අසාද්_සාලූ

r runner

Member
May 12, 2015
2,396
781
0
“ජනපති කිවුවාට ගවමස් රටින් ගෙන්වන්නේ නෑ.. ඝාතනය කරනවා… එය අපේ ආගමික අයිතියක්..”

 

r runner

Member
May 12, 2015
2,396
781
0
සතුන්ට නිදහස ඝාතකයාට නුවණ
තවත් එක් පවුකාරයකු යහමගට යොමු කිරීමේ කදිම කතා පුවතකි මේ.
“කිමෙක් ද පින්වත? ඔබ මහත් දුකින් හඬනු පෙනෙයි. දුකින් සිටීමට කරුණ කුමක් ද?” බුදු රජාණෝ එක් බමුණකුගෙන් ඇසී ය.
“ස්වාමීනි, මම දුප්පත් ගොවියෙක්; ගොවිතැන් කිරීමෙන් මගේ දරුපවුල පෝෂණය කරන්නෙමි. මගේ ගවයන් තුන්දෙනා මගේ දරුවන් සමාන ය. ඔවුහු මගේ කුඹුර සී සා දෙති; මගේ අස්වැන්න නිවෙසට ගෙනැවිත් දෙති; එපමණක් නො ව ස්වාමීනි, මගේ කෙතෙහි අස්වැන්න සරු-සාර කරගැනීමට අවශ්‍ය පොහොර ටික ලබා දෙති… තව ද ස්වාමීනි, මගේ ගවයෝ මගේ දරුවන්ට මවක් හා සමාන ය. ඔවුහු මගේ දරුවන්ට අවශ්‍ය කිරි ටික නිර්ලෝභී ව ලබා දෙති… මෙනුවර වැසි ‘උද්ගතශරීර’ නම් බමුණා මගේ ප්‍රාණය හා සමාන ගවයන් තිදෙනා බිලි පූජාවක් පිණිස රැගෙන ගියේ ය. ස්වාමීනි, ඔබ වහන්සේ මහා බලවත් තවුසකු බව පෙනෙයි. මගේ ගවයන් රැගෙන ගිය උද්ගතශරීර බමුණාට සාප කළ මැනව.”
“පින්වත් බමුණ, ඔබට අවශ්‍ය කරන්නේ උද්ගතශරීර බමුණාගේ විනාශය දැකීම ද? එසේ නැත හොත් ඔබගේ ගවයන් ලබාගැනීම ද?”
“ස්වාමීනි, මට මගේ ගවයන් තිදෙනා ලැබුණොත් එය හොඳට ම ප්‍රමාණවත්. ඔහු විනාශ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මට නැත ස්වාමීනි.”
“එසේ නම් පින්වත, මම ඔබට ගවයන් ලබා දෙන්නෙමි. මට උද්ගතශරීර බමුණාගේ යාග භූමිය පෙන්වනු මැනවි.”
බමුණා බුදු රජාණන් වහන්සේට ඒ යාග භූමිය පෙන්වූයේ ය.
“ස්වාමීනි, අර ඈතින් පෙනෙනුයේ යාග භූමිය යි… දුම් රොටු අහසට නැගෙනු පෙනෙයි. ගවයින්, බැටළුවන්, එළුවන් මර හඬ නගනු ඇසෙයි. බමුණාත් එහේ මෙහේ දුව-පනිමින් විධාන දෙන අයුරු පෙනෙයි… දැනට ම යාගය පටන් ගෙන ඇති සෙයකි. ස්වාමීනි, හැකි ඉක්මනින් වඩිමු. අර ඉන්නෙ මගේ දරුවො තුන්දෙනා, කණුවක ගැටගහලා. දකින විටත් පපුව පැළෙන්ට වගේ මහා වේදනාවක් ඇති වෙනවා. අනේ ස්වාමීනි…”
යාගභූමිය වෙත වැඩම කළ බුදු හිමියන්ගේ කරුණාබර දෙනෙත දුටු උද්ගතශරීර බමුණා තරමක පසුබෑමකට ලක් විය. ‘මුඩු මහණෙක් කුමට මේ උතුම් යාග භූමියට පැමිණෙන්නේ ද? ඔහු නිසා යාග භූමිය කිලුටට පත් වෙයි. ඔහු ආ-පයින් ම ආපසු ගියාවේ. හිඳගැනීමට අසුනක් වුව නොදෙන්නෙමි. ගරු-බුහුමන් නොකරන්නෙමි,’ යි බමුණා සිතුවත් එලෙස සිටීමට නොහැකි විය. ආසනය ගිනියම් වූ කලෙක මෙන් හෙතෙම වහා නැගී සිටියේ ය; බුදු රජාණන් වහන්සේ ඉදිරියෙහි වැටී නමස්කාර කළේ ය.
