අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Ai dala giye wena kollek set welada


    e kella spoil karala hadala thiyenne. lassanayi suduyi bonikkek thanikarama. kisima avabodayak na. ekiva gedarin eliyavath bassala nalu kotinma. mama vihiluvak kalath ekita therune na. eki podiyi ekale 17k vithara. ekita vada nangi active talkative too.
    ekiva gedarin bandanna hoyala ethakota thama mava set vune. ape akkage wedding eke bridesmaid kenek. set vunu eka diga kathavak thanikara vihiluvak. ekige amma godak involve vuna mata epa vuna ekige amma kivva prashna nisa navattamu kiyala mama ok kivva navattuva. unta salli depala thiyenava. thamath eki single da koheada 26k dan.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අවුරුදු 20දි මම Education පැත්තට ලොකු බරක් දීලා තිබ්බෙ.. :yes:
    1'st and only affair එක පටන්ගත්තෙත් ඔය ආසන්න කාලෙදිම තමයි. :yes:
    ඒක හබක් උනාට පස්සෙ අදටත් කෙල්ලෙක් ගැන හිතන්න මෙවුවයි. :yes:
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Ofc eke inne keriyo
    E e welawata hinawela mata karlaa fun ekak aran idapan
    Lokuwata agata gannepa.
    ආරෝග්‍යශා පරමා ලාභා , සන්තුට්ටි පරමං දනං..

    අම්මයි තාත්තලව සතුටින් තියපන් ඉන්න කාලේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,272
    67,642
    113
    Ofc eke inne keriyo
    E e welawata hinawela mata karlaa fun ekak aran idapan
    Lokuwata agata gannepa.
    ආරෝග්‍යශා පරමා ලාභා , සන්තුට්ටි පරමං දනං..

    අම්මයි තාත්තලව සතුටින් තියපන් ඉන්න කාලේ

    Amma tatta dala ausi ena eka gena mokada hitanne
     
    • Like
    Reactions: JohnSnow

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    20 kellek na , hariyata igena gatteth na , yanthan campus giya , kalui mahathai
    30 geyak car ekak hoda jobak wife babek innawa

    20di mata kiwwa nan kawuru hari meka thamai ubata 30di hamba wenne kiyala,man udinma happy

    40di mona weida danne na ithin
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Mata nam thama 25i. E unata 20 di hitiyata wadiya sahena durakata life eka wenas wela kiyala hithenawa. Mama kohomath A/L passe idan gedarin pita hitiye.

    Degree ekak karanna gaththa private uni ekaka. Eka magadi nawathuna. E kale nam kello 2k 3k hitiya. Unta love kara. Passe therum gaththa kello kiyanne wishwasa karanna bari jathiyak kiyala. Dn kallak innawa. Eth mata love feeling ekak enne na. Break up unath aulak na.

    Awurudu 5k eka digata thaniyama idala hithana widiha godak wenas una. Mama hithanne mn jiwithe therum gaththa. Kisima deyak nathi unata dukak na. Mokawath apita one widihata thiyaganna ba. Eka nisa dukak na.

    Dn inna kellawa atha arinna bari nisa innawa. Mokada mn atha ariyoth eka balu wadak nisa. Bari wela hari kella affair eka nathara karoth 35 weddi mahana wenawa ammata thaththata karanna one yuthukam tika karala dila. Ethana thamai mn hoyana nidahasa tiyenne
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    20di amu gode (atta kiyannepai).

    Career ekata kisima direction ekak tibbe na. Gedarin kiyapu paliyata CIMA kala Audit Firm Giya.
    Passe Audit Knowledge eken MAS ekata Passe Hutch ekata gihin Accounting career eka change karagatta Marketing walata. Dan sahenna asai.

    Job ekai Personal business ekai dekama tiyanawa. Health wise 20di biwwe na. Dan Daily gahanawa..

