේ සාකච්ඡා කෙළෙමු. අපට විරුද්ධව තම්බයියා නිවැරදි යැයි කී අය තම මතය තහවුරු කිරීම සඳහා තායිලන්තයෙන් ද ඊනියා බෞද්ධ විදග්ධයන් ඉදිරිපත් කළහ.

    මම සෝභිත හිමියන් මවුබිම සුරැකීමේ ව්‍යාපාරය කාලයේ සිට ම හඳුනමි. උන්වහන්සේ ජාතික ව්‍යාපාරයෙහි කටයුතු කර ඇත්තේ එයටත් පෙර ය. සිංහල බල මණ්ඩලය පිහිටුවීමෙහි ලා පුරෝගාමි වූ මහතා අසූවේ දශකයේ මුල එංගලන්තයේ සිට ඒ වෙනුවෙන් ම ලංකාවට පැමිණ ඇත. ඔහු දැන් නිහඬ ව ලංකාවේ පදිංචි වී සිටියි. මා සිංහල බල මණ්ඩලයට නොබැඳුණේ එකල මා මාක්ස්වාදයෙන් හා බටහිර විද්‍යාවෙන් බිඳී නොතිබීම හේතුකොටගෙන ය. බටහිර විද්‍යාවෙහි දී බටහිර චින්තනයත් දේශපාලනයේ දී සිංහල බෞද්ධ චින්තනයත් අනුව කටයුතු කිරීමට මට නොහැකි විය. එසේ කළ හැක්කේ දෙබිඩ්ඩන්ට ය.

    සිංහල බල මණ්ඩලයවත්, මවුබිම සුරැකීමේ ව්‍යාපාරයවත් සෝභිත හිමියන්ගේ නිර්මාණ නො වීය. උන්වහන්සේ ඒ සංවිධානවල ප්‍රමුඛ කථිකයා පමණක් විය. සියල්ල සංවිධානය කරනු ලැබුයේ වෙනත් අය විසිනි. එහෙත් සාමාන්‍ය ජනතාව සිතුවේ ඒ සියල්ල සෝභිත හිමියන් සංවිධානය කළ බව ය. උන්වහන්සේගේ චතුර කථිකත්වය හේතුකොටගෙන තම්බයියාට මෙන් ම සාමාන්‍ය ජනතාවට ද පෙනී ගියේ උන්වහන්සේ ඒ සංවිධානවල නායකත්වය ඉසිළුෑ බව ය. සෝභිත හාමුදුරුවෝ නායකයෙක් නොවූහ. නායකත්වය උන්වහන්සේට පිටතින් ආරෝපණය කරනු ලැබිණි. පළල් සමාජයට තබා දේශපාලනඥයන්ටවත් ඒ බව අවබෝධ නො වීය. ධර්ම දේශකයකු ලෙස උන්වහන්සේ ලබා තිබූ ප්‍රසිද්ධිය ද මේ ආරෝපිත නායකත්වයට හේතුවක් විය.

    චින්තන පර්ෂදයේ සභාපති ලෙස උන්වහන්සේ අපට කාලය සඟරාව මුද්‍රණය කිරීමෙහි ලා උපකාර කළහ. අප මුල් කාලයේ දී කාලය සඟරාව මුද්‍රණය කෙළේ උන්වහන්සේ සභාපතිත්වය දැරූ අමද්‍යප තරුණ පුහුණු මධ්‍යස්ථානයේ මුද්‍රණාලයේ ය. කිසි දිනෙක (හතර වරක් ආරම්භ කර අත්හරීනු ලැබ අද මෙම වෙබ් අඩවියට පමණක් කාලය සීමා වී ඇත) ලාභ නොලැබ පාඩුවට පවත්වාගෙන ගිය කාලය සඟරාව වෙනුවෙන් චින්තන පර්ෂදය එකි මුද්‍රණාලයට ගෙවිය යුතු මුදල් විශාල ප්‍රමාණයක් අත්හැරවීමට උන්වහන්සේ මැදිහත් වූහ.

    නායකයකු නොවූව ද ජාතික ව්‍යාපාරයේ කැපී පෙනෙන සමාජගත ආරෝපිත නායකයා වූ සෝභිත හාමුදුරුවෝ අනූවේ දශකයේ අග භාගය වන විට ඒ කටයුතුවලින් ඈත් වුහ. අප සමග තිබූ සම්බන්ධතා ඉන්පසු නැති විණි. උන්වහන්සේ දක්‍ෂිණාංශික පාප මිත්‍රයන්ගේ ඇසුරට පත්විය. ඒ මිතුරෝ උන්වහන්සේ ක්‍රමයෙන් වෙනත් අතකට යොමු කළහ. පාප මිතුරෝ එ ජා පක්‍ෂයට හිතවත් වූහ. ඔවුන් සමග උන්වහන්සේ වාම දේශපාලනයක සිට දක්‍ෂිණ කඳවුරට ගමන් කළහ. මෙහි දී අපට පල්ලි නිකාය හා පස්ගව මහණුන් සිහිවෙයි.

    සෝභිත හාමුදුරුවන්ගේ මේ වෙනස ජාතිකවාදියකු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු බවට පත්වීමක් ලෙස අර්ථකථනය කළ නොහැකි ය. එය හුදෙක් ආරෝපිත නායකයකු තවත් භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විසින් දක්‍ෂිණාංශික දේශපාලනය දෙසට තල්ලු කිරීමක් විය. තමන්ගේ ම වූ දැක්මක් නොමැති වූ සෝභිත හාමුදුරුවන් එසේ වෙනස් වීම අපට තේරුම් ගත හැකි විය. උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශකයකු වූ නමුත් ධර්මය පිළිපැද පාප මිත්‍ර සේවනයෙන් මිදීමට තැත් නො කළහ. පාප මිත්‍ර සේවනයේ යෙදෙමින් ම පාප මිත්‍ර සේවනයේ ආදීනව ගැන උන්වහන්සේ දේශනා කළහ. පසු කලෙක ජාතික හෙළ උරුමය බවට පත්වූ දේශපාලනඥයන් ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ තම දේශපාලනය උදෙසා යොදා ගැනීමට සෝභිත හාමුදුරුවන්ගේ ආරෝපිත නායකත්වය පාඩමක් වූයේ දැයි නො දනිමි. ජාතික හෙළ උරුමයේ නායකත්වයේ සිටි භික්‍ෂූන් වහන්සේ ද (රතන හිමියන් හැර) හුදෙක් ආරෝපිත නායකයෝ පමණක් වූහ.

    අපි සෝභිත හාමුදුරුවන් ජාතිකවාදියකු ලෙස වැඩ සිටි කාලයේ සිදුකරන ලද ජාතික සේවාව අමතක නො කරමු. විශේෂයෙන් ම ඉන්දු ලංකා ගිවිසුමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට, පළාත් සභාවලට, දෙමළ බෙදුම්වාදයට එරෙහිව රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය වෙනුවෙන් කරන ලද උද්ඝෝ’ෂණ, විරෝධතා ආදිය පිළිබඳ ව ජාතියේ ප්‍රණාමය උන්වහන්සේට හිමිවෙයි. එහෙත් උන්වහන්සේ අපවත් වූයේ ඇමරිකානු තානාපතිගෙන් සහතික ලත්, දෙමළ ජාතිවාදයේ අතකොළුවක් ලෙසිනි. උන්වහන්සේ ආරෝපිත නායකත්වය දැරූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ද ඉන්දීය හා වෙනත් රටවල ඒජන්තයන් විසින් පිහිටුවන ලද්දකි.