“ස්වාමීනි, ඔබ මහා බලගතු තවුසකු බව පෙනෙයි. මා සිතා සිටියේ අසුනින් නැගී නොසිටීමටත්, මාගේ සහචරයන් ලවා ඔබ වහන්සේ මෙම යාග භූමියෙන් පලවාහැරීමටත් ය. දෙවියන් ඉදිරියේ සහ කොසොල් මහ රජතුමන් ඉදිරියේ පමණක් දණ නමන මට ඔබ වහන්සේ ඉදිරියේ දණ නොනමා සිටිය නොහැකි විය… ස්වාමීනි, ඔබ වහන්සේ මට ද වඩා ශ්‍රේෂ්ඨයකු ය යි සිතමි.”
“බමුණ, සැබවින් ම ඔබ එසේ සිතන්නෙහි ද?”
“එසේ ය ස්වාමීනි, ඔබ වහන්සේ මට වඩා උසස් අයකු වශයෙන් පිළිගනිමි.”
“එසේ නම් බ්‍රාහ්මණය, මම ඔබ අමතමි… මෙම පැනයට පැහැදිලි පිළිතුරක් දෙව. තොප තොපගේ වටිනාකම කොතෙක් දැ යි සිතන්නේ ද?”
“පින්වත් ස්වාමීනි, මට මගේ වටිනාකම තක්සේරු කළ නොහැකි ය. මට බොහෝ රන් මසු ඇත; ඉඩ-කඩම් ඇත; පිරිවර සේනාවෝ ඇත; රාජ්‍ය අනුග්‍රහය ද ඇත. බොහෝ දෙන මට ප්‍රශංසා කරති.”
“එසේ නම් බ්‍රාහ්මණය, නොවළහා පවසව. මෙම යාග භූමියෙහි ගැට ගසා සිටින එළු, බැටළු, ගව, සතුන් මෙන් කොපමණ වාරයක් ඔබ වටින්නෙහි ද?”
“ස්වාමීනි… හරියට ම මෙපමණ ය යි පැවසිය නොහැකි ය. එසේ වුව ද ඊට ලක්ෂ වාරයක් පමණ මා වටිනා බව මම විශ්වාස කරමි.
“පින්වත් බමුණ, ඔබට ද වඩා මා වටිනා බව මෙයට මොහොතකට පෙර ඔබ පැවසුවෙහි ය.”
“එසේ ය ස්වාමීනි, මට වඩා ඔබ වහන්සේ බෙහෙවින් ම වටිනා බව මම එක හෙළා ම පිළිගනිමි.
“එසේ නම් බ්‍රාහ්මණය, මෙම යාග කණුවල බැඳ සිටින දහස් ගණනක් වූ සියලු සතුන් වහා නිදහස් කරව. ඔවුන් වෙනුවට මා මෙම යාග කණුවෙහි ගැට ගසා, මාගේ රුධිරයෙන් තොපගේ දෙවියන් පුදනු. දෙවියන් වඩාත් සතුටු වනු ඇත්තේ වඩා වටිනා බිලි පූජාවක් කිරීමෙන් පමණකි. මෙම අසරණ සතුන් මර බියෙන් නගන හඬ තොපට නො ඇසේ ද? සා-පිපාසාවෙන් පෙළෙන බව නො පෙනේ ද? ඔවුන් ජීවිතය ඉල්ලා හෙළන කඳුළු නො පෙනේ ද? මෙම අසරණ සත්ත්වයන්ගේ ගෙල සිඳ ගලන රුධිරයෙන් මෙම යාග භූමිය පවිත්‍ර කළ හැකි ද…? කියනු මැන බමුණ, එයින් කිසියම් ශාන්තියක් ලැබිය හැකි ද…? තොප දහස් ගණන් සත්ත්වයන් ඝාතනය කිරීමෙන් ලබන පලය කිම…? ගොවිතැනට අවශ්‍ය ගවයා දෙවියකු වැනි ය. කොයිතරම් ප්‍රයෝජනවත් සතෙක් ද? තොපගේ දරුවනට කිරි දීමෙන් පෝෂණය සලසයි; ගොවිපළට පොහොර ලබා දෙයි; තොපට ගමනාගමන පහසුකම් ලබා දෙයි. මෙවන් උතුම් සත්ත්වයන් ඝාතනය නිසා තොපත් තොපගේ සහචරයනුත් අපාගත වෙති. මෙවැනි බිලි පූජාවලින් කිසිවෙක් සෙතක් ලැබුවේ නම් එය නොවළහා පවසව.”
