ඔන්න එහෙනම් 3වෙනි කතාවත් ගෙනාවා උඹලට. මේක නම් හැබැයි FB උස්සපු එකක් හොදේ. ඔන්න එහෙනම් කතාව.
ඔන්න එකමත් එක රටක හිටියා සහෝදරයෝ දෙන්නෙක්.. සහෝදරයෝ කිව්වට මුන් සහෝදරත්වයේ හොඳම එක.. නිමුන්නෝ..
පොඩි කාලේ ඉදං මුන් දෙන්නට ලැබුණ හැම තෑග්ගම වන් ටු වන්.. එක වගේමයි.. ෂර්ට්, කලිසං, ජංගි,
බැනියම් ඔක්කොම එක වගේ. පොඩි කාලේ ඉදං හැමදේම පැටලිලා මුන් දෙන්නට එපා වෙලා හිටියේ. දෙන්නගෙන් බාලයා තමයි පොඩ්ඩක් හරි මොලේ පාවිච්චි කරලා දෙන්නට ආව ප්‍රශ්න ගොඩ දැම්මේ. ඔහොම ඔහොම යද්දී මුන් දෙන්නගේ 18 වෙනි උපන්දිනේ ආවා.
වෙනදා වගේම මුන්ගේ අම්මයි අප්පච්චියි දුන්නා පට්ට ගිෆ්ට් දෙකක් දෙන්නට. හොදම කුළේ ඉපදුණ පට්ට පෙඩිග්‍රියක් තියන ස්ටලියන් අස්සයෝ දෙන්නෙක්. එක උස එක මහත. එක දිග එක පළල. මුන් දෙන්නට විඳව ගන්න බෑ. පුපුරනවා මේ වෙච්ච දහ දුරා වැඩේට. ඇයි යකෝ අස්සයන්ට නමක්වත් දාන්න විදිහක් නෑනේ. වෙනද වගේම හැමදාම ප්‍රශ්නෙකට පොඩි හරි විසදුමක් දෙන මල්ලි එදත් ඉදිරිපත් උනා ප්‍රශ්නේ ගොඩ දාන්න.
මල්ලි: අයියේ උඹේ එකාගේ ඉස්සරහ කකුල් දෙකේ ලාඩම් ගහමු මගේ එකාගේ නොගහ ඉමු.
අයියා: ඇයි යකෝ ඉස්සරහ විතරක් හතරේම ගහමුකෝ.
මල්ලි: උඹ ඉඳපන්කෝ මංනේ කියන්නේ. උඹේ එකාගේ ඉස්සරහ ගහමු.
අයියා: එළ.. ලාඩම් තියන එකා මගේ නැති එකා උඹේ.
ඔන්න එදාම ලාඩම් ගහල දෙන්නා උජාරුවට අස්සයෝ පැදගෙන ගම වටේ ගියා. රෑ වෙලා ඇවිත් ඉසතාලේ මුන් දෙන්නා බැඳලා ලාඩම් දෙකත් චෙක් කරලා මුන් නිදාගන්න ගියා. පහුවදා උදෙන්ම අදත් රවුමක් යන් කියල හිතාගෙන ඉස්තාලෙට ගිහිං අස්සයා තෝරාගන්න ලාඩම් චෙක් කරද්දී මෙන්න අස්සයෝ දෙන්නගෙම ඉස්සරහ කකුල් වල ලාඩම්. මුන් දෙන්නට මෝල් වගේ. ඇයි දෛවය මේ තරං කුරිරු. මල්ලිට මළ.
මල්ලි: මං ඊයේ එකනේ කකුල් හතරේම ලාඩම් ගැහුවේ නැත්තේ. අද මගේ අස්සයට ගහමු අනිත් කකුල් දෙකටත්.
අයියා: මල්ලි හරි මල්ලි.
ඔන්න මල්ලිගේ අස්සයගේ කකුල් හතරේම දැන් ලාඩම්. අයියගේ ඉස්සරහ කකුල් දෙක විතරයි. මුන් දෙන්නට ඊ ළඟ දවස වෙනකල් හදිස්සියි. රැට හරියට නින්ද ගියෙත් නෑ. උදේ ඉර පෑව්වා විතරයි දෙන්නම ගියේ ඉස්තාලෙට. මල මගුල් 4 යි. අස්සයෝ දෙන්නගෙම කකුල් හතරේම ලාඩම්. මල්ලි වැඩේ අත ඇරියේ නෑ.
මල්ලි: අයියේ අපි එකෙක්ගේ කණක් කපමු..
අයියා: පිස්සුද උගුඩුවො... මුන් පට්ට වටින අස්සයෝ.. උඹේ එකාගේ ඕනිනං කපාගනින් මගේ එකාගේ බෑ..
මල්ලි: හරි මගේ එකාගේ කණක් කපනවා.. අපේ දෛවය වෙනස් කරන්න ඕන කොහොම හරි...
