හුඟක් එවුන්ට අයි කොන්ටෑක්ට් කියල එකක් තියෙනවද? නැත්තන් ඒකෙන් තමන්ගෙ ඉස්සරහ ඉන්න මනුස්සයත් එක්ක සාර්ථක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවද කියල තේරෙන්නෙ නෑ. හුඟ දෙනෙක්ට කතා කළා, මොනව හරි කිව්වා. තමන්ගෙ බිස්නස් එක හරි වැඩේ හරි කරගත්තා ශොට් එකක් දානව නං හෙට අරක්කු ඉවර වෙනවා වගේ ගුබ්ල ගුබ්ල ගාල ගැහුවා කතාව ඉවරයි.
ඒත්, මනුස්ස සම්බන්ධතා සහකම්පනය වගේ වටිනා කරුණු ගැන ගුණාත්මකව හිතන මිනිස්සු එතනින් එහාට තමන්ගෙ ඇතුලෙ තියෙන හැකියාව වර්ධනය කරගන්නවා. කොටින්ම මාසෙ පඩියට ජොබ් කර කර ලෝන් අරගෙන වාත වෙවී ගෙදර භාගෙට බොරු කියල, වටේම හොර කතා මාලා ධාවනය කරන අංගවිකල - ලොකු පොරවල් පොරවල් වලට එහා ගිහිල්ලා, ලොකු හයිප් එකක් අරමුණු කරනවා.

ඉතින් එහෙම හැඟීමක් හිතේ තියෙනවා නම්, ඒ වෙනුවෙන් මහන්සි වෙනව නම්, මේ ගුණාංගය වර්ධනය කරගන්න එක ලොකු අස්වැසිල්ලක් වෙයි 
බඩගින්නෙ වෙව්ල වෙව්ල ඉන්න උඹත් එක්ක, පුංචිම පුංචි ස්පන්චියක් බෙදාගෙන කන තැනේ ඉඳල... උඹේ ජීවන සහකාරිය, සහකාරය වෙන අවස්තා වලදි වගේම, උඹේ බිස්නස් එකට එකතු වෙලා උඹව උඩට ගෙනියන්න අත හිත තැනට එනකන් උඹට හම්බවෙන මිනිස්සු උඹට උදව් කරන්න හිත පත්තු කරගන්න ඒ සුපර් පවර් එක තමයි - විශ්වාසය.
නැතුව තාවකාලිකව ගහන්න පුළුවන් හැම පහත් ගේමක්ම ගහල අතට කීයක් හරි එද්දි උඹට හරි සතුටු වෙලා එහෙම තව තව පහත් වැඩම කරගෙන ඉන්නව නං, කාවහරි රැවැට්ටුව - ඒකෙන් මගෙ වැඩේ වුණා කියල හිතනව නං, ලියල තියාගෙන චෙක් කරල බලපන් - උඹව බොක්ක වගේ ආශ්‍රය කරන කී දෙනෙක් මේ වෙද්දිත් උඹට හිනාවෙලා අරිනවද කියල තඩිම එකෙන්