“ස්වාමීනි, බිලි පූජාවට මරණ සතුන් සියල්ල මරණින් මතු ස්වර්ගයට යන්නේ ය. එබැවින් එය පාප කර්මයක් වශයෙන් නොසලකමි.”
“එසේ නම් බමුණ, තොප තොපගේ අඹු-දරුවන් ස්වර්ගයට යැවීමට නොසිතන්නේ මන්ද? තොපට ඔවුන් පහසුවෙන් ස්වර්ගයට යැවීමට හැකි නො වේ ද? ඔවුන් තොපගේ යාග කණුවල ගැටගසා ගෙල සිඳ බිලි පූජා නොපවත්වන්නේ කුමන කරුණක් නිසා ද? වහා පිළිතුරු දෙනු.”
“ස්වාමීනි… පෙර විසූ රජවරු සිටුවරු බ්‍රාහ්මණවරු මෙවන් යාග පැවැත්වූ හ; එලෙස යාග පවත්වා මහත් යස ඉසුරු ලැබුවෝ ය.
“පින්වත් බ්‍රාහ්මණය, සාවධාන ව අසනු… බිලි පූජාවල අනුසස් දේශනා කරන්නේ බිලි පූජා වෘත්තියක් කරගත් බමුණෝ ම ය. ඔබ අන්ධානුකරණයෙන් ඒවා පිළිගත යුතු නැත. කිසිවකුටත් පලක් නොවන නිසරු බිලි පූජා අත්හැරිය යුතු ය. දෙවිවරු සත්ත්ව ඝාතන අනුමත නො කරති.
“ස්වාමීනි, අප විසින් කළ යුතු යහපත් පූජාවක් ඇත් ද?”
“ඇත. පින්වත් බ්‍රාහ්මණය, පළමුවෙන් ම ඔබ කළ යුතු උතුම් ම පූජාව නම් ඝාතනයට සූදානම් කර තිබෙන සියලු සත්ත්වයන් මුදා-හැරීම යි. එලෙස බිලි පූජාවන් නතර කළ හොත් ඇතැම් විට ඔබ බමුණු සමාජයෙන් නෙරපනු ඇත; හෙළා දකිනු ඇත; අවඥාවට ලක් කරනු ඇත. මිථ්‍යාවෙන් හිස පුරවාගත් අඥානයන්ගෙන් ලැබෙන කීර්ති ප්‍රසංසාවන්ගෙන් ඔබට ඇති පලය කිම…? අසරණ
සතුන්ට අභය දානය දීම නිසා යහපත් මිනිසුන්ගෙන් ඔබට ප්‍රසංසා ලැබෙනු ඇත. දෙවි-දේවතාවුන්ගේ ආශීර්වාදය ද ඔබට නොමඳ ව ලැබෙනු ඇත. මරණ බියෙන් බියපත් ව සිටි අසරණ සතුන් ජීවිත දානය ලැබ දිව යන ආකාරය දෙස බලන්න. ඔබ මහා කුසලකර්මයක් කරගන්නෙහි ය. මෙම අසරණ මිනිසාගේ ගවයෝ තිදෙන කොතරම් සතුටකින් සිටිත් ද? උහු ඔබගේ සිතට සතුටක් ගෙන නොදෙති ද? ඔබ ලබන ඔය සතුට සතකු ඝාතනය කිරීම මගින් අත්විඳිය හැකි ද?
“ස්වාමීනී, නිදහස ලබා දිව යන සතුන් මෙන් මෙතෙක් කලක් මා සිත බැඳී තිබූ මිථ්‍යා විශ්වාසයන් පහ ව ගියේ ය. අද පටන් මම සතුන්ට කරුණාව දක්වමි. යළි කිසි දිනක බිලි පූජාවකට හෝ අන් කරුණක් උදෙසා හෝ කුරා-කුහුඹුවකු වුව ඝාතනය නොකරමි… ස්වාමීනී, මම හැඳිනගත්තෙමි… ඔබ වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බව ඇඳින්නෙමි. ඔබ වහන්සේ මෙම සතුනට පමණක් නො ව, මා කෙරෙහි ද අනුකම්පාවෙන් මෙහි වැඩම කළ බව මම වටහාගතිමි. ස්වාමීනි, අද පටන් දිවි හිමියෙන් මම ඔබ වහන්සේ සරණ යන්නෙමි.”
 