    Kello chapter eka katha nokara imu (Dan Bandala)

    Health eka tiyaganna Mercantile Cricket gahanawa. Aurudu 20ta wada 30di man Fit kiyana hangeema tiyenawa
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අවුරුදු 20 දි ඉගෙන ගන්න එකට මුල් තැන දුන්නා. ඒ කාලේ වටින් පිටින් තිබ්බ බලපෑමත් එක්ක, carrier එක පැත්තෙන් ඉහලට යන්න උවමනාවක් තිබ්බා. පළවෙනි රස්සාව, රෑ දවල් බලන්නේ නැතුව වැඩ කරා. ලොකු ඉතිරියක් තිබ්බේ නැ. දැන් promotion පස්සේ යන්නේ නෑ. ලොකු salary scale වලට අඬ ගැහුවත් company process අවුල් නම් යන්නෑ. වෙලාවට ගියා, ආවා. මගේ investment, personal දේවල් වලට මුල් තැන දෙනවා.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,639
    2
    1,809
    113
    On a Cloud
    හොද ත්‍රෙඩ් එකක්....!
    මෙතන දාලා තියෙන කොමෙන්ට්ස් බැලුවාම ඇත්තටම ගොඩාක් සතුටුයි... ගොඩක් අය මං එක්ක බැලුවාම අහසට පොළව වගේ.. ඇත්තටම අති සාර්ථකයි කියලා කියන්න පුලුවන්...
    ඒකට මං.... දැන් හරියටම 30... A/L පාස් ඒත් කැම්පස් යන්න නම් ලැබුනේ නෑ...
    20 දිත් ඉගෙන ගන්නවා 30 දිත් ඉගෙන ගන්නවා...
    20 දි job එකක් තිබ්බෙ නෑ 30 දිත් Permanent job එකක් තාම එකක් නෑ
    20 දි සත 5ක් ඉතුරු කරලා නෑ 30 දිත් නෑ
    20 දි කෙල්ලෙක් නෑ 30 දි කෙල්ලෙක් නෑ
    20 දි යාලුවෝ ගොඩක් හිටියා (යහලුවෝ, යෙහෙළියෝ) 30 දි ඇත්තටම මං තනියෙන්ම වගේ
    20 දි බලාපොරොත්තු ගොඩාක් තිබ්බා 30 දි නම් එච්චර මුකුත්ම නෑ

    මං ඒකයි කිව්වෙ මාත් එක්ක බලද්දි අනිත් අය අහසයි පොළවයි වගේ කියලා...
     

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    අඩේ! නිකමට වගේ කොටන්න හිතුනා..

    විස්සෙදී -
    - A/L එක සැරෙන් ගොඩ ගියා. ආයේ කර කර ඉන්නේ නැතිව ආස කරමු කම්පියුටර් අත ගාන්නම හිතාගෙන කැම්පස් ගියා.
    - ගෙදරින් එළියට බැස්සා (එදා ඉදන් අද වෙනකම් එක දිගට මාසෙකට වඩා ගෙදර ඉදලා නෑ)
    - ලොකු බරක් තිබ්බේ නෑ family වගේ එව්වා ගැන
    - පළවෙනි ජොබ් එක කළා ගාමන්ට් එකක ඔඩිටර් කෙනෙක් විදිහට
    - පළවෙනි ලව් එක වගේ එකෙන් රොම්බා බූටක් කෑවා :D
    - පළවෙනි සීරියස් රිලේෂන්ශිප් වගේ එකට අත්තිවාරම් දැම්මා (කැම්පස් ලව් එකක්)
    - හැබැයි පොඩ්ඩක් ඉස්සරහට කරන්න ඕනි මොන වගේ එකක්ද කියලා ප්ලෑන් කළා. (සිරාවටම PhD එකක් කරනවා කියලා මටම promise කරගත්තා)
    - ශරීර සෞඛ්‍ය වගේ දේවල් ගැන නම් හිතුවේනම් නැති තරම්
    - යාළුවෝ හිටියා අම්බානෙකට. උන් එක්ක තමයි වැඩිපුර හිටියේ

