නත්තල් වලට ආසා නෑ
අපේ පියා මව දෙන්නා බහුජ්ජ උනාට නත්තල් වලට සියලුම කැටයම් ටික දාලා සමරනවා, නිකන් show off වගේ සීන් එකක් යන්නේ, නෑදෑ උන්ට යාළු මිත්‍රයෝ සියල්ල එකතු කරලා කන්න බොන්න දීලා නිකන් බහුජ්ජ උනාට අපි බහුජන හිතාය බහුජන සුඛාය සීන් එකේ ඉන්නේ කියලා පෙන්නන්න හෙනම ගේමක් දෙනවා.
අවුලක් නෑ ඉතින් කන්න බොන්න දෙනවා කියන්නේ පිනක් නේ කියලා ඉවසන් ඉන්න පුළුවන්! ඉවසන් ඉන්න බැරි කන්න බොන්න එන අඩුකුලේ නෑදැයෝ දාන පොර ජාතක ටික.

කාලා බීලා සප්පායම් වෙලා පොර ජාතක ටික දේශනා කරලා යනවා ඉතින් ඊලඟ දවස් පහම ඉවරයි. ජනවාරි පළවෙනිදා පට්ට මුස්පෙන්තු

අපේ පියා මව දෙන්නාට හරි ලොකු දේවල් ඉතින් ඒ ඒ අයවලුන් ගේ පොර ජාතක අහන එක ඒවාට උල් පන්දම් දෙන එක

හැබැයි ඒ ගෙන්නන උන් අතර සමහර නෑදෑ උන් ඉන්නවා මේ කපේට invite කරන්නේ නෑ අපේ මහදෙන්නට උන්ගේ events / party එහෙම තිබ්බාම. අපේ ගොන්වාහෙලා දෙමාපියෝ දෙන්නා අනේ මන්දා....

මට හිතාගන්න පට්ට අමාරුයි ඇයි එහෙම කියලා. දුකත් හිතෙනවා වෙලාවකට කල්පනා කළාම පියා මව දෙන්න ගැන

