අවුරුදු 100ක සීය පවුම් මිලියන 12ක් හොයපු හැටි
මේ සීයට අවුරුදු 100යක් වෙනවා මේ අප්‍රියල් 30වෙනිදාට. තමන්ගේ අවුරුදු 100 යේ උපන්දිනය සැමරීමට මේ සීයා අපුරු තීරණය ගත්තා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට පවුම්1000ක් රැස්කර දෙන්න. ඒ සදහා ඔහු කලේ පොඩි දෙයයි... ඔහු කලේ තමන් දන්න කියන කට්ටියට දැනුම් දුන්නා ඔහුගේ නිවාස වටේ ඔහු රවුම්100ක් යනවා පුළුවන් නම් එක රවුමකට පවුමක් දෙන්න කියලා ඉල්ලීම විතරයි. වැඩේ නැගලා ගියා. මිනිස්සු සල්ලි දෙන්න පටන් ගත්තා. පවුම් 1000ක් නෙමේ දැන් ඔහු පවුම් මිලියන 12ක්ම රැස්කරලා. ඒ, මේ සීයාගේ මේම උත්සහය අගය කරන්න.
Original Link
https://marcuspriyanthaperera.blogspot.com/2020/04/99.html
අවුරුදු 99ක් වන මේ සීයාගේ නම ටොම් මෝර් (ඨොම් Mඌරේ. 1920 අප්‍රියල් 20වෙනිදා බ්‍රිතාන්‍ය ඹෙඩ්ෆොර්ඩ්ශිරෙ පළාතේ උපත ලද මේ සීයට අවුරුදු 18 පිරෙද්දී තමයි දෙවන ලෝක යුද්ධය ඇතිවෙලා තියෙන්නේ. ඉතින් ඔහු බ්‍රිතාන්‍ය හමුදාවට බැදිලා හිට්ලර්ට විරුද්ධව යුද්ධකරන්න ගිහිල්ලා. එහිදී ඔහු පදක්කම් රාශියක් විතරක් නෙමේ කැප්ටන් තනතුරටත් පත්වෙච්ච කෙනෙක්. පසුව විවාහ වී දරුමල්ලෝ ලැබ සාර්ථක ජීවිතයක් ගතකරමින් සිටි මේ සීයා පසුගිය කාලේ තරමක් අසනීපයෙන් තමයි ඉදලා තියෙන්නේ.
ඒ ඔහුගේ උකුල් අටේ බිදී යෑම සහ දිරා යෑම නිසයි. ඒ නිසා වයසට ගියත් ඉතා උද්යෝගයෙන් උදේට නැගිටලා තේ එකක් බීලා පත්තරය අරන් එන්න කඩේට ගිහින්, තමන්ගේ වැඩ බොහොමයක් හිමින් හිමින් තමන්ම කරගත්ත ටොම් සීයා යන්න එන්න බැරිව එක්තැන්වලයි ඉදලා තියෙන්නේ. එහෙත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය ඔහුගේ වයස ගැන නොතකමින් ඔහුගේ උකුල් ඇටය සැත්කමකට ලක්කරලා කැඩී බිදී දිරාපත්වෙලා තිබුන ඔහුගේ උකුල් ඇටය වෙනුවට අලුත් උකුල් ඇටයක් බද්ධ කරලා (Hඉප් රෙප්ලcඑමෙන්ට් සුර්ගෙර්ය්) විතරක් නෙමේ සෙමින් සෙමින් යථා තත්වයට පත්වෙන්න බෙහෙත්-හේත් කරලා තිබුනා.
හුගාක් රටවල නම් මේ තරම් වයස් ගිය අයට ඔය වගේ සැත්කම් කරන්නේ නැහැ. ඒ සුවවීමට ඇති ප්ර්වනතාවය අඩු නිසාත්, අධික වියදමක් යන නිසායි. එහෙත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය මේ වගේ නෙමේ මොනම සැත්කමක් සදහාවත් එරට පුරවැසියන්ගෙන් මුදල් අයකරන්නේ නැති නිදහස් සෞඛ්‍ය සේවයක්. එය මහජනයාගේ බදු මුදලින් නඩත්තුවෙන ඉහල ගුණත්වයක් ඇති නිදහස් සෞඛ්‍ය සේවයක්. ඇතැම්විට සමහර සැත්කම් සදහා තරමක කාලයක් බලාසිටීමට සිදුවුවත් අවශ්‍ය සේවය නොපිරිහෙලා නොමිලේ ඉටුකිරීමට ඔවුන් කැපවී සිටිනවා.
ඉතින් උකුල් ඇටය බද්ධ කිරීමෙන් පසුව නැවත ක්‍රමයෙන් යථා තත්වයට පත්වූ මේ ටොම් සීයා කල්පනා කළා තමන්ට නැවත ඇවිදීමට හැකියාව ලබාදුන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට යම් ප්‍රතිඋපකාරයක් කරන්න. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය නිසා සිය ජීවිතපවා අනතුරුට ලක්ව ඇති මොහොතක ඒ ගැන නොසලකමින් අධික දාරිතාවයකින් වැඩකරන බ්රිතාන්යසෞඛ්ය සේවයට යම් ස්තූතියක් පලකරන්න. ඉතින් ඒ සදහා තමයි ඔහු සිය 100වෙනි උපන්දිනයට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ සුබ සාධන කටයුතු සදහා පවුම්1000ක් රැස්කරදෙන්න තමන්ගේ නිවාස වටේ රවුම් 100යක් යන්න පටන් ගත්තේ.
සීයාගේ මේ උත්සහය මුළු මහත් මිනිස් ප්ර්ජාවකගේම අවධානයට ලක්වුවා. බ්‍රිතාන්‍ය ස්ටලින් පවුම්1000 ඉල්ලකය කාලයේ වේගයටත් වඩාවේගයෙන් පසුකර ගියා. දැන් එය ස්ටලින් පවුම් මිලියනයක් නෙමේයි මිලියන12-13ත් පහුකරලා ඉවරයි. ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන3000කටත් වඩා වැඩියි. ඒක හරිය පහුගිය දවසක ලංකාව චීනයෙන් ගත්ත ණය මුදලකට සමාන තරම් මුදලක්.
බලන්න තනි පුද්ගලයෙකුගේ උත්සහයක් කොච්චර සාර්ථකවී තිබෙනවාද? ඇරත් මේ කොරෝනා කාලේ ...බොහෝ කටයුතු ඇනහිට ඇති තත්වයක් තුල...කෙතරම් නම් අපූරුද? වයසට ගියත් මේ මනුෂ්‍යා හදවතින් කෙතරම් නම් තරුණද?
මම නම් මේ ටොම් සීයා මුළු මහත් මිනිස් සමාජයට එක්කරන ජවයට සහ ආශ්වාදයට හරිම ආදරෙයි.

Last edited: