අසංකය සහ සිංහලු

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇත්තටම මොනවා ගනින්න ඇතිද බං ඔය බින්දු 140ක් තියෙන ඉලක්කමකින්. භාවිතා කරපු නිසානේ නම් දාගන්න ඇත්තේ


    1saKHxV.jpg
    අසංඛ්‍ය කියන සංඛ්‍යාව ගැන බෞද්ධ පොත් වල සදහන් වෙනවා. බුදුන් වහන්සේ පවා දීර්ඝ කාලයන් ගැන උදාහරණ දෙද්දී මේ සංඛ්‍යාව භාවිතා කරලා තියෙනවා දැකලා තියෙනවා.
    බොහෝවිට හින්දු/ වෛදික ගණිත සංකල්ප වෙන්න ඇති මේවා.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇත්තටම මොනවා ගනින්න ඇතිද බං ඔය බින්දු 140ක් තියෙන ඉලක්කමකින්. භාවිතා කරපු නිසානේ නම් දාගන්න ඇත්තේ
    කල්පයට තියෙන අවුරුදු ගාන ගනින්න වෙන්න ඇති.

    සාර අසන්කෙයිය් කල්ප ලක්ෂයක්‌ කියල ඔය බුද්දාගමේත් කියන්නෙ

    😌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    කල්පයට තියෙන අවුරුදු ගාන ගනින්න වෙන්න ඇති.

    සාර අසන්කෙයිය් කල්ප ලක්ෂයක්‌ කියල ඔය බුද්දාගමේත් කියන්නෙ

    😌
    ඒක විතරක් තිබ්බ වෙන්න බෑ. බුදු හාමදුරුවො එහෙම සංඛ්‍යා අලුතෙන් එකතු කරන්න නැතුව ඇති තියෙන අංක වල ලොකුම එක ගන්න ඇත්තේ ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒක විතරක් තිබ්බ වෙන්න බෑ. බුදු හාමදුරුවො එහෙම සංඛ්‍යා අලුතෙන් එකතු කරන්න නැතුව ඇති තියෙන අංක වල ලොකුම එක ගන්න ඇත්තේ ගොඩක් වෙලාවට
    ඔව් rontmir කියල තියෙනව වගෙ ඕව වෛදික යුගයෙ ඉදන් එන අංක වෙන්න ඇති. බුදු හාමුදුරුවො ඒ අංක භාවිත කරන්න ඇති :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ඔව් rontmir කියල තියෙනව වගෙ ඕව වෛදික යුගයෙ ඉදන් එන අංක වෙන්න ඇති. බුදු හාමුදුරුවො ඒ අංක භාවිත කරන්න ඇති :yes:
    ඔව් මොනවද ඇත්තටම ඔව්වගෙන් කරන්න ඇත්තේ.
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව් මොනවද ඇත්තටම ඔව්වගෙන් කරන්න ඇත්තේ.
    එහෙම මොකුත් කරන්න ඇති කියල හිතන්න අමාරුයි නෙහ්.

    ඔය කාලෙ මිනිස්සු දැනුම පස්සෙන් ගියපු කාලයක් කියනවනෙ. ඉතින් අරාබි ගණිතය හදද්දී එක එක ප්‍රමාණ ගණිතමය ව නිරුපනය කරන්න අවශ්‍ය වෙයි කියල හදල තිබ්බ වෙන්න පුළුවන් කියල තමා මට නම් හිතෙන්නෙ.

    ප්‍රයෝගික බාවිතයක් තිබ්බ කියල නම් හිතාගන්න අමාරුයි.
     
    • Like
    Reactions: NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    සිංහළු හිතන් හිටියට දැන් අපි හරි දියුණුයි කියල මීට වඩා ගොඩක් දියුණු කාල තිබිල තියනව ආයිබෝං

    හින්දු ඉලක්කම් වල අසන්ක්‍යට වඩා ලොකු ඉලක්කම් තියනව

    බුදු දහමට අනුව මිනිස් ආයුෂ වැඩිවෙන්න පුළුවන් උපරිම අවුරුදු ගණනත් අසන්ක්‍ය එකයි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    බෞද්ධ සාහිත්‍යයේ තමයි ගොඩක්ම ඔය වචන දැකල තියෙන්නේ. බුදු හාමුදුරුවෝ සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා, මාරයාගේ සේනාව දස බිම්බරක් හිටියා වගේ. උම්මග්ග ජාතකයේ අටලොස් අක්ෂෞහිනියක් සේනාව මියුළු නුවර වටකලා කියලා තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ~ Copied (අටුවාවකින්) ~

    2. බක බ්‍රහ්මය, මම ඔබේ ආයු ප්‍රමාණය දනිමි. ඔබ දීර්ඝායු සේ සිතන, ආයු ප්‍රමාණය දීර්ඝායුෂක් නොවේ. එය ‘නිරබ්බුද’ ගණනින් කියතොත්, නිරබ්බුද ලක්‍ෂයකි. එය මඳ ආයු ප්‍රමාණයකි.

    මෙහි ‘සතං සහස්සානං නිරබ්බුදානං’ යනු ‘නිරබ්බුද ගණනින් ලක්‍ෂයකි’ යන අර්ථයි. වර්ෂයන්ගේ දහයේ ඒවා දහයක්, සියයකි. සියයේ ඒවා දහයක්, දහසකි. දහසේ ඒවා සියයක්, ලක්‍ෂයකි. ලක්‍ෂ සියයක් කෝටියකි. කෝටි ලක්‍ෂයේ සියයක්, ප්‍රකෝටියකි. ප්‍රකෝටි ලක්‍ෂයේ සියයක්, කෝටි ප්‍රකෝටියකි. කෝටිප්‍රකෝටි ලක්‍ෂයේ සියයක්, නහුතයකි. නහුත ලක්‍ෂ සියයක් නින්නහුතයකි. දක්‍ෂ ගණිතඥයෙක් මෙපමණක් ගණන් කරයි. එය ඉක්මවා යාම බුද්ධ විෂයකි. ඒ අනුව නින්නහුත ලක්‍ෂ සියයක්, ‘අබ්බුද’ නම් වේ. අබ්බුද විස්සක් ‘නිරබ්බුද’ නම් වේ. නිරබ්බුද ලක්‍ෂ සියයක්, ‘අහහ’ නම් වේ. බක බ්‍රහ්මයාගේ එම භවයෙහි, ඉතිරි ආයු ප්‍රමාණය සලකා, ‘නිරබ්බුද ලක්‍ෂයකැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

    https://tipitaka.lk/atta-kn-jat-7-1-10