ත්රෙඩ් එක දැක්ක දවසෙම මම දැක්ක වෙලාවක් නැති නිසා කියවන්න බැරි උනා. කියලා තියන කරුණු බහුතරයක් මම ඇහින් දකිනවා.
දැන් දවස් 20කට කලින් පොඩි ළමයි තුන්දෙනෙක් හමාස් කාරයෝ අරන් ගිහින් මරලා දාලා තිබුනා. මම හිතන්නේ මේකටත් අර අවුරුදු 21/2කට කලින් වගේ කයි.
මම හිතන්නේ ඔය තෙල් රටවල් වලට කෙලින්ම ඊශ්රායලයට අත දාන්න බැරි නිසා තමයි හමාස්ලා ලව්වා ගස්සවන්නේ බලල්ලු ලව්වා කොස් ඇට බාවනවා වගේ..
දැනන් හිටපු නැති දේවලුත් ගොඩක් දැනගත්තා.
(මම කලින් ගෙදරක වැඩ කලා ඒ ගෙදර ආච්චි මට හිට්ලර්ගේ සංහාරයෙන් එයාලගේ පවුල විනාස උන හැටි විස්තර කරනවා, එයාගේ අම්මා නංගි තාත්තා හිට්ලර් මරලා එයාවත් හිරකදවුරකදි තුන්පාරක් මරන්න අරන් ගිහින් තියනවා නමුත් එතන හිටපු වෝඩන් කෙනෙක් මෙයාව තුන් පාරම හංගලා. ඒ ආච්චි මට කියන්නේ දයාන් කියලා (මෝශේ දයාන්)