    ඉන්දියාවට, එංගලන්තයට හා ඇමරිකාවට අවභ්‍ය වූයේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැරදවීම, චීනය සමග වූ සම්බන්ධතා අවමයක් කිරීම හා දෙමළ ජාතිවාදයට අවශ්‍ය දේ සැපයීම ය. ඔවුහු ද ඔවුන්ගේ ඒජන්තයෝ ද දෙමළ ජාතිවාදයට කප්පන් දීම ඉදිරියට නොගැනීමට වග බලාගත්හ. ඔවුන් ඊනියා භීෂණයට හා දූෂණයට එරෙහි ව්‍යාපාරයට ප්‍රමුඛත්වය දී දෙමළ ජාතිවාදයට කප්පන් දීම යටගැසූහ. එහි දී ඔවුන්ට හමු වූ බලවත් ම පුද්ගලයා සෝභිත හාමුදුරුවන් විය. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියට කැමති සෝභිත හාමුදුරුවෝ කැරෙල් කරත්තයට කියන්නටත් පෙර ගොඩවූහ. උන්වහන්සේ මහින්ද රාජපක්‍ෂට එරෙහිව මෛත්‍රි රනිල් දුස්සංයෝගයට සහාය දුන්හ.

    මෛත්‍රි රනිල් ආණ්ඩුව ගැන පසුකාලීනව උන්වහන්සේගේ අකමැත්තක් විය. තව කලක් වැඩ සිටියේ නම් ඇතැම් විට උන්වහන්සේ මේ ආණ්ඩුවට විරුද්ධ වීමට ද තිබිණි. වැරදි දේශපාලනයක නිරත වී පසුව එයට අකමැතිවීම මගින් ද පෙන්නුම් කෙරුණේ උන්වහන්සේට දැක්මක් නොවූ බව ය. දැක්මක් ඇති අයකු රනිල් වික්‍රමසිංහ ගැන වැරදි තීරණයකට නොඑළඹෙනු ඇත. උන්වහන්සේට පහරදුන්නේ රනිල්ගේ මාමාගේ ආණ්ඩු කාලයේ දී බවත් එකල රනිල් වික්‍රමසිංහ ද කැබිනට් ඇමතිවරයකු වූ බවත් උන්වහන්සේට අමතක විණි දැයි නො දනිමු. මෙහි දී උන්වහන්සේ පෞද්ගලිකව ඒ සියල්ලට සමාව දුන්නේ යැයි කෙනකුට කිව හැකි ය. එහෙත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය අමතක කළ හැකි ජාතිකවාදියකු නැත. කෙසේ වෙතත් එකල උන්වහන්සේ ජාතිකවාදියකු නොවූ අතර සෑමදාමත් මෙන් ම පැහැදිලි දැක්මක් ඇත්තකු ද නොවූහ.

    අද සිදු වී ඇත්තේ කුමක් ද? සෝභිත හාමුදුරුවන්ට නායකත්වය අරෝපණය කළ විජාතික බලවේග උන්වහ්සේගේ ද කරපිටින් බලයට පත්වී තවමත් දුෂණය හා භිෂණය ගැන කතාකරමින් දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙනු දැකිය හැකි ය. ජෙනීවා යෝජනා මගින් රණවිරුවන්ට දඬුවම් දීමට උත්සාහ කරන්නෝ මිනීමරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡා පවත්වති. දේශපාලන සිරකරුවා හා මිනීමරුවා අතර වෙනස විජාතික බලවේග විසින් අමතක කෙරෙයි. සෝභිත හිමියන් එදා විරුද්ධ වූ දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා පනත මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට එහිමියන්ගේ ද සේවය ලබමින් විජාතික බලවේග විසින් බලයට පත්කෙරුණු ආණ්ඩුව සැරසෙයි. දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය හැකිනම් මුළු ලංකාව ම දෙමළ රාජ්‍යයක් කිරීම ය. මධ්‍යයෙහි දෙමළ නායකත්වයක් ඒ සඳහා අවශ්‍ය වෙයි. දෙමළ වෙල්ලාල නායකයන්ට මධ්‍යයෙහි නායකත්වයට පැමිණීමට නොහැකි බැවින් ඔවුහු වෙන ම රාජ්‍යයක් උදෙසා අරගල කරති. සිංහල ග්‍රාමීය නාම දෙමළ බවට පත්කළ මිනුන්දෝරුවන් අනුගමනය කරමින් උතුරු පළාත් සභාව නාගදීපය නයිනතිවූ යනුවෙන් නම් කළ යුතු යැයි පවසන බව අපවත් වූ සෝභිත හිමියන්ට දන්වන්නේ කෙසේ ද? මහියංගණං නාගදීපන් ගාථාව වෙනස් කිරීමට ඊනියා උගතුන්ගේ බසින් නම් පශ්චාත් සෝභිත හිමි සමයේ සිදු වෙි ද? අපවත් වී වදාළ සෝභිත හාමුදුරුවන්ට ඉක්මණින් ම නිවන් සැප ලැබේවා!

