අවසානයේ අජන්ත මෙන්ඩිස් විවාහ වූයේය...

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    අජන්ත මෙන්ඩිස් විවාහ වූයේය...

    වෙලදපොලේ විකිනීමට තිබෙන විවිධ භාන්ඩ අතරින් වඩාත්ම උචිත භාන්ඩය තමන්ට හමුවූ බව සිත්වුනු කල්හි,එම භාන්ඩයේ හුවමාරු වටිනාකමෙහි සීමාව කෙරෙහි සවිඥානික වෙමින්,මිනිසුන් එකිනෙකා සමග ආදරයෙන් වෙලෙති
    - ‍එරික් ෆ්‍රොම්


    වහලෙකු සමග ආලයක පැටලීම පැරනි රෝම සමාජවල ප්‍රභූ ස්ත්‍රියක් අරභයා තහනම් කටයුත්තක්ව පැවතුනි.යම් හෙයකින් වහල් හිමියාගේ විරෝධතාවය මධ්‍යයේ තෙවරක් වහලෙකු සමග සංසර්ගයේ යෙදී යම් නිදහස් කාන්තාවක හසුවුවහොත් අදාල ස්ත්‍රිය වහා වහල්භාවයට පැමිනවීමේ බලය එම වහල් හිමියා සතු වූයේය.පුරාන රෝම සමාජය සතුන් සමග කෙරෙන සටන්වල සටන් ශිල්පීන්(Gladiators) ලෙස බොහෝ විට වහලුන් යෙදවීමට පුරුදුව සිටියේය.හැඩි දැඩි පුරුෂයන් වූ මෙම ග්ලැඩියේටර්වරු සුකුමාල වහල් හිමි පංතියේ රෝම කාන්තාවන්ගේ ආකර්ශනය නිතැතින්ම හිමිකරගත්හ.කෙතරම් ආකර්ශනීය වුවද ඔවුහු වහලුන් වූ බැවින් එම ප්‍රභූ ස්ත්‍රීන් හා ඔවුන් අතර ගොඩනැගුනේ අනාචාරී සබදතාය.spartucus-Blood and sand නම් රූපවාහිනී වෘතාන්තය නරඹා තිබෙන අයෙකුහට ප්‍රභූ ස්ත්‍රීන් හා වහල් පුරුෂයන් අතර ඇතිවන මෙබදු අනාචාරී සබදතා නිතැතින්ම සිහියට නැංවෙනු ඇත.

    ලිංගික ආදරය වනාහි ජීව විද්‍යාත්මක ප්‍රපංචයකි.පුරුෂයෙකු ස්ත්‍රියක් වෙත ආකර්ශනය වීමෙහි පදනම ජෛව විද්‍යාවේ විෂය පථයට අයත්ය.නමුත් එම ස්වභාවික වූ ජීව විද්‍යාත්මක ප්‍රපංචය සමාජ සම්බන්ධතාවයන්ගේ ප්‍රිස්මය තුලට පැමිනි කල්හි අනේක විධ රූපාකාරයන් අනුව හැඩගැසේ.ප්‍රභූ කාන්තාව හා වහල් පුරුෂයා යන කේවල පුද්ගලයන් (Individuals)ඉදිරියේ තිබෙන "ප්‍රභූ" හා "වහල්" යන විශේෂන පද ඉවත්කල විට ඒ වනාහි මූලික වශයෙන් ස්වභාවික ගැහැනියක හා පුරුෂයෙකි. ගැහැනියක සහ පුරුෂයෙකු අතර හටගන්නා ස්වභාවික වූද පිරිසිදු වූද ආකර්ශනය පංති වලට බෙදුනු පැරනි රෝම සමාජය තුල විකෘති හා අනාචාරී සබදතාවයක් බවට පත්වූ ආකාරය ජීව විද්‍යාව තුල පිරිසිදු,පැහැදිලි විෂය වස්තුවක් වන ලිංගික ආදරය සමාජමය සන්දර්භයක් තුලට එන විට සංකීර්න හා වෙනස් හැඩයක් ගන්නා ආකාරයට නිදසුනක් වන්නේය.

