අවසර ගන්නෙ කොහෙන්ද?

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    අවසර ගන්නෙ කොහෙන්ද?

    වතුර නැති නිසා අත ඇරල දාපු කුඹුරකින් පාරක් හදාගන්න අවසර ගන්න යන්න ඕන ස්ථානයක් ගැන විස්තරයක් දෙන්නකො මචංලා. කරන විදියත් එක්කම කොටන් යන්න මචංලා. :sorry:
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කුඹුර අයිති කාටද ? මම දන්න විදිය්ට නම් කුඹුරු ඉඩම් ගොඩකරන්න අවසර දෙන්නේ.නෑ ගොඩ කරන්න තහනම්.ගොවිජන සේවා එකට ගිහින් බලන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුඹුරුවලටනම් එහෙම අවසර දෙන්නෙ නෑ ලේසියෙන් මං හිතන්නෙ. කොයි එකටත් ගොවිජන සේවා එකට හා නගර සභාවට ගිහින් විස්තර අහල බලන්න.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,605
    113
    shep eke tika tika gal,pas,wage dewal dala goda karapan.awruddak wage yanakota nikamma goda wela
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    වතුර නැති නිසා අත ඇරල දාපු කුඹුරකින් පාරක් හදාගන්න අවසර ගන්න යන්න ඕන ස්ථානයක් ගැන විස්තරයක් දෙන්නකො මචංලා. කරන විදියත් එක්කම කොටන් යන්න මචංලා. :sorry:

    දැනට මාස 2 - 3 කට කලින් අලුත් චක්‍රලේඛයක් (අංක 07/2018) ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තියෙනවා. මම පුළුවන් තරමින් ක්‍රමය පැහැදිලි කරන්නම්.

    ඉස්සරවෙලාම ඔබගේ ග්‍රාම නිලධාරි වසමට ඉන්න කෘපනිස මහත්තයා හෝ නෝනා හමුවන්න. ගිහින් දැන ගන්න ඔබගේ කුඹුර දැනට මොන වර්ගීකරණය යටතට වැටෙනවාද කියා. (මෙම වර්ගීකරණය කරනු ලබන්නේද ඔහු විසින් හෝ ඇය විසින් බැවින් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව ඔවුන් දැන ගත යුතුය. එලෙස සිදු කර ඇත්තේ 2015/2017 කෘෂිකාර්මික ඉඩම් (කුඹුරු) ලේඛණ ප්‍රතිශෝධන වැඩසටහන යටතේය. ඒ අනුව හඳුනා ගත් පුරන් කුඹුරු සඳහා පමණක් මෙලෙස ගොඩ කිරීමට අවසර දෙනු ලැබේ).කෘපනිස ඒ පිළිබඳව නොදන්නවා යයි කියන්නේ නම් ඔබ ප්‍රදේශයට අදාළ ගොවිජන සේවා කාර්යාලට ගොස් විමසීමක් කරන්න.

    ඔබගේ කුඹුර A වර්ගීකරණය යටතට වැටෙන්නේ නම් ඔබට කිසිසේත්ම ගොඩ කිරීමට අවසර දෙනු නොලැබේ. B වර්ගයට වැටෙන්නේ නම් ඔබගේ අවශ්‍යතාවය පිළිබඳව පිළිගත හැකි කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගොවි ජන කොමසාරිස් ජනරාල් තුමාගේ අවසරය ලබාගෙන ගොඩ කිරීම සිදු කල යුතුය. C වර්ගයට වැටෙන ඉඩම් කොටස් (උපරිම පර්චස් 10 දක්වා) ඔබගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය නිලධාරි (DO) මහතාගේ නිර්දේශය මත කොමසාරිස් ජනරාල්තුමාගේ අවසරය ලබා ගත යුතු වන්නේය.

    මේ සඳහා ඔබ ප්‍රදේශයේ ගොවිජනසේවා කාර්යාලයට ගොස් රුපියල් 500 ක් ගෙවා DAD/PLF/1 පෝරමය ලබා ගෙන එය සම්පූර්ණ කර අදාළ ලියකියවිලිද ( ඔප්පු, පිඹුරු, ගොවි සංවිධාන නිර්දේශ යනාදිය) ග්‍රාම නිලධාරි තුමාගේ නිර්දේශයද ඇතුව ප්‍රාදේශීය නිලධාරි තුමාට භාර දිය යුතුය. ඉන් අනතුරුව තවත් බොහෝ පියවරයන් එම නිලධාරින් විසින් ගත යුතුව ඇත්තේය.

    දැනටමත් මෙම චක්‍ර ලේඛය නිකුත් කර ටික කලක් ගතවී ඇති හෙයින් එය අවලංගුවීමට පෙර හැකි ඉක්මනින් ක්‍රියාත්මක වන්න. දන්නවනේ ලංකාවේ හැටි.
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    shep eke tika tika gal,pas,wage dewal dala goda karapan.awruddak wage yanakota nikamma goda wela

    මෙයද එක්තරා ක්‍රමයකි. කෘපනිස නිලධාරියාගේ උදව්ව තිබේ නම් සහ අවට පෙත්සම්කරුවන් නොසිටී නම් මෙම ක්‍රමය උත්සාහ කර බලන්න.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,605
    113
    මෙයද එක්තරා ක්‍රමයකි. කෘපනිස නිලධාරියාගේ උදව්ව තිබේ නම් සහ අවට පෙත්සම්කරුවන් නොසිටී නම් මෙම ක්‍රමය උත්සාහ කර බලන්න.

    eka ekata kiyala karanna giyama epa wenawa ban,api 1k goda kala dan gekuth hadanawa shep eke karanna ona.eka parama pas daanna honda neha,kola athu,gadol keli,li kudu,gal, anam manam mulin daanna ona,passe pas danne
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    කුඹුර අයිති කාටද ? මම දන්න විදිය්ට නම් කුඹුරු ඉඩම් ගොඩකරන්න අවසර දෙන්නේ.නෑ ගොඩ කරන්න තහනම්.ගොවිජන සේවා එකට ගිහින් බලන්න
    අයිතිකරුවො දෙන්න කැමතියි.

    කුඹුරුවලටනම් එහෙම අවසර දෙන්නෙ නෑ ලේසියෙන් මං හිතන්නෙ. කොයි එකටත් ගොවිජන සේවා එකට හා නගර සභාවට ගිහින් විස්තර අහල බලන්න.
    ස්තූතියි මචං..
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    දැනට මාස 2 - 3 කට කලින් අලුත් චක්‍රලේඛයක් (අංක 07/2018) ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තියෙනවා. මම පුළුවන් තරමින් ක්‍රමය පැහැදිලි කරන්නම්.

    ඉස්සරවෙලාම ඔබගේ ග්‍රාම නිලධාරි වසමට ඉන්න කෘපනිස මහත්තයා හෝ නෝනා හමුවන්න. ගිහින් දැන ගන්න ඔබගේ කුඹුර දැනට මොන වර්ගීකරණය යටතට වැටෙනවාද කියා. (මෙම වර්ගීකරණය කරනු ලබන්නේද ඔහු විසින් හෝ ඇය විසින් බැවින් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව ඔවුන් දැන ගත යුතුය. එලෙස සිදු කර ඇත්තේ 2015/2017 කෘෂිකාර්මික ඉඩම් (කුඹුරු) ලේඛණ ප්‍රතිශෝධන වැඩසටහන යටතේය. ඒ අනුව හඳුනා ගත් පුරන් කුඹුරු සඳහා පමණක් මෙලෙස ගොඩ කිරීමට අවසර දෙනු ලැබේ).කෘපනිස ඒ පිළිබඳව නොදන්නවා යයි කියන්නේ නම් ඔබ ප්‍රදේශයට අදාළ ගොවිජන සේවා කාර්යාලට ගොස් විමසීමක් කරන්න.

    ඔබගේ කුඹුර A වර්ගීකරණය යටතට වැටෙන්නේ නම් ඔබට කිසිසේත්ම ගොඩ කිරීමට අවසර දෙනු නොලැබේ. B වර්ගයට වැටෙන්නේ නම් ඔබගේ අවශ්‍යතාවය පිළිබඳව පිළිගත හැකි කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගොවි ජන කොමසාරිස් ජනරාල් තුමාගේ අවසරය ලබාගෙන ගොඩ කිරීම සිදු කල යුතුය. C වර්ගයට වැටෙන ඉඩම් කොටස් (උපරිම පර්චස් 10 දක්වා) ඔබගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය නිලධාරි (DO) මහතාගේ නිර්දේශය මත කොමසාරිස් ජනරාල්තුමාගේ අවසරය ලබා ගත යුතු වන්නේය.

    මේ සඳහා ඔබ ප්‍රදේශයේ ගොවිජනසේවා කාර්යාලයට ගොස් රුපියල් 500 ක් ගෙවා DAD/PLF/1 පෝරමය ලබා ගෙන එය සම්පූර්ණ කර අදාළ ලියකියවිලිද ( ඔප්පු, පිඹුරු, ගොවි සංවිධාන නිර්දේශ යනාදිය) ග්‍රාම නිලධාරි තුමාගේ නිර්දේශයද ඇතුව ප්‍රාදේශීය නිලධාරි තුමාට භාර දිය යුතුය. ඉන් අනතුරුව තවත් බොහෝ පියවරයන් එම නිලධාරින් විසින් ගත යුතුව ඇත්තේය.

    දැනටමත් මෙම චක්‍ර ලේඛය නිකුත් කර ටික කලක් ගතවී ඇති හෙයින් එය අවලංගුවීමට පෙර හැකි ඉක්මනින් ක්‍රියාත්මක වන්න. දන්නවනේ ලංකාවේ හැටි.

    අනේ ලොකු උදවිවක් මේ පැහැදිලි කිරීම.:yes:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    shep eke tika tika gal,pas,wage dewal dala goda karapan.awruddak wage yanakota nikamma goda wela
    Illegal ne bang. Passe aai pawara gaththoth.

    මෙයද එක්තරා ක්‍රමයකි. කෘපනිස නිලධාරියාගේ උදව්ව තිබේ නම් සහ අවට පෙත්සම්කරුවන් නොසිටී නම් මෙම ක්‍රමය උත්සාහ කර බලන්න.
    Uthsaha keranna amarui bang. Case danawa sure.

    eka ekata kiyala karanna giyama epa wenawa ban,api 1k goda kala dan gekuth hadanawa shep eke karanna ona.eka parama pas daanna honda neha,kola athu,gadol keli,li kudu,gal, anam manam mulin daanna ona,passe pas danne

    Legal keranna ona bang kerena magulak. Passe kachal
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,470
    25,742
    113
    කුඹුරුවලටනම් එහෙම අවසර දෙන්නෙ නෑ ලේසියෙන් මං හිතන්නෙ. ඒත් කුඹුරු ගොඩ කරලා තට්ටු බිල්ඩින් හදන එකනම් නවතින්නේ නෑ....මොනවා වුනත් ක්‍රමයක් ඇති...ප්‍රාදේෂීය ශබා ගොට්ටෙක් අල්ලගෙන අහගන්න....