    නලින් ද සිල්වා

    2015 නොවැම්බර් 10
     
    • Like
    Reactions: rm1980

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    "නලින් ද සිල්වා" ඔය කියන දේවල් කියන්න මෙච්චරම කල් ගිය එක තමයි දුක...
    පාලු ගෙයී වලන් බිදිනවා කියන්නේ මම හිතන්නේ මේකට..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංහල ග්‍රාමීය නාම දෙමළ බවට පත්කළ මිනුන්දෝරුවන් අනුගමනය කරමින් උතුරු පළාත් සභාව නාගදීපය නයිනතිවූ යනුවෙන් නම් කළ යුතු යැයි පවසන බව අපවත් වූ සෝභිත හිමියන්ට දන්වන්නේ කෙසේ ද? මහියංගණං නාගදීපන් ගාථාව වෙනස් කිරීමට ඊනියා උගතුන්ගේ බසින් නම් පශ්චාත් සෝභිත හිමි සමයේ සිදු වෙි ද?

    ඔය බුදු බණ නෙමෙයිනෙ. ඉතින් ගාථාව වෙනස් කරල කියපන්කො. :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ හාමුදුරුවන්ට අපහාස කරන අවජාතක බල්ලන්ගේ පවුල් පිටින් හැදිගෑවිල අකුලොලම පල.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,126
    2,520
    113
    Redhat lab - Aukland
    අපවත් වු සෝභිත හිමි හෙට පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ පූර්ණ රාජ්ය ගෞරව යටතේ අදාහනය කරන්න සියල්ල සුදානම්.. මා මුලින්ම උන් වහන්සේට අමා මහ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා.. උන් වහන්සේගේ අපවත් වීමත් විවාදයකට තුඩු දුන් කාරණයක් වු බව අමුතු කාරණාවක් නෙවේ... මේ ඒ සම්බන්දව මාගේම අදහසක් , මතයක් පමණි. මෙම සටහනෙන් උන් වහන්සේට කිසිදු ආකාරයට විවේචනක් හෝ අපහාසයක් කිරීමට මා අදහස් නොකරමි. නමුත් මෙම හිමියන්ගේ අපවත් වීමත් දේශපාලුවන් විසින් තවත් එක්තරා කැම්පේන් එකක් බවට පත් කරගෙන ඇති බව නම් නොරහසකි.. හොඳම නිදසුන මා දිනපතා යන එන මාර්ගයක් වන පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ සිට රාජගිරිය දක්වා ප්‍රධාන මාර්ගයේ පහන් කණු වල මැනවින් ප්‍රදර්ශනය වේ.. ඒ පසුගිය මැතිවරණයේ කරළියට පැමිණි රාජිත සේනරත්න ගේ පුත් චතුර සේනාරත්න විසින් හිමියන්ගේ නමටත් වඩා විශාලත්වයෙන් හා පැහැදිලිව ඔහුගේ නම හා ඔහුගේ පක්ශයේ නම යොදාගෙන සිදු කර ඇති ශෝක ප්‍රකාශය සහිත ඩිජිටල් බැනර් තොගයෙනි. හිමියන්ගේ අපවත් වීම අලෙවි කරන එකම පුද්ගලයා ඔහු පමණක් නොවන අතර හිමියන්ගේම අන්තිම කැමැත්ත පවා අමු අමුවේ විනාශ කරමින් හෙට දිනයේ පවත්වන ආදාහන කටයුත්ත උන් වහන්සේ විසින් සිදු කලා වු ශාසනික මෙහෙවරට කරන උපහාරයකට වඩා දේශපාලනික මෙහෙවරට උපහාරක් ලෙස හෝ කළගුණ සැලකීමක් ලෙස සිදුවන බව ඉතා පරිස්සමින් බලන ඕනෑම අයෙකුට පෙනෙන්නට තිබෙන කරුණකි. ලෙඩ ඇඳේ සිටි උන් වහන්සේට ආශිර්වාද කිරීම අමතක වු පුද්ගලයන්ට මේ ආදහනය තවත් උත්සවක් කරගනිමින් ප්‍රසිද්ධියට පත් වීමට දත කන්නේ ඇයි..??? උන් වහන්සේ තමාගේ අන්තිම කැමැත්තෙන් ප්‍රතික්ශේප කලෙත් මෙවැනි විකාර උත්සවයන් නොවේද...??? උන් වහන්සේ ජීවතුන් අතර සිටින්නන්ගෙන් බලාපොරොත්තු වු චාම් එක්දින අවසන් කටයුතු වලට කරන උපහාරයද මේ..??? උන්වහන්සේගෙ ආත්මයටවත් සැනසීමක් ලැබේවිද..??? සංවාදයට විවෘතයි...
     
    • Like
    Reactions: sithija.h

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,126
    2,520
    113
    Redhat lab - Aukland
    12208695_10153772106206934_7190815948111193774_n.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "නලින් ද සිල්වා" ඔය කියන දේවල් කියන්න මෙච්චරම කල් ගිය එක තමයි දුක...
    පාලු ගෙයී වලන් බිදිනවා කියන්නේ මම හිතන්නේ මේකට..

    උයාගෙ දන්නා බව දෝරේ ගලනවා... බලාගෙන..:lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය බුදු බණ නෙමෙයිනෙ. ඉතින් ගාථාව වෙනස් කරල කියපන්කො. :P

    තව ගොඩාක් ඒවා වෙනස් කරලා කියන්න තමයි ඉන්නේ ඉස්සරහට...:yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ හාමුදුරුවන්ට අපහාස කරන අවජාතක බල්ලන්ගේ පවුල් පිටින් හැදිගෑවිල අකුලොලම පල.

    රිදුනද? :D
    උන්වහන්සේගේ අන්තිම කැමැත්ත බල්ලට දාපු කාලකන්නින් ට ඔහොම කිව්වොත් නරකද, පෙන්දට චන්දෙ දීල දැන් වමාරගන්න බැරුව ඉන්න උන්? අඩුම තරමේ සෝභිත හාමුදුරුවෝ අපවත් වෙන්න කලින් තමන් කරපු වැරැද්ද අවබෝධ කරගෙන ඒ ගැන කම්පා උනා.. මේ කාලකක්කින්ට එහෙම වත් අවබෝධයක් නැති එක ගැන ඉතින් මොනවා කරන්නද...:no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපවත් වු සෝභිත හිමි හෙට පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ පූර්ණ රාජ්ය ගෞරව යටතේ අදාහනය කරන්න සියල්ල සුදානම්.. මා මුලින්ම උන් වහන්සේට අමා මහ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා.. උන් වහන්සේගේ අපවත් වීමත් විවාදයකට තුඩු දුන් කාරණයක් වු බව අමුතු කාරණාවක් නෙවේ... මේ ඒ සම්බන්දව මාගේම අදහසක් , මතයක් පමණි. මෙම සටහනෙන් උන් වහන්සේට කිසිදු ආකාරයට විවේචනක් හෝ අපහාසයක් කිරීමට මා අදහස් නොකරමි. නමුත් මෙම හිමියන්ගේ අපවත් වීමත් දේශපාලුවන් විසින් තවත් එක්තරා කැම්පේන් එකක් බවට පත් කරගෙන ඇති බව නම් නොරහසකි.. හොඳම නිදසුන මා දිනපතා යන එන මාර්ගයක් වන පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ සිට රාජගිරිය දක්වා ප්‍රධාන මාර්ගයේ පහන් කණු