    තිහේදී -
    - රටෙන් එළියට බහින්න උනා.
    - කොහොම හරි කැරකිලා කැන්ගරු දේශේ ස්ථීර පදිංචිකාරයෙක් උනා.
    - අවුරුදු විස්සෙදී මටම උනු PhD ප්‍රොමිස් එක අවුරුදු 26 දී පටන් ගත්තා.
    - Industry එකේ යම්කිසි තැනක් හදාගත්තා.
    - ලොකේ වටේ රටවල් දහයක විතර ඇවිද්දා.
    - රස්සාවල් අම්බානෙකට කළා. startup කළා.. කෙල උනා :D
    - ඉස්සරහට ජොබ් එකක් කියලා ස්ථීර දෙයක් කරන්න ලොකු අදහසක් නෑ.
    - ලෝකේ කොහේද ජීවත් වෙන්නේ වැටිලා ඉන්නේ කියලා තාම හිතලා නෑ. යන්න වෙන තැනකට යනවා.
    - ශරීර සෞඛ්‍ය ගැන හිතනවා. හැමදාම පොඩ්ඩක් දුවලා.. සයිකල් පාරක් පැදලා... අඩි පුඩි.. මල්.. අඩුවෙන් ඉන්නවා :D
    - colleagues ලා ඉන්නවා අම්බානෙකට. අතේ ඇගිලි ගානටත් පොඩ්ඩක් අඩුවෙන් සමීපතම යාළුවෝ ඉන්නවා.
    - Family කියන එකට පට්ට විදිහට close උනා. දැන් family first!
    - විස්සෙන් පස්සේ සීරියස් ලව් දෙකක් කළා. සන්තෝසයි දෙකම කෙල උනා.
    - තනිකඩ ජීවිතේ අසිරිය විදිනවා.. විඳවන්න යන්නේ නෑ ජීවිතේ.
    - මට පුළුවන් උපරිමයෙන් මට treat කරගන්නවා.
    - ලෝකේ පුංචි දෙයක් හරි හොඳ පැත්තට වෙනස් කරන්න පොඩි ට්‍රයි එකක් දෙනවා.

    ජිවිතේ ගලාගෙන යනවා..
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    ම්ම්.. දැන් හරියටම 30යි. ඒලෙවල් වලට පස්සෙ කම්පුටර් හාඩ්වෙයා වලට ආස හිතිලා කෝස් කරා. පස්සෙ ශොප් එකක වැඩට ගියා. ලව් නම් කීපයක්ම තිබ්බ. ආමි එකේ ජීවිතෙ මොන වගේද කියල අත්දැකීමක් ගන්න ඕන උනා. කාගෙවත් උදව් නැතුව මමම ඇප්ලයි කරල හමුදාගත ටෙක්නීශියන් කෙනෙක් විදිහට ජොයින් උනා. මුලින්ම මින්නේරියට වැටුන. ඉන්න ගමන් බිට් එක කරා. පස්සෙ පනාගොඩට මාරු උනා. ආමි ජීවිතෙ ඇති කියල හිතුනා. නැවතුනා. නීතියානුකූලවම අයින් උනා. දැන් පොඩියට ගෙදර ලැප්ටොප්, ෆෝන් රෙපයාරින් කරන් ඉන්නව. අන්තිමටම තිබ්බ අවුරුදු 6ක වගේ ලව් එකත් සාමකාමිව නැවැත්තුව. ඉස්කෝලෙ හිටපු යාලුවො නම් ඔක්කොම වගේ බැඳල ළමයි ඉන්නව.

    බඳින අඳහස අතෑරල ඉන්නෙ. මීට වඩා ආර්තිකෙ තව ගොඩදාගෙන ගෙදර අයට වෙන්න ඔන යුතුකම් ටික කරල පුලුවන් තරම් අඩුවෙන් ජීවිතෙ අල්ලගෙන වැඩියෙන් විඳින ගමන් ඉන්නවා. 20ට වඩා හිතින් ගොඩක් ශක්තිමත් බවක්, නිදහසක් දැනෙනවා..

    ජය!
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    20 දි තිබ්බෙ හෙන විකාර අදහස් කියල දැන් තේරෙනව.