    2011 ජනවාරි 07 වනදා අජන්ත මෙන්ඩිස් නම් අදුරු සමැති ශ්‍රී ලාංකික තරුනයා යෝශිනි ද සිල්වා නම් විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාව හා විවාපත් වූයේය.මොරටුවෙහි සාමාන්‍ය පවුලක උපත ලද අජන්ත මෙන්ඩිස් ඔහුගේ සමකාලීන පාසල් සගයන්ට වඩා බෙහෙවින් වාසනාවන්ත වූයේ සමාජ පිරමීඩයේ ඉහල තට්ටු වෙත ගමන් කිරීමේ දුලබ අවස්ථාව ලද හෙයිනි.ක්‍රිකට් පන්දුව අසාමාන්‍ය ශෛලියකින් මුදාහැරීමේ හැකියාව මෙන්ඩිස් වෙත වාසනාව කැදවූ කාන්දම වූයේය.තරග කිහිපයකදී කැපී පෙනෙන දස්කම් දැක්වීමත් සමග මෙම තරුනයා එක් වරෙම සුපිරි තාරකාවක් බවට රූපාන්තරනය වූයේය.බහුජාතික සමාගම් වල වෙලද දැන්වීම් වල සිනහ වීමටත්,එවැනි සමාගම් වල සන්නාම ප්‍රවර්ධකයෙකු ලෙස ක්‍රියාකිරීමටත් හේ අවස්ථාව ලද්දේය.ක්‍රිකට් ක්‍රීඩාව සමග එකට තැබූ විට,මේවා වූ කලී ධනය උනන උල්පත් වෙති.

    ආතර් සී ක්ලාක් විසින් රචිත 2001 නම් විද්‍යා ප්‍රබන්ධයේ මුල් කොටසේ පිටසක්වලින් පෘථිවියට සිලින්ඩරාකාර වස්තුවක් පැමිනීමක් පිලිබද පරිච්ඡේදයක් තිබේ.මෙම සිලින්ඩරාකාර පිටසක්වල වස්තුව ආදිකල්පික මිනිස් වානරයන් සමුහයක් පරීක්ෂනයකට භාජනය කරන අවස්ථාවක් පිලිබද විස්තරයක් එහිඑයි.එහිදී මිනිස් වානරයන් සමූහයක් අතුරින් හදයා නම් නිශ්චිත වානරයාව තෝරා ගන්නා සිලින්ඩරය හදයාට යම් යම් අභ්‍යාසයන් හා චලනයන් පුරුදු කරවයි.සෙසු වානරයෝ හදයා දෙස බලමින් හදයා අනුකරනය කිරීමට,එනම් හදයා ආදර්ශයට ගැනීමට වෙහෙස වෙති.
    අජන්ත මෙන්ඩිස් යනු ධනේශ්වර සමාජය තුල තෝරාගැනීමේ දුර්ලභ වරප්‍රසාදය ලත් හදයෙකි.අපේක්ෂා විරහිතව නන්නත්තාර ජීවත ගත කරන දහස් ගනන් වෙරලබඩ වාසී තරුනයන්ට යහපත් ජීවිතයක් පිලිබද සහතිකයක් දීමට අසමත් සමාජ ක්‍රමය ඒ වෙනුවට එම දහස් ගනන අතුරින් එක් වරප්‍රසාද ලද්දෙකු තෝරාගෙන ඔහුව සුපිරි තරුවක තත්වයට ඔසවා තබයි.එවැනි විටෙක නන්නත්තාර ජීවිත ගත කරන සෙසු පීඩිතයන් කල්පනා කරන්නේ ක්‍රමය තුල තමන්ට අහිමිව තිබෙන ජීවිතය ගැන නොව අර තෝරාගනු ලැබූ වාසනාවන්තයා වෙත ක්‍රමය විසින් හිමිකරන ලද සුපිරි ජීවිතය ගැනය.ඉක්බිති ඔවුහු ස්වකීය පීඩනය (යථාර්තය) ගැන නොසිතා තෝරාගනු ලැබූ වාසනාවන්තයා "වගේ කෙනෙක් වීම" (සිහිනය) වෙනුවෙන් ජීවත් වීමට අසාර්ථක ලෙස උත්සාහ ගනිති.හදයා වගේ වීමට හදයා අනුකරනය කල ආදිකල්පික මිනිස් වානරයන් මෙන්,වාසනාවන්තයා "වගේ වීම" සදහා ඔවුහු සුපර් ස්ටාර් තරග වලට යති.රූ රැජින වීමට වලිකති.පරිභෝජනය කිරීම සදහා මේ ආකාරයට සුපිරි තරු පිලිබද සිහින නොනවත්වා නිෂ්පාදනය කර දීම මගින් ස්වකීය අකාර්යක්ෂමතාවය කෙරෙහි එල්ල විය හැකි විරෝධය ක්‍රමය විසින් ඉතා දක්ෂ ලෙස කලමනාකරනය කරගනු ලැබේ.