වල මැනවින් ප්‍රදර්ශනය වේ.. ඒ පසුගිය මැතිවරණයේ කරළියට පැමිණි රාජිත සේනරත්න ගේ පුත් චතුර සේනාරත්න විසින් හිමියන්ගේ නමටත් වඩා විශාලත්වයෙන් හා පැහැදිලිව ඔහුගේ නම හා ඔහුගේ පක්ශයේ නම යොදාගෙන සිදු කර ඇති ශෝක ප්‍රකාශය සහිත ඩිජිටල් බැනර් තොගයෙනි. හිමියන්ගේ අපවත් වීම අලෙවි කරන එකම පුද්ගලයා ඔහු පමණක් නොවන අතර හිමියන්ගේම අන්තිම කැමැත්ත පවා අමු අමුවේ විනාශ කරමින් හෙට දිනයේ පවත්වන ආදාහන කටයුත්ත උන් වහන්සේ විසින් සිදු කලා වු ශාසනික මෙහෙවරට කරන උපහාරයකට වඩා දේශපාලනික මෙහෙවරට උපහාරක් ලෙස හෝ කළගුණ සැලකීමක් ලෙස සිදුවන බව ඉතා පරිස්සමින් බලන ඕනෑම අයෙකුට පෙනෙන්නට තිබෙන කරුණකි. ලෙඩ ඇඳේ සිටි උන් වහන්සේට ආශිර්වාද කිරීම අමතක වු පුද්ගලයන්ට මේ ආදහනය තවත් උත්සවක් කරගනිමින් ප්‍රසිද්ධියට පත් වීමට දත කන්නේ ඇයි..??? උන් වහන්සේ තමාගේ අන්තිම කැමැත්තෙන් ප්‍රතික්ශේප කලෙත් මෙවැනි විකාර උත්සවයන් නොවේද...??? උන් වහන්සේ ජීවතුන් අතර සිටින්නන්ගෙන් බලාපොරොත්තු වු චාම් එක්දින අවසන් කටයුතු වලට කරන උපහාරයද මේ..??? උන්වහන්සේගෙ ආත්මයටවත් සැනසීමක් ලැබේවිද..??? සංවාදයට විවෘතයි...

    agreed..:yes:
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423

    සෝම හාමුදුරුවො අපවත්(කල)උන වෙලේ හිටියෙත් අඩු වැඩි වසයෙන් මේ නඩේම තමයි නේ... එදා "එයා කවුද තව එක හාමුදුරු කෙනෙක් විතරයි" කිව්ව අයත් මේ වැලපෙන හැටි දෑක්කම වෙනසක් පේනව.

    උන්නාන්සෙට වැරදුන බව පහු වෙලා හරි තේරුම් ගත්තා කියලවත් හිතමුකො...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නලිය මෝඩයෙක් කියල මම කලිනුත් කියල තියෙනව. මේ තියෙන්නෙ 2014 මිනින්දොරු දෙපාර්තමෙන්තුවෙ සිතියමක්. පෙන්නපන් නාගදීපයක්! :P:P:P

    2pyvl2d.png
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නලිය මෝඩයෙක් කියල මම කලිනුත් කියල තියෙනව. මේ තියෙන්නෙ 2014 මිනින්දොරු දෙපාර්තමෙන්තුවෙ සිතියමක්. පෙන්නපන් නාගදීපයක්! :P:P:P

    2pyvl2d.png

    ammata ... 2014 mahindage kale rata pawala deepa api danneth nae :angry: