~ Copied (අටුවාවකින්) ~
2. බක බ්‍රහ්මය, මම ඔබේ ආයු ප්‍රමාණය දනිමි. ඔබ දීර්ඝායු සේ සිතන, ආයු ප්‍රමාණය දීර්ඝායුෂක් නොවේ. එය ‘නිරබ්බුද’ ගණනින් කියතොත්, නිරබ්බුද ලක්ෂයකි. එය මඳ ආයු ප්රමාණයකි.
මෙහි ‘සතං සහස්සානං නිරබ්බුදානං’ යනු ‘නිරබ්බුද ගණනින් ලක්ෂයකි’ යන අර්ථයි. වර්ෂයන්ගේ දහයේ ඒවා දහයක්, සියයකි. සියයේ ඒවා දහයක්, දහසකි. දහසේ ඒවා සියයක්, ලක්ෂයකි. ලක්ෂ සියයක් කෝටියකි. කෝටි ලක්ෂයේ සියයක්, ප්‍රකෝටියකි. ප්‍රකෝටි ලක්ෂයේ සියයක්, කෝටි ප්‍රකෝටියකි. කෝටිප්රකෝටි ලක්ෂයේ සියයක්, නහුතයකි. නහුත ලක්ෂ සියයක් නින්නහුතයකි. දක්ෂ ගණිතඥයෙක් මෙපමණක් ගණන් කරයි. එය ඉක්මවා යාම බුද්ධ විෂයකි. ඒ අනුව නින්නහුත ලක්ෂ සියයක්, ‘අබ්බුද’ නම් වේ. අබ්බුද විස්සක් ‘නිරබ්බුද’ නම් වේ. නිරබ්බුද ලක්ෂ සියයක්, ‘අහහ’ නම් වේ. බක බ්‍රහ්මයාගේ එම භවයෙහි, ඉතිරි ආයු ප්‍රමාණය සලකා, ‘නිරබ්බුද ලක්ෂයකැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
https://tipitaka.lk/atta-kn-jat-7-1-10