    අජන්ත මෙන්ඩිස් යනු එසේ නිර්මානය කරන ලද තාරකාවකි.ධනයෙන් ආඩ්‍යව අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මෙම අදුරුවන් තරුනයා පවතින ධනේශ්වර යථාර්තය තුල උත්සාහය තිබේ නම් ඕනෑම කෙනෙකුට පොරක් විය හැකි යන මිථ්‍යාව සමාජගත කරන අයිකනයක් ලෙස භාවිත වෙමින් තිබේ.

    කොලඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන යෝශිනී ද සිල්වා සුපිරි ගනයේ පොලිස් ප්‍රධානියෙකුගේ දියනියකි.යම් හෙයකින් අජන්ත මෙන්ඩිස් අජන්ත මෙන්ඩිස් නම් ධනවත් ක්‍රිකට් ක්‍රීඩකයා නොවී,ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය බොහෝ සමකාලීන සගයන් මෙන්,තවත් එක් වැල්ලේ කොල්ලෙකු පමනක් ලෙස කෙලවර වී නම් යෝශිනි ද සිල්වා ආදරය කරනු තබා අවම වශයෙන් අජන්ත මෙන්ඩිස් දෙස උනන්දුවෙන් බැලීමට තරම්වත් කරදර වනු ඇද්ද?අජන්ත මෙන්ඩිස්ගේ "සතුටුදායක" විවාහය අප ජීවත්වන සමාජය පිලිබද කනගාටුදායක හරස්කඩක් වන්නේ මේ අර්ථයෙනි.සැබෑව නම් මෙවැනි විවාහයකදී අධිනිශ්චයව තිබෙනුයේ අජන්ත මෙන්ඩිස් නම් පුද්ගලයා නොව අජන්ත මෙන්ඩිස් නම් ක්‍රිකට් ක්‍රීඩකයා වීමයි.වඩාත් ගැඹුරට ගියහොත් මෙවැනි සබදතාවයක තීරනාත්මක සාධකය වනුයේ ක්‍රිකට් ක්‍රීඩකයා නම් භූමිකාව සමග වෙලී තිබෙන සමාජ තත්වය,ධනය හා සංකේතීය බලයයි.මේ අනුව අපට ජේසුස් ක්‍රිස්තුස්ගේ කන්ද උඩ දේශනාව පහත පරිදි සංශෝධනය කල හැක.

    වත්කමින් දිලිදු නොවන්නෝ භාග්‍යවන්තයෝය.මන්ද යත් ඔවුහු රූමත් ගැහැනුන් ලැබීමට සුදුස්සන් වන හෙයිනි.

    සැබැවින්ම අප ජීවත්වන සමාජය තුල ලිංගික ආදරයේ හැඩය තීරනය කෙරෙනුයේ හුදෙක් ස්වභාවික ලිංගික ආකර්ශනය විසින් නොවේ.ධනේශ්වර යථාර්තයක් තුල සමාජයේ පාංතික ස්ථාවරත්වය,වත්කම හා ආර්ථික හැකියාව යන කරුනු විසින් ආදරය යනු කුමක්දැයි අර්ථනිරූපනය කරනු ලබන්නේය.ලිංගික ආලය නම් ස්වභාවික ප්‍රපංචය රෝම වහල් සමාජ තුල විකෘතියක් හා විභ්‍රමයක් බවට පත්වූයේ යම් සේද,එය නූතන ධනවාදී සමාජ වල ,වෙනත් ආකාරයකින් වුවද, නැවතත් විකෘතියක් ලෙස විරූපී ආකාරයකින් ප්‍රකාශයට පත්ව තිබේ.


