පන්සල්වලට ආදායම් නැතිවුනාම ඕවා කරනවා. මට හිතෙන්නේ. දායකයන්ගේ මිල මුදල් වලට ගිජූවෙලා කරන්නත් පුලුවන්..
අපේ පැත්දතේ දවසක් පන්සලක ලොකු හාමුදුරුවන්ට කිවා ..පන්සලේ ලයිට් බිල රු.50,000 කියලා. ඉතින් මම කිව්වා ස්වාමින් වහන්ස, අනවශ්‍ය ලයිට් නිවලා දාලා .අවශයම ඒවා විතරක් දල්වලා තියාගත්තනම් හරිනේ කියලා . ඒතකොට උන්වහන්සේ කියනවා, පන්සල්වල එෙහම ලයිට් නිවන්න හොද නැහැලු. පාලු වෙනවලු. ඉතින් හත්වලාමේ ඒවා ගෙවන්න ඔන අහිංසක දායකයෝ නේද?
මම හිතෙන විදියට , බුදුරජාණන් වහන්සේ ගේ දර්ශනය මේ කා ලගවත් නැහැ. උන්වහන්සේගේ චරිතය අපි දහම් පාසලේදී ඉගෙනගත්තා. පුදුම විදියට සකසුරුවම් කමින් ජීවිත්වෙච්ච ශාස්තෲන් නමක්. අදින සිවුර කාලයක් ඇදලා..දිරාපත් වුනාම .ඒකත් පාපිසානවකට පවා භාවිතා කරලා තියනවා කියලා මම අහල තියනා. පන්සල් වල ඒ කිසිම දෙයක් නැහැ.
අවාසනාවකට වගේ අපේ පන්සල්වල හරියන දායක සභාවක් ඉන්නවා. ඒ ඒ පන්සල්වල.. සේරම ඉන්නේ වයසක අය.
ලොකු හාමුදරුවන්ගේ ආවසෙට ගියාම ලොකු පින්තුර තොගයක් ඇමැති මැති වරුන්ගේ ගහාලා තියනවා. ඒකද වෙන්න ඔන ? උන්වහන්සේගේ දේශපාලන ප්රතිරුපය එතනින් ගොඩනගනවා..
අපේ ගමේ පන්සලේ ., පිලිම හදලා හදලා .. ඒපා කරවලා තියෙන්නේ.. හරිම දුකයි. අපේ පන්සලේ , දෙවාලයක් තිබුනා ලස්සන. ඒක තියෙන්නේ වැසිකිලිය ගාව කියලා. කිලුටුයි කියලා..ඒ හරිය කඩලා..දැන් එතන තට්ටු දෙකේ මන්දිරයක් ගහනවා..බිල්ඩින් කඩ කඩ තව තව බිල්ඩින් හදනවා
කඨින පෙරහැරට ලොකු වට වියදම් කරනවා. අසාමාන්‍ය වියදමක්..සකසුරුවම් කම කවදාවත් පන්සලකින් ඉටු වෙන්නේ නැහැ. මරණෙට , දානෙට විතරක් අපි ගියාම ඇති කියලා තමයි උන්වහන්සේලා හිතන්නේ. විරුද්ධව කතා කරනවා නෙමේ .දුකකින් කතා කරන්නේ..
හුගක් හාමුදුරු නමවල් ඉන්නේ ජොබ් කරන්න. කෝම හරි පන්සලේ ගිහියන්ගේ ආධාරයෙන් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙට ගිහින් ටීචින් අරන්, උපැවිදි වෙලා නම වෙනස් කරලා , කසාද බැදලා රහසේ ජිවත්වෙන අය ඉන්නවා අපේ පැත්තේ. දන්නෝ දන්නවා.. එයාලා පැවිදි වුනා කියලා කියන්නවත් කැමැති නැහැ. සමහරු පලාත් අත ඇරලා යනවා..
බුද්ධ ශෘසනය විනාශ වෙන්නේ උන්වහන්සේගේ ශාසනය තුලින්මයි කියලා වෙලාවකට හිතෙනවා..පුලුවන් තරම් බෙනිෆිට් අරගන්නවා, ඊට පස්සේ , කරන්න පුලුවන් නරකම වැඩ කරනවා.
හැමෝම නෙමේ.. සුලුතරයක්..ඒත් මම දැකලා තියනවා අනලස්ව , බුද්ධ චීවරය දරාගෙන , නිවන් මග වඩින සිල්වත් ස්වාමින්වහන්සේලා..ඒවා මීඩියා වලටවත් පේන්නේ නැහැ..ඒවා ඉස්මතු වෙන්නෙත් නැහැ..උන්වහන්සේ ලා තමන්ගේ ගමන තනිවම යනවා..ලෝකයෙන් පවා ගරුත්වයට පාත්‍ර වුනු භික්ෂුන් වහ්න්ස්ේලාත් ඉන්වා. විශේෂ්යෙන් ආරණය සේනාසන වල..