දරුවාගේ දුරකථනයේ අසැබි දසුන් දැක පියා දිවිනසා ගනියි
තම දරුවා සතු ජංගම දුරකථනයේ තිබූ බව කියන අසභ්‍ය දර්ශන කිහිපයක් දරුවා සහ බිරිඳ ඉදිරිපිට නැරඹූ පියෙකු වෙඩි තබාගෙත සිය දිවි නසාගෙන ඇති බව ගොකරැල්ල පොලිසිය පවසයි.
ගොකරැල්ල, ජනපාගම පදිංචි 43 හැවිදිරි ජේ. ඒ. සුගතපාල නැමති තිදරු පියෙකු මෙසේ මරණයට පත්ව ඇති බව සඳහන්ය.
මෙසේ මරණයට පත් පුද්ගලයාගේ දරුවකු ගොකරැල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිට ඇත.
එම දරුවා සතුව තිබූ ජංගම දුරකථනයක් එම පාසලේ විදුහල්පතිවරයා අතට පත්ව ඇති අතර, එය පරීක්ෂා කිරීමේදී එහි තිබූ අසභ්‍ය දර්ශන ඇතුළත් චිත්‍රපට කිහිපයක් දක්නට ලැබී ඇති බව සඳහන්ය.
ඒ සම්බන්ධව විදුහල්පති විසින් එම දරුවාගේ මව්පියන් කැඳවා දරුවා ඉදිරියේදීම එම දර්ශන මව්පියන්ට පෙන්වා ඇති බවත්, පසුව නැවත නිවසට පැමිණි පියා නිවස තුළදීම ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.

Code:
http://www.adaderana.lk/sinhala/news.php?nid=16012
Last edited: