ප්‍රතිමාවක් අසළ අසභ්‍ය අයුරින් හැසිරුණු
විදේශීය ජාතිකයින් තිදෙනෙකු ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර ඇම්බැක්කේ දේවාලයේ ඇති බුද්ධ ප්‍රතිමාවක් අසළ මොවුන් අසභ්‍ය ලෙස හැසිරෙමින් ඡායා රූප ලබා ගෙන ඇත.
අනතුරුව ඔවුන් ලබාගත් එම ඡායා රූප මුද්‍රණය කර ගැනීම සඳහා ගාල්ලේ පිහිටි ඡායා රූප සැකසුම් මධ්‍යස්ථානයකට ලබාදී තිබේ.
එහිදී එහි හිමිකරු විසින් පොලිසියට දැනුම්දීමෙන් පසු අදාළ විදේශ ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් ලබා ගත් ඡායා රූප 5ක් ද පොලීසිය විසින් සිය භාරයට නෙ ඇත.
ප්‍රංශ ජාතික සංචාරකයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි ගාල්ල පොලීසිය පැවසුවේය. -2012-08-21~