අවුරෝරා ගැන දන්නවද ?

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    අවුරෝරා ගැන දන්නවද ?

    කලින් පෝස්ට් එක අවුරෝරා ගැන් දාපු නිසා නොදන්න අයට දැන ගන්නත් එක්ක අවුරෝරා කියන්නෙ මෙකක්ද කියලා පෝස්ට් එකක් දාන්න හිතුනා.
    _________
    ________________________________
    අවුරෝරාවක් කියන්නේ පෘතුවියේ ධ්‍රවාසන්න ප්‍රදේශ වල අහසේ දකින්න පුලුවන් ආලෝකයකට. මේක විවිධ පාටින් ඉතාමත් අලංකාරව දකින්න පුලුවන් දෙයක්. අවුරෝරාවලට ඒ නම ලැබිලා තියෙන්නේ ග්‍රීක දෙවගනකගේ නමකින්. අවුරෝරාවක් ඇතිවීමට හේතුව තමයි සූර්ය සුළග. සූර්ය සුළග කියන්නේ සූර්යාගේ සිට අවකාශයට විහිදුවන ආරෝපණ සහිත විකිරණ කදම්භයක්. මේහෙම අවකාශයට නිකුත්වන ආරෝපිත අංශු රාශියක් ඇවිත් පෘතුවියට පැමිණෙන විට එය පෘතුවි චුම්භක ක්ශේත්‍රය විසින් පෘතුවියේ ධ්‍රව දෙසට තල්ලුකරනු ලබනවා. මේ හේතුවෙන් අවුරෝරාවක් සිද්ධ වෙන්නේ එක්කෝ උත්තර ධ්‍රවයේ නැත්නම් දක්ශිණ ධැවයේ.

    අවුරෝරා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් සමන්විත වෙනවා. ඒ විසිරුණු හා ඒකරාශි වූ අවුරෝරා ( diffuse and discrete aurora ) ලෙසයි. සාමාන්‍යයෙන් අවුරෝරාවක් ඇතිවෙන්නේ අක්ශාංශ 10 - 20 ත් අතර සූර්ය කුණාටුවක් පවතින අවස්තාවකදීයි. නමුත් මෙම කලාපය සූර්ය සුළගේ ප්‍රභලතාව මත වෙනස් වෙන්න පුලුවන්. කලින් කියපු වෙන්වශයෙන් දැකිය හැකි discrete aurora ඉතාමත් ආලෝකමත් බව සදහන් වෙනාවා, සාමාන්‍යයෙන් එම ආලෝකයෙන් රාත්‍රී කාලයේ පත්තරයක් වුනත් කියවන්න පුලුවන් බව සදහන් වෙනවා, නමුත් diffuse aurora කිසියම් නිශ්චිත හැඩයක් නැති එතරම් ආලෝකමත් ලෙසින් දිස් වෙන්නේ නෑ.

    අවුරෝරා සංසිද්ධිය තව දුරටත් විස්තර කරනව නම් ඒක පෘතුවියේ ඉහල වායුගෝලයේ ඒ කියන්නේ කි. මි 80ක් විතර ඉහලදී පෝටෝන ( ප්‍රෝටෝන නෙවෙයි ) විසරණයකින් සිදුවන්නේ. ඒ කියන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාව ඉගෙනගත්ත කෙනෙක්ට කියනවා නම් අයනීකරණය වූ නයිට්‍රිජන් පරමාණු නැවත ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් ඉහල ශක්ති මට්ටමක සිට නැවත පහල ශක්තිමට්ටමකට පැනීමෙන් සිදුවන ශක්ති පෝටෝන පිටවීම තම්යි තේරෙන සිංහලෙන් කියනවා නම් සිද්ධ වෙන්නේ.

    මේක නයිට්‍රිජන් වලට අමතරව ඔක්සිජන් නිසාත් සිද්ධවෙනවා. එතකොට පිටවන ශක්තිය වෙනස් නිසා මේ සිදුවීම් දෙකෙන් ඇතිවන අවුරෝරා පාට වල වෙනස ඒ මගින් තීර්ණය වෙනවා. උදාහරණයක් විදිහට ඔක්සිජන් නිසා ඇතිවන අවුරෝරා කොළ, දුඹුරුමය රතු වගේම නයිට්‍රිජන් මගි ඇතිවන ඒවා නිල් හෝ රතු පාටින් ඇතිවෙනවා.

    කොහොම වුනත් මේකේ අවසාන ප්‍රතිපලය ඉතාම ලස්සන ආලෝකයක් අහස පුරා දකින්න පුලුවන් වීම. නමුත් ලංකාව වගේ සමක ආශ්‍රිත රට වලට ඒ වාසනාව නෑ. මම නෙට් එකේ ඉන්නකොට දැක්කා අද ( 14/07/2012) ඉතා විශාල සූර්ය කුනාටුවක් නිසා සාමාන්යයෙන් අවුරෝරා දකින්නෙ නැති රට වලටත් අවුරෝරා පේන්න පුලුවන් කියලා. ඒක නිසයි මම කලින් පෝස්ට් එක දාලා මේ ගැනත් ටිකක් දාන්න හිතුනේ. (http://www.elakiri.com/forum/showthread.php?t=1460202)

    බලන්න මේවා කොච්චර ලස්සනද කියලා.

    3436944095_4839986b60.jpg


    pom.jpg


    aurora.jpg


    aurora-2.jpg


    aurora-borealis-over-greenpeac.jpg


    aurora-borealis-c117648531.jpg


    කියවල ඉවර වෙලා බම්ප් එකක් වත් දාලා යන්න.

     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඔය පොන්8යා ගැන නොදන්නෙ කවුද.....:lol:

    මචං කලිනුත් Astro ගැන පෝස්ට් එකක් දාලා මේක ඔරියගෙ ෆේක් එකක්ද කියලා මගෙන් කට්ටිය ඇහුවා. මම ඔරියා නෙවේ කියල එවලෙත් මම කිව්වා දැනුත් කියනවා. මම Astro ගැන interest. මේ පෝස්ට් එකේ මොකක් හරි පිටසක්වල විකාරයක් තියෙනවා නම් ඔය කතාව කිව්වට කමක් නෑ, අවුරෝරා කියන්නේ සාමාන්‍ය සංසිද්ධියක්, මේකට ඔරියව ගා ගන්න එපා. උඹට unsure නම් මගෙ පරණ ත්‍රෙඩ් ටික බලපන්. plz don't do this again ....