    උපුටා ගැනීම - රාමචන්ද්‍රගේ අඩවිය බ්ලොග් එක

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: gms1 and Hayao

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    sira kathawa ban ekama eka kollai ape team eke sirawata love karala bandapu ekama kollai inne e tissara perera penala giya scean ekak thamai tiyenne eta passei pora national team awe anith un okkoma oya oya wage thamai
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව් කියන්න බැහැ... එතකොට පොර ආයේත් නිකන් අජන්තනේ...:baffled:
    මචන් ඔය බ්ලොග් එකට ගිහිල්ල බලපන් කමෙන්ට්... ඇර ගන්නව එතන...:rofl:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව් නේ අපිත් දැන් ඇරගන්න ඔනේ මෙතන... නැත්නම් උන් හිතයි අපි මෝඩයෝ කියලා....:rofl:
    මම මේක වැරදියි කියන පොරක් එනකම් ඉන්නේ වලියක් දාගන්න..:rofl::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇයි මැට්ටෝ හින්දි ෆිල්ම් බලලම නැද්ද ?

    එහෙම තමා රබ්නේ බනාඩී ජෝඩී

    අනං මනං බයිලා නෑ අජන්ත බීචි බෝයි කෙනෙක් උනත් ටොප් ලෙවල් එක්සකටිව් කෙනෙක් උනත් ඔය කෙල්ල බදින එක බදිනවා

    එහෙම තමා චිත්‍රපටි වල වෙන්නේ :eek:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක ටිකක් හරි ටිකක් වැරදී, අජන්තයා උසස් සමාජයට එකතුවුනේ ක්‍රිකට් නිසා... ඊට පස්සේ දෙන්නා හමුවෙලා ඒක ආදරයකට පෙරලුනා වෙන්න පුළුවන්...

    හැබැයි කෝටි ගානක ගෙයක් ඩුබායිවල තියෙන එකාට කෙල්ලෝ කෙසේ වෙතත්, අම්මලා නම් තමන්ගේ දුවව බලෙන් හරි ඇඟේ ගහයි ඒ කොල්ලගේ...
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මේක ටිකක් හරි ටිකක් වැරදී, අජන්තයා උසස් සමාජයට එකතුවුනේ ක්‍රිකට් නිසා... ඊට පස්සේ දෙන්නා හමුවෙලා ඒක ආදරයකට පෙරලුනා වෙන්න පුළුවන්...

    හැබැයි කෝටි ගානක ගෙයක් ඩුබායිවල තියෙන එකාට කෙල්ලෝ කෙසේ වෙතත්, අම්මලා නම් තමන්ගේ දුවව බලෙන් හරි ඇඟේ ගහයි ඒ කොල්ලගේ...

    මේකයි මිගාර, මමනම් හිතන් නැහැ මෙන්ඩා නිකම්ම නිකම් සාමාන්‍ය සෙබලෙක් විතරක් උනානම් කෙල්ල කැමති වෙයි කියලා. (හැබැයි එහෙම වෙන්න සම්භාවිතාවකුත් නැතුවාම නෙමෙයි.)
    ඒත් මට හිතෙන විදිහට තාමත් අපි ජීවත් වෙන්නේ වැඩවසම් සමාජෙක. ඒ සමාජේ තීරණාත්මක සාධක තමයි සල්ලි සහ සිවිල් බලය . මට හිතෙන්නේ කෙල්ල බැන්දේ මෙන්ඩව නෙමෙයි. මේ සාධක දෙක. මම මේක එළකිරි එකේ දැම්මේ මෙන්ඩට මඩක් ගහන්න නෙමෙයි. මෙන්ඩට මුළු රටම ආදරෙයි. ඒ වගේම අපිත් ආදරෙයි. මට කියන්න ඕනි උනේ ලංකාවේ සමාජ ක්‍රමය පිරිහිලා තියෙන තරම ගැන විතරයි. මේක එක උදාහරණයක් විතරයි. මේක මෙන්ඩිස්ට විතරක් නෙමෙයි. අපේ ක්‍රිකට් ටීම් එකේ ඉන්න ගොඩක් අයට, ලොකු බිස්නස් කාරයන්ට, නළු නිළියන්ට, දේශපාලනේ කරන අයට වගේ ලොකු පරාසෙක සිද්ධවෙන දෙයක් . මේ අයට පොදු දේ තමයි සල්ලි, බලය සහ ජනප්‍රියත්වය. අද සමාජේ දුවන්නේ මනුස්සකම පස්සේ නෙමෙයි, මේ දේවල් පස්සේ. ඒකට හොඳම උදාහරණයක් තමයි අජන්ත මෙන්ඩිස්ගේ විවාහය.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කෙනෙකුගේ විවාහය කියන්නේ පෞද්ගලික දෙයක්.

    ඒ ගැන ලිව්වාට කමක් නැහැ.

