අවුරුදු එකහමාරක් වයසැති ළදැරියට ***
අවුරුදු එකහමාරක් වයසැති ළදැරියට
ලිංගික අපයෝජනයක් කළ 13 හැවිරිදි
ශිෂ්‍යයා රිමාන්ඩ්
සියඹලාන්ඩුව - මාපා තිලකසූරිය සහ මඩුල්ල - කේ. එම්. පී. බණ්ඩාර
මව දිය ගෙන ඒමට ගොස් සිටියදී වයස අවුරුදු එකහමාරක ළදැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ළදැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළේ යෑයි සැක කරන්නේ වයස අවුරුදු 13 ක් පමණ වූ පාසල් සිසුවෙකි.
ඔහු මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ජූලි මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
සැකකරු ළදැරියගේ නිවස අසල පදිංචිකරුවෙකි. ඔහු නිතර නිතර එම නිවසට ගොස් ඇත.
ළදැරියගේ සොයුරාගේ පාසල් වැඩ සඳහා උදව් කිරීමට එදින ඔහු එම නිවසට ගොස් ඇත. එම සිසුවා නෑමට ගොස් ඇති අතර මව, දැරිය සැකකරු භාරයේ තබා දිය ගෙන ඒමට නිවස අසල ළිඳට ගොස් තිබේ.
ජලය ගෙන ඒමෙන් පසුව දැරිය හෝ සැකකරු දක්නට නොලැබීම නිසා විමසිලිමත් වූ මව දැරිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කරනු දැක ඇත.
ඉන් පසුව සියඹලාන්ඩුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇත.
සැකකරු ජීවත් වනුයේ ඔහුගේ මව සමඟය.
සියඹලාන්ඩුව පොලිසියේ ස්ථානාධිපති කපිල සේනාධිපති ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ජගත්, පොලිස් කොස්තාපල් (38778) අජන්ත යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
සියඹලාන්ඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.