අස්ගිරි මහ නා හිමියන් අපවත්වෙයි
අස්ගිරි මහ නා හිමියන් අපවත්වෙයි - හේතුව හෘදයාබාධයක්

විහාරස්ථානයේ නාන කාමරයේදී හදිසියේ ඇද වැටීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ අස්ගිරි මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියන් අද රාත්‍රියේ අපවත්වුණා.
ඒ, රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස්. රත්නායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ හෘදයාබාධයක් හේතුවෙන් උන්වහන්සේ අපවත්වූ බවයි.
උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු මහ නායක ධුරයට පත් ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියන් අපවත් වනවිට 93 වන වියේ පසුවුණා.