අස්පට් කවි - 6

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අස්පට් කවි 6

උඹ හරි කවියෙක්ලු බං
කවියක්වත් ලියැවෙන්නෙ නැති
පික්සු හැදෙන හදවතක්ලු මං
ජීවිතේ කවියක් වෙන් නැති

ආදරෙයිලු ජීවිතේ පුරා
ළඟින් ඉන්නම්ලු මියෙන තුරා
කව්ද කිව්වෙ ඔය කතා
මැරෙන මේ ජීවිතේ පුරා

අප්සට්ද දැන් උඹට
ආතල්ද මං කියන එක
බූට් එකක් කියල හිතුවද මම
මේ විදිහට ලියන එක ගැන

බැඳෙනවලු තනිකමට
ඇණයක්ම වෙනවලු
ඊට පස්සේ යනවලු
නැති ප්‍රශ්න හදනවලු

ඇයි බං ආදරේ
මේ විදිහට සාගරේ
ඉන්න බැරිද පාඩුවේ
තනිකමට ඉන්න දී

- බ්‍රැන්ඩෝ