වතුර නැති නිසා අත ඇරල දාපු කුඹුරකින් පාරක් හදාගන්න අවසර ගන්න යන්න ඕන ස්ථානයක් ගැන විස්තරයක් දෙන්නකො මචංලා. කරන විදියත් එක්කම කොටන් යන්න මචංලා. 
දැනට මාස 2 - 3 කට කලින් අලුත් චක්‍රලේඛයක් (අංක 07/2018) ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තියෙනවා. මම පුළුවන් තරමින් ක්‍රමය පැහැදිලි කරන්නම්.
ඉස්සරවෙලාම ඔබගේ ග්‍රාම නිලධාරි වසමට ඉන්න කෘපනිස මහත්තයා හෝ නෝනා හමුවන්න. ගිහින් දැන ගන්න ඔබගේ කුඹුර දැනට මොන වර්ගීකරණය යටතට වැටෙනවාද කියා. (මෙම වර්ගීකරණය කරනු ලබන්නේද ඔහු විසින් හෝ ඇය විසින් බැවින් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව ඔවුන් දැන ගත යුතුය. එලෙස සිදු කර ඇත්තේ 2015/2017 කෘෂිකාර්මික ඉඩම් (කුඹුරු) ලේඛණ ප්‍රතිශෝධන වැඩසටහන යටතේය. ඒ අනුව හඳුනා ගත් පුරන් කුඹුරු සඳහා පමණක් මෙලෙස ගොඩ කිරීමට අවසර දෙනු ලැබේ).කෘපනිස ඒ පිළිබඳව නොදන්නවා යයි කියන්නේ නම් ඔබ ප්‍රදේශයට අදාළ ගොවිජන සේවා කාර්යාලට ගොස් විමසීමක් කරන්න.
ඔබගේ කුඹුර A වර්ගීකරණය යටතට වැටෙන්නේ නම් ඔබට කිසිසේත්ම ගොඩ කිරීමට අවසර දෙනු නොලැබේ. B වර්ගයට වැටෙන්නේ නම් ඔබගේ අවශ්‍යතාවය පිළිබඳව පිළිගත හැකි කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගොවි ජන කොමසාරිස් ජනරාල් තුමාගේ අවසරය ලබාගෙන ගොඩ කිරීම සිදු කල යුතුය. C වර්ගයට වැටෙන ඉඩම් කොටස් (උපරිම පර්චස් 10 දක්වා) ඔබගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය නිලධාරි (DO) මහතාගේ නිර්දේශය මත කොමසාරිස් ජනරාල්තුමාගේ අවසරය ලබා ගත යුතු වන්නේය.
මේ සඳහා ඔබ ප්‍රදේශයේ ගොවිජනසේවා කාර්යාලයට ගොස් රුපියල් 500 ක් ගෙවා DAD/PLF/1 පෝරමය ලබා ගෙන එය සම්පූර්ණ කර අදාළ ලියකියවිලිද ( ඔප්පු, පිඹුරු, ගොවි සංවිධාන නිර්දේශ යනාදිය) ග්‍රාම නිලධාරි තුමාගේ නිර්දේශයද ඇතුව ප්‍රාදේශීය නිලධාරි තුමාට භාර දිය යුතුය. ඉන් අනතුරුව තවත් බොහෝ පියවරයන් එම නිලධාරින් විසින් ගත යුතුව ඇත්තේය.
දැනටමත් මෙම චක්‍ර ලේඛය නිකුත් කර ටික කලක් ගතවී ඇති හෙයින් එය අවලංගුවීමට පෙර හැකි ඉක්මනින් ක්‍රියාත්මක වන්න. දන්නවනේ ලංකාවේ හැටි.