  • Like
Reactions: fakerandi

r runner

Member
May 12, 2015
2,396
781
0
nedkin. un ochchara pau weda karala hodin innawane :(

ඒකට බලපන් මචං අපේ ආගම... සිංහල බෞද්ධ වෙලා උපදින්න පිං කරලා තියෙන්න ඕනි...:love:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    අනේ අපේ මහින්ද රාජපස්ස මැතිතුමා එක පාරක් හරි ලංකාවේ ජනාදිපති උනා නම් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරනවා.
    කොන්ද පන තියෙන නායකයෙක් අපේ රටට ඕනේ. ඔව්.
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මචෝ ලංකාවේ නීති තියෙන්නෙ ආගම් වශයෙන් ද? ලංකාවටම එකම පොදු නීතියක් නෙමෙයි ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ අපේ මහින්ද රාජපස්ස මැතිතුමා එක පාරක් හරි ලංකාවේ ජනාදිපති උනා නම් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරනවා.
    කොන්ද පන තියෙන නායකයෙක් අපේ රටට ඕනේ. ඔව්.

    සීමා කරන්ඩ විතරනෙ බන් පුලුවන්, සම්පූර්ණයෙන්ම තහනම් කරන එක ප්‍රායෝගික නෑ මම නන් හිතන්නෙ... :nerd:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    සීමා කරන්ඩ විතරනෙ බන් පුලුවන්, සම්පූර්ණයෙන්ම තහනම් කරන එක ප්‍රායෝගික නෑ මම නන් හිතන්නෙ... :nerd:

    එක පැත්තකින් හරක් උන්ගේ පව් ගෙවනවා.
    තහනම් කරන්න අවශ්‍යනම් කරන්න පුළුවන් බන්. දැන් ගංජා කුඩු එහෙම තහනම් කරලා තියෙන්නේ. ඒවා තහනම් කරාට 100% සාර්ථක නොවුනට. අපිට සුපර් මාකට් එකෙන් ගංජා ගන්න බෑනේ. අන්න ඒ තත්වෙට ගේන්න පුළුවන්. මස් වැද්දෝ හොරාට මරාගෙන කයි. ඒවා අල්ලන්නත් නීතිය ක්‍රියාත්මක කරොත් අඩු කරගන්න පුළුවන්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    nedkin. un ochchara pau weda karala hodin innawane :(

    මොන හොඳක්ද බන්... සල්ලි තිබ්බම හොඳ ජිවිතයක් ගත කරා වෙනවද ?
    මුන් හැමවෙලේම අහවල් දෙයියෙක්ට බයේ ඉන්නේ. අඩුම තරමේ නිදහසේ මුත්‍රා කරන්නවත් ඉඩක් නෑ. ඒක කරන්න ඕනේත් අර පොතේ තියෙන විදියට තමයි...
    මුන් මිනිස් ආත්ම ලැබුවට කාලයත් එක්කම වහල් වෙලා පොතකට ... සින්දුවක් අහනන් බෑ. ෆිල්ම් එකක් බලන්න බෑ.... පිස්සු විමානයක්....
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ අපේ මහින්ද රාජපස්ස මැතිතුමා එක පාරක් හරි ලංකාවේ ජනාදිපති උනා නම් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරනවා.
    කොන්ද පන තියෙන නායකයෙක් අපේ රටට ඕනේ. ඔව්.

    අනිවා දෙශපාලන ඇසකින් තොරව බලන්න ඕනේ....
    ඒත් බයියෝ මෛත්‍රී ඔය වැඩේ කරන්න ගියාම එකෙත් ඇදකුද හොයන්න යනවා.
    පිටර්ටින් ගෙනාවොත් හරක් මැරෙන්නේ නැද්ද වගේ මෝඩ තර්ක ගෙනල්ලා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එක පැත්තකින් හරක් උන්ගේ පව් ගෙවනවා.
    තහනම් කරන්න අවශ්‍යනම් කරන්න පුළුවන් බන්. දැන් ගංජා කුඩු එහෙම තහනම් කරලා තියෙන්නේ. ඒවා තහනම් කරාට 100% සාර්ථක නොවුනට. අපිට සුපර් මාකට් එකෙන් ගංජා ගන්න බෑනේ. අන්න ඒ තත්වෙට ගේන්න පුළුවන්. මස් වැද්දෝ හොරාට මරාගෙන කයි. ඒවා අල්ලන්නත් නීතිය ක්‍රියාත්මක කරොත් අඩු කරගන්න පුළුවන්.

    :yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ
    අනේ අපේ මහින්ද රාජපස්ස මැතිතුමා එක පාරක් හරි ලංකාවේ ජනාදිපති උනා නම් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරනවා.
    කොන්ද පන තියෙන නායකයෙක් අපේ රටට ඕනේ. ඔව්.





    ඒ කියන්නේ දැන් ඉන්න එකාට කොන්දක් නෑ කියලා පාක්ෂිකයොත් පිලිගන්නවා.

    :lol::lol::lol::lol::lol:

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක


    ඒ කියන්නේ දැන් ඉන්න එකාට කොන්දක් නෑ කියලා පාක්ෂිකයොත් පිලිගන්නවා.

    :lol::lol::lol::lol::lol:


    ඒ මහා කශේරුකාවක් තියනවයි කියන කෙනා අඩුම තරමේ උත්සාහයක්වත් ගත්තද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113

    අනිවා දෙශපාලන ඇසකින් තොරව බලන්න ඕනේ....
    ඒත් බයියෝ මෛත්‍රී ඔය වැඩේ කරන්න ගියාම එකෙත් ඇදකුද හොයන්න යනවා.
    පිටර්ටින් ගෙනාවොත් හරක් මැරෙන්නේ නැද්ද වගේ මෝඩ තර්ක ගෙනල්ලා.

    අනිවා ගොන් තර්ක ගේනවා. බයියෝ පුක කකහා ඉන්නේ. :lol:


    :)



    ඒ කියන්නේ දැන් ඉන්න එකාට කොන්දක් නෑ කියලා පාක්ෂිකයොත් පිලිගන්නවා.

    :lol::lol::lol::lol::lol:


    අනිවා බන් :) මගේ එකම පැතුම රාජපස්ස මැතිතුමාව එකම එකපාරක් ලංකාවේ ජනාදිපති කරලා ගව ඝාතනය, වන සංහාරය වගේ රටේ තියෙන පස්න ඔක්කෝම ඉවරයක් කරලා දාන්න. අපේ රටේ කරුමෙටයි රජපස්ස වගේ හුටුමන් වහන්සේලා රටේ ජානාදිපතිලා නොවුනේ.

    දැන් ඉන්න වේසාවට කොන්දක් නෑ පුත්‍ර රත්නය දහමව දම්මලා රසියන් කෑලි ටිකක් බස්සලා මාළිගාව වටේ නයිට් රේස් එකක් පද්දලා, පෙරහැරට කැරොල් පහරක් ගස්සලා අපිට ආතල් දෙන්න. අපිට කොච්චර නම් සතුටු වෙන්න තිබ්බ අවස්ථාද පඹයා නැති කරන්නේ.