ඔහොම කියල අස්සයව පශු වෛද්‍ය කෙනෙක් ලඟට අරං ගිහිං කණක් කැපුවා(කොනක් නෙමෙයි හරිද). ඊළඟ දවසේ උදේ බලද්දී මෙන්න අස්සයෝ දෙන්නගෙම කන් එක ගානේ නෑ.
හරි මං අනිත් කනත් කපනවා.. මල්ලි දැඩි මතයක ඉඳන් කිව්වා..
ඊළඟ දවසේ බලද්දී අස්සයෝ දෙන්නගෙම කන් හතරම නෑ.
අයියා: මල්ලි මේ මගුල හරියන්නේ නෑ මං කියන්නද අයිඩියා එකක්...
මල්ලි: අනේ පල පල උඹේ අයිඩියා... අපි එකෙක්ගේ කකුලක් කඩමු... ඒ වගේ ලොකු දෙයක් අනික් එකාට වෙන්න විදිහක් නෑනේ..
අයියා: හා හැබැයි උඹේ එකාගේ...
ඔන්න මල්ලිගේ අස්සයගේ කකුලකුත් කැඩුව.. අයියා කුණු හරප කියනවා යකෝ මේ අස්සයෝ දෙන්නා හොඳම කුළේ.. තුර්කි සම්බවයක් තියන කකුලේ යටම හන්දියට යටිං
දිග මයිල් හැදෙන්නේ අස්සයෝ 157 කට එකෙක්ගේ... එහෙව් එකාගේ කකුල කැඩුවනේ මෝඩ හරකා... බ්ලා බ්ලා බ්ලා...
මල්ලි: බලපන්කො උඹ වගේ නෙමේ මං දුර දිග හිතල බලලා වැඩ කරන එකෙක්... උඹේ මෝඩ අයිඩියා වගේද මගේ අයිඩියා... ඔන් ද ඉස්පොට් ප්‍රතිපල...
අයියා: හරි මේක හරි නොගියොත් මොකද කරන්නේ...
මල්ලි: හරියනවා බොල...
අයියා: හරි නොගියොත්..?
මල්ලි: උඹ කියන ඕන දෙයක් කරනවා...
ඔන්න ඊළඟ දවස උදා උනා. දෙන්නම ඉස්තාලෙට ගිහිං බලද්දී දැක්ක දෙයින් දෙන්නා බිරාන්තද මොකක්ද වෙලා ගියා. අහස පොළව නුහුලන අපරාදයක් වෙලා. අස්සයෝ දෙන්නම කකුල් කඩාගෙන ඉන්නවා. අයියා ආයෙත් කුණු හරප කියන්න පටන් ගත්තා.
මල්ලි: හරි මං පරාදයි.. උඹ කියපං බලන්න උඹේ අයිඩියා එක..
අයියා: මටත් එහෙමට කියල අයිඩියා එකක් නෑ බං...
මල්ලි: ඒකනේ ඒකනේ...
අයියා: මං කියන්නද... උඹ කළු අස්සයා ගනිං මං සුදු අස්සයා ගන්නං.
මගේ කලින් පෝස්ට් වල ලින්ක් මෙන්න. හොද නම් ඉතින් දන්නවනේ. එහෙනම් අපි ගියා.
http://www.elakiri.com/forum/showthread.php?t=1631121
http://www.elakiri.com/forum/showthread.php?t=1630615
ඔන්න එකමත් එක රටක හිටියා සහෝදරයෝ දෙන්නෙක්.. සහෝදරයෝ කිව්වට මුන් සහෝදරත්වයේ හොඳම එක.. නිමුන්නෝ..

පොඩි කාලේ ඉදං මුන් දෙන්නට ලැබුණ හැම තෑග්ගම වන් ටු වන්.. එක වගේමයි.. ෂර්ට්, කලිසං, ජංගි,
බැනියම් ඔක්කොම එක වගේ. පොඩි කාලේ ඉදං හැමදේම පැටලිලා මුන් දෙන්නට එපා වෙලා හිටියේ. දෙන්නගෙන් බාලයා තමයි පොඩ්ඩක් හරි මොලේ පාවිච්චි කරලා දෙන්නට ආව ප්‍රශ්න ගොඩ දැම්මේ. ඔහොම ඔහොම යද්දී මුන් දෙන්නගේ 18 වෙනි උපන්දිනේ ආවා. වෙනදා වගේම මුන්ගේ අම්මයි අප්පච්චියි දුන්නා පට්ට ගිෆ්ට් දෙකක් දෙන්නට. හොදම කුළේ ඉපදුණ පට්ට පෙඩිග්‍රියක් තියන ස්ටලියන් අස්සයෝ දෙන්නෙක්. එක උස එක මහත. එක දිග එක පළල. මුන් දෙන්නට විඳව ගන්න බෑ. පුපුරනවා මේ වෙච්ච දහ දුරා වැඩේට. ඇයි යකෝ අස්සයන්ට නමක්වත් දාන්න විදිහක් නෑනේ. වෙනද වගේම හැමදාම ප්‍රශ්නෙකට පොඩි හරි විසදුමක් දෙන මල්ලි එදත් ඉදිරිපත් උනා ප්‍රශ්නේ ගොඩ දාන්න.