    - 20 දි, හොද කම්පැනි එකක හොද ජොබ් එකක් කරගෙන හිටියහම ඇති කියල තමා හිතාගෙන හිටියෙ. ඒත් දැන් තෙරෙනව ජොබ් එකක් කියන්නෙ මහ කරුමයක්. අනුන්ව පෝසත් කරන එක විතරයි වෙන්නෙ. තමන්ගෙම කියල දෙයක් පටන් ගන්න ඕනෙ, කාලයක් ඒක වෙනුවෙන් කට්ටක් කන්න ඕනෙ කියල.

    - 20 දි යාලුවො ගැන එහෙම හෙන ලොකුවට හිතාගෙන හිටියෙ. ක්ලාස් වල සෙට් උන උන් එහෙම ලොකුවට ඔලුව උඩ තියාගෙන හිටිය.කොහොමද යාලුවො ටික හැමතිස්සෙම හොදින් තියාගන්නෙ. උන් තරහ කරගෙන බෑනෙ කියල තමා හිතන් හිටියෙ. :lol: හැබැයි දැන් තෙරෙනව මොන මගුල උනත් ඉන්නෙ ඉස්කෝලෙ එදා ඉදන් එකට හිටිය උන් ටික විතරයි කියල. ඒක තේරිල නම් ගොඩක් කල්. හැබැයි අර 20 - 23 වගේ කාලෙ හිතාගෙන හිටියෙ අරෙහෙම. මතක් වෙද්දිත් හිනා යනව. තවමත් එකට ඉන්නෙ ඉස්කෝලෙ ඉදන් එකට ගිහිය සෙට් එක. ඕන මගුලකට උන් ටික ඕන වෙලාවක ඉන්නව තවමත්. ඉස්කෝලෙන් අයින් වෙලා දැන් අවුරුදු 9ක්., මට හිතෙන විදිහට ඔය ක්ලාස් වලදි ජොබ් වලදි එහෙම හම්බෙන යාලුවො මෙරු වගේ. ආව ගියා. දැන් නම් ඒව අදාලම නෑ. ජොබ් එකෙදි උනත් හැමෝම එක්ක හොදින් හිටිය. මගෙ වැඩටික කරා ආව. එච්චරයි.

    - ජීවිතේ ගැන අවබෝදයක් තිබ්බත් මහමෝඩ විදිහට හිතුවෙ. එයා තරහ උනොත් මොනව වෙයිද. එහෙම තරහ වෙලා ඉන්නෙ කොහොමද. එයා නැතුව වෙන අය හරියන්නෙ නෑ . බැන්දොත් ඉතින් එයාම තමා. (මාතාවගෙ වස්තරේ :lol::lol: ) දැන් නම් කෙල්ලෙක් නෑ. ඒ ගැන වැඩිය හිතන්නෙත් නැ. පරන දේවල් වැඩකුත් නෑ. මට දැන් ඕනෙ මගෙ පාත් එක හරියට හදාගෙන මගෙ බිස්නස් එක ඉස්සරහට හදාගන්නෙ කොහොමද කියන එක.

    20 දි ඕන වෙලා තිබ්බෙ ලොකුවට ජීවත් වෙන්ඩ. වයසට ගියත් හෙන ලොකු ලයින් එකෙන් ඉන්ඩ. හැබැයි දැන් මට ඕනෙ මේ කාලෙ කරන දේවල් මහන්සි වෙලා කරල සල්ලි හොයාගෙන ජීවිතේ විදවන්නෙ නැතුව විදින්න. අනිත් එකා දිහා බලාගෙන ඌ කරන දේම නොකර රැල්ලට නොයා ජීවිතේ විදින්න. මම කැමති විදිහට ජීවත් වෙන්න. ඒ ගමන් යනකොට අරන් යන්ඩ පුලුවන් විදිහෙ දේවල් ටිකක් කරගන්ඩ. වෙන රටකට ගිහින් ජීවත් වෙලා අන්තිම කාලෙදි බිත්ති හතරකින් වටවෙච්ච කාමරේක නැතුව ගහක් කොලක් යට නිදහසේ මැරිල යන්ඩ.