අවුරුදු 20 වගේ කාලේ හිටියේ හෙන traditional bubble එකක. දැන් නම් දෙයියනේ කියලා ඒකෙන් එළියට ඇවිල්ලා ලෝකේ හුඟක් දේවල් දිහා වෙනස් විදියට බලන්න හිතන්න පුරුදු වෙලා.
ඒ කාලේ ඇෆෙයා දැක්කේ 'ඇන්නා පැන්නා' විදියට. ඒත් පස්සේ ඇෆෙයා එකක් පටන් ගන්න කලින් හුඟක් දේවල් හිතුවා. කෙල්ල එක්ක උනත් සීනි බෝල කතන්දර වලට වඩා එහා ගියපු සීරියස් ටොපික්ස් කතා කරා. කෙල්ලත් එක්ක පිසිකලි කනෙක්ශන් එකකට වඩා ස්පිරිචුවල් කනෙක්ශන් එකක් ඇති කරන්න ට්‍රයි කරා.
මන් ඒ කාලේ හුඟක් ආඩම්බරයි, හෙන ඔළුවෙන් හිටියේ. ලඟම යාළුවො ඇරෙන්න අනිත් එකෙක් වත් ගනන් ගත්තේ නෑ. මගෙන් අතින් හුඟක් වැරදීම් වෙලත් තියෙනවා ඒ කොලිටි එක නිසා. පස්සේ තේරුම් ගියා ඒක හොඳ කොලිටි එකක් නෙමෙයි කියලා. ඒ නිසාම දැන් මන් හුඟක් යාළුවන්ට උදව් කරනවා, දැක්කම මමම ගිහින් හිනා වෙලා කතා කරනවා. මන් හිතන්නේ මන් එහෙම කරන්නේ නිකන් මාවම redeem කරගන්න ඕන කමකට වගේ කියලා. ඒක තමයි වයසට යන්න යන්න මගේ උන ලොකුම වෙනස් කම.
Anyway, good post.