    නමුත් අවම වශ්යෙන් සුබ පතන්නවත් මානුෂික විය යුතුයි නේද? :confused:

    මේ ලිපිය ලියපු කෙනා අඩුම ගණනේ අජන්තට සුබ පතන්නවත් එක වැකියක් හෝ වැය නොකිරීමෙන් පෙනී යන්නේ ඔහුගේ පහත් මානසික තත්වයයි....

    අජන්තට සුබ පැතුම්...!
    :)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේකයි මිගාර, මමනම් හිතන් නැහැ මෙන්ඩා නිකම්ම නිකම් සාමාන්‍ය සෙබලෙක් විතරක් උනානම් කෙල්ල කැමති වෙයි කියලා. (හැබැයි එහෙම වෙන්න සම්භාවිතාවකුත් නැතුවාම නෙමෙයි.)
    ඒත් මට හිතෙන විදිහට තාමත් අපි ජීවත් වෙන්නේ වැඩවසම් සමාජෙක. ඒ සමාජේ තීරණාත්මක සාධක තමයි සල්ලි සහ සිවිල් බලය . මට හිතෙන්නේ කෙල්ල බැන්දේ මෙන්ඩව නෙමෙයි. මේ සාධක දෙක. මම මේක එළකිරි එකේ දැම්මේ මෙන්ඩට මඩක් ගහන්න නෙමෙයි. මෙන්ඩට මුළු රටම ආදරෙයි. ඒ වගේම අපිත් ආදරෙයි. මට කියන්න ඕනි උනේ ලංකාවේ සමාජ ක්‍රමය පිරිහිලා තියෙන තරම ගැන විතරයි. මේක එක උදාහරණයක් විතරයි. මේක මෙන්ඩිස්ට විතරක් නෙමෙයි. අපේ ක්‍රිකට් ටීම් එකේ ඉන්න ගොඩක් අයට, ලොකු බිස්නස් කාරයන්ට, නළු නිළියන්ට, දේශපාලනේ කරන අයට වගේ ලොකු පරාසෙක සිද්ධවෙන දෙයක් . මේ අයට පොදු දේ තමයි සල්ලි, බලය සහ ජනප්‍රියත්වය. අද සමාජේ දුවන්නේ මනුස්සකම පස්සේ නෙමෙයි, මේ දේවල් පස්සේ. ඒකට හොඳම උදාහරණයක් තමයි අජන්ත මෙන්ඩිස්ගේ විවාහය.

    අපේ ගෙවල් පැත්තේ ඉන්නේ, ඒ දවස්වල මෑන් මැච් ගහනවා දැකලා තියෙනවා..
    ඒ හිටපු විදිහටනම් ඔය කෙල්ල කැමතිවෙන්නේ නෑ;)
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අජන්ත ගැන ඊර්ෂාවෙන් ලියපු ලිපියක්... වර්ල්ඩ් කප් මානසිකත්වය බිඳින්න ලියපු ලිපියක්... ගුනධර්ම ඉගෙනගන්නෙ නැතුව අකුරු විතරක් ඉගෙනගත්ත එවුන් ඔහොම තමයි...
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    අජන්ත ගැන ඊර්ෂාවෙන් ලියපු ලිපියක්... වර්ල්ඩ් කප් මානසිකත්වය බිඳින්න ලියපු ලිපියක්... ගුනධර්ම ඉගෙනගන්නෙ නැතුව අකුරු විතරක් ඉගෙනගත්ත එවුන් ඔහොම තමයි...

    ලිපියේ හරය තේරුම් ගන්න. ඒකෙන් කතා කරන්නේ අජන්ත මෙන්ඩිස් ගැන විතරක් නෙමෙයි. අද පවතින ලාංකීය සමාජය ගැන. මුදල් වලට, ජනප්‍රියත්වයට කරන්න පුළුවන් දේවල් ගැන. අජන්ත වගේ ලංකාවට කීර්තියක් ගෙනාපු පොරක්ට ලංකාවේ කවුරුත් ඉරිසියා කරන එකක් නැහැ. මේ ලිපිය ලියුවේ මම නෙමෙයි. ඒත් ඒ ලිපියේ තියෙන හරයාත්මක වටිනාකම් එක්ක මම එකඟයි. ඒ නිසයි එළකිරි එකේ දැම්මේ. කිසිම අවුලක් නැහැ, මේක සංවාදයට විවුර්ත ටොපික් එකක්.
    :yes::yes::yes::yes::yes::yes: