අසිරිමත් ඊශ්‍රායලය !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,326
    1,933
    113
    Kalutara
    අසිරිමත් ඊශ්‍රායලය !

    මුළු අරාබිකරයේම මුස්ලිම් අන්තවාදීන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ.
    මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ යි


    සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා
    පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු හමුදාවක් බවට පත් වෙනවා.


    fioisob188h19fffg.jpg


    රට බිහිවෙලා අවුරුදු 25 ක් ඇතුලත අරාබි හමුදා වල ආක්‍රමණ 3 කටම සාර්ථකව මුහුණ දෙනවා.
    ඒ හැම වතාවකදීම අරාබි හමුදා මේ රටේ හමුදාවට වඩා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා.

    uzb6wbo4g3gtfk9fg.jpg


    (තද කොළපාට - මේ රටත් එක්ක කෙලින්ම යුධ වැදුනු රටවල්,
    ලා කොළපාට- ඒ අරාබි රටවලට උදව් කරපු රටවල්,
    නිල් පාටින් - මේ පුංචි රට අර හැමෝටම තනියෙම මුහුණ දුන්නා )

    හැබැයි මේ මොන යුද්ධ තිබුණත්, 21 සියවස වෙද්දි මේ රට ලෝක වාර්තා රැසක් පිහිටුවනවා

    ඒ කියන්නෙ මේ රට මුළු ලෝකෙන්ම


    • වෛද්‍ය විද්‍යා උපාංග වැඩිම ගණනකට පේටන්ට් හිමිකරගන්නවා
    • වැඩිම නොබෙල් ත්‍යාග ප්‍රතිශතයක් ලබාගන්නවා
    • 2009 දී දෙවෙනියට හොඳම අභ්‍යවකාශ තාක්ශනයට හිමිකම් කියනවා

    දැනට මේ ඇති.. මේ ලිස්ට් එක ගොඩාක් දිගයි ……..

    ඉතිං මුළු ලෝකෙන්ම මේ රටෙදි තමයි පළවෙනි වතාවට මුස්ලිම් අන්තවාදීන්ට හුරතල් නැති උත්තර ලැබෙන්න පටන් ගන්නෙ :yes:


    ඊශ්‍රායලයේ ඉතිහාසය කොටින්ම හොලිවුඩ් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ.

    මුස්ලිම්වරු ඇරුනහම මැදපෙරදිග හිටපු සුළු ජාතියක් තමයි යුදෙව්වො (Jews) කියල කියන්නෙ.
    මේ මිනිස්සු මුස්ලිමුන් අතින් මහ මග නිතර නිතර ඝාතනයට වෙන්න ගත්තා.


    මුස්ලිම් අය දැනගෙන හිටියෙ නෑ තමන් හොට ඇනගත්තෙ වැරදි මිනිස්සුත් එක්ක කියන එක !

    මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්‍රායලය


    fg70sbcmtcfasb2fg.jpg


    ඉතින් 1948 මේ පුංචි රට ප්‍රකාශයට පත් කරපු දිනයට පහුවදාම අරාබි රටවල් 5 ක දැවැන්ත හමුදා 5 ක් එකවර
    ආක්‍රමණය කරනවා :shocked:

    8yur4ujmu13cqg3fg.jpg

    (ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, ඉරාකය හා ජෝර්දානය)


    මේ වෙද්දි රටේ වැඩිහරියක් හිටියෙ හිට්ලර් ගෙන් බැටකාලා යුරෝපයෙන් පැනලා ආපු සිවිල් වැසියො. ඒ කාටවත් හරි හමං හමුදා පුහුණුවක් තිබුනේ නෑ.

    අරාබි හමුදා, සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුධ විශ්ලේෂකයන් හිතුවෙ නෑ ඊශ්‍රායලය සති දෙකක් වත් තියේවි කියලා.

    ඒත් මාස 9 ක් පුරාවට වෙච්ච මේ යුද්ධයේ අන්තිමටම ඊශ්‍රායලය වැසියන්, අරාබි රටවල් 5 ම හමුදා පැරැද්දුවෙ කවුරුත්ම හිතපු නැති විදිහට !

    ඊශ්‍රායල වැසියො දැනගෙන හිටියා මේක අවසානය නෙවෙයි. ඉස්සරහටත් මුස්ලිම් රටවල් එක්ක හැප්පෙන්න වෙනවා කියන එක.
    ඒ නිසා මේ පාර වෙච්ච වැරදිත් හදාගෙන ඊලඟ යුද්ධෙට ලෑස්ති වුණා


    දැන් තමයි හොඳම හරිය:yes:

    තවත් අවුරුදු 19 ට පස්සෙ විශාල අරාබි රටවල් 4ක් එකවර පහරදෙන්නෙ මුලු අරාබිකරයේම විතරක් නෙවෙයි පකිස්තානෙන් පවා සහය අරගෙන.

    dxx2tqdyx18h98tfg.jpg

    (ඊජිප්තුව, සිරියාව, ජෝර්දානය සහ ඉරාකය)

    ඊශ්‍රායලය දවස් 6 න් මුං ඔක්කොටම ගහල දැම්මා….. !
    ඔව්……. දවස් 6 යි :D

    හැබැයි ඇමරිකාවේ, එංගලන්තයේ ප්‍රංශයේ ආධාර ඊශ්‍රායලයට ලැබුණා.
    ඒත් ඒකට හරියන්න රුසියානු ආයුධ ගුවන් යානා
    වටේ හිටපු සියලූම අරාබි රටවල් සතු වුණා. රුසියානූ නායකයින් අරාබි රටවල් එක්ක ඊශ්‍රායලය විරුද්ධ යුධ කටයුතු වලට ගිවිසුම් ගැහුවා.

    ඒත් මේ යුද්ධයෙදි යුදෙව්වන්, තමන්ගෙ රට defend කරා විතරක් නෙවෙයි. තමන්ගෙ රට වගේ 3 ගුණයක් විශාල බිම් කොටස් අර හැම අරාබි රටකින්ම අල්ලා ගත්තා දඬුවමක් විදිහට.

    ze6y1bc8wh0k56sfg.jpg

    (නිල්පාටින් තියෙන්නෙ ඊශ්‍රායලය. වම් පැත්තෙ රූපයේ ‘Sinai’ කියන්නෙ ඊජිප්තුවට අයිති තෙල් වලින් පොහොසත් බිමක්. මේ ඔක්කොම ඊශ්‍රායලය හමුදා අල්ලගත්තා )

    මේ ඔක්කොටම තමයි දවස් 6 ගියේ :D
    (ඊශ්‍රායලයට හරිම අපූරු උපක්‍රම පාවිච්චි කරල තමයි මේ තරම් ඉක්මනට වැඩේ ඉවර කලේ. ඒව පස්සෙ වෙනම කියන්නම් )

    අපි අවුරුදු 30 ක් තිස්සෙ කරන ජාතියේ යුද්ධ මේ ගොල්ලො කරන්නෙ දවස් 6 කින් ;)
    (ඔන්න දැන්නං යන්තම් ඊශ්‍රායලය ලංකාව තරම්ම ලොකුයි)

    මේක නං මුළු ලෝකය පුරාම 6-Day-War නමින් ගොඩක් ජනප්‍රිය වුණා. යුද්ධයට අණ දුන්න ඊශ්‍රායලය Generals ලා, ලෝක තරු වෙන්න ගත්තා

    obtr5prw7oc11qtfg.jpg

    (වමේ ඉන්නෙ ඒකාලයෙ ඊශ්‍රායලය හමුදා නායකයා. දකුණෙ ඉන්නෙ ඊජිප්තුවෙ හමුදා නායකයා. මෙයා පරාජය ඉවසගන්න බැරුව පස්සෙ කාලෙක සියදිවි නසාගත්තා )

    පිටරට පත්තර හිටං මේ විශ්මිත ජයග්‍රහණය ගැන මුල් පිටුවෙ පළ කළා.

    යුධ විශේෂඥයෝ ඊශ්‍රායලය හමුදා නිළධාරීන් ගෙ සටහන් අධ්‍යයනය කරන්න ගත්තා.

    ඉතිං ඊශ්‍රායලය ආක්‍රමණය පැත්තක තියලා තමන්ට අහිමි උන ඉඩම් කෑලි ටිකවත් ආපහු ගන්න කියලා,
    අවුරුදු 6ක් ඇතුලත නැවතත් අරාබි රටවල් 2ක් ආක්‍රමණයක් දියත් කරනවා (‍Yom Kippur War)

    lvs0ye85cszqb59fg.jpg

    (ඊජිප්තුව සහ සිරියාව)

    රටවල් දෙකක් වුණාට මේ යුද්ධය නං කලින් වගේ ලේසි වුණෙ නෑ. රුසියාවෙන් ලැබුණු නවීනතම ආයුධ අරාබි ජාතිකයන් සතු වුණා.

    කලින් පාර දැවැන්ත පරාජයක් අත් වෙච්ච නිසා, මාස ගණනක හොඳ යුධ සැළසුමක් හැදුවා.

    කොටින්ම අරාබි ජාතිකයන්ට රාත්‍රී කාලයෙ දැකිය හැකි Night Visions පවා තිබුණා. ඊශ්‍රායලය හමුදා සෙබලුන්ට රාත්‍රි කාලයෙ සතුරා ලඟට එනකං ඉඳලම පහර දෙන්න සිදුවුණා.
    හරියට අන්ධයෙක් ඇස් පේන කෙනෙක් එක්ක ගහගන්නවා වගෙ වුණා.


    නමුත් ඊශ්‍රායලය වැසියන් ගාව අරාබි ජාතිකයන් ලඟ නැති බිහිසුණු ආයුධයක් තිබුණා. ඒ තමයි
    මොලේ කියන එක :P

    අරාබි රටවල් මාස ගණනක සැලසුම් ඊශ්‍රායල අණදෙන නිළධාරීන් ගෙ තැනට සුදුසු තීක්ෂණ නුවණ ඉදිරියේ කෑලි කෑලි වලට කැඩිලා ගියා.

    ඊශ්‍රායල ජෙනරල් වරු මේ යුද්ධයේදි පාවිච්චි කරපු අලුත්ම සංකීර්ණ හමුදා මෙහෙයවීම් (ground maneuvers) , පස්සෙ කාලෙක යුධ විශේෂඥයොන්ගෙ ප්‍රශංසාවට ලක්වුණා.

    esiq0eq7qnrbx7cfg.jpg


    (Arial Sharon. එදා මෙදා තුර ඊශ්‍රායලය බිහිවුණ හොඳම military strategists කෙනෙක්. මෙයාගෙ වැඩ මේ Yom Kippur යුද්ධය දින්න ලොකු උදව්වක් වුණා.
    මෙයා පස්සෙ කාලෙක රටේ නායකයා ත් වෙනවා)


    මාසයක විතර දරුණු සටනකින් පස්සෙ ඊශ්‍රායලය නැවතත් ජයග්‍රාහීව නැඟී හිටියා

    එදා ඉඳන් අද (2014) වෙනකං අවුරුදු 40 කින් කිසිම අරාබි රාජ්‍යක් ඊශ්‍රායලයත් එක්ක හැප්පෙන්න තරම් නිර්භීත වුනේ නෑ.

    මේ සෑම යුද්ධයකදීම ඊශ්‍රායලයේ හමුදා භටයින් 10 කට අරාබි හමුදා භටයින් 1000 ගණනක් මරු දැක්කා
    එක කාලයකදී ඊශ්‍රායලයේ
    ගුවන් යානා 25ක් විනාශ වෙද්දි අරාබි යානා 631 ගණනක් සුනු විසුනු කරල තිබුණා !!!


    5jr61r70vo7b9xqfg.jpg



    ඉතිං මේ ඊයෙ පෙරේදා බිහි වෙච්ච රටක යුධ හමුදා නිළධාරීන්ට, Pilot ලට ඇමරිකාවෙන් පවා දේශන පවත්වන්න ආරාධනා ලැබෙන්න ගත්තා.

    (ඊශ්‍රායලයේ ගුවන් හමුදා , යුධ හමුදා මෙහෙයුම් ගැන සිරා දේවල් ගොඩක් තියෙනවා. පහුවෙලා ඒ ගැනත් දාන්නම්)


    3sdnp79805pr3hzfg.jpg



    මේ තියෙන්නෙ ඊශ්‍රායල අවට සතුරු අරාබි රටවල් වල තියෙන Airports.

    ඊජිප්තුවෙ කයිරෝ වල ඉඳලා fighter jet එකකට ඊශ්‍රායලයට එන්න ගතවෙන්නෙ විනාඩි 3යි
    සිරියාවෙ දමස්කස් ඉඳලා විනාඩි 2 යි
    ජෝර්දානයේ අමාන් වල ඉඳන් ගතවෙන්නෙ තප්පර 45ක් විතරයි !!!

    මේ වගේ භයානක තර්ජනයක් තිබියදීත් අදටත් ඊශ්‍රායලය මැදපෙරදිග මේ විදිහට වැජඹෙන්නෙ ඒගොල්ලන්ගෙ ආරක්ෂක අංග වල කාර්‍යක්ශමතාව නිසාමයි:yes:

    කොහොම හරි පස්සෙ කාලෙකත් ඉඳහිට පොඩි පොඩි මුස්ලිම් ප්‍රහාර එල්ල වුණා. ඒත් ඒ හැමපාරකදිම අවියට අවියෙන් ලෙයට ලෙයින් උත්තර දෙන්න ඊශ්‍රායලය පසුබට වුණේ නෑ !



    • පලස්තීන ගරිල්ලන් ඊශ්‍රායලයට රිංගලා සිවිල් වැසියන් එකා දෙන්නා ඝාතනය කළා. ඒ එක්කෙනාට පලස්තීනුවන් 10ක් යුදෙව්වන් විසින් මරා දැමුවා. බිල්ඩිං පිටින් බිමට සමතලා කළා

    cswbcnqrqz7niu0fg.jpg


    • හැමෝගෙම විරෝධතා මැද්දෙ ඉරාකයේ සදාම් හුසේන් න්‍යශ්ථික බලය ලබාගන්න උත්සහ කළා.

    ඊශ්‍රායලය ගුවන් හමුදාව මුස්ලිම් රටවල් දෙකක කනෙන් රිංගලා ඉතාමත් දුර ඉරකයේ බෑග්ඩෑග් නුවර තිබ්බ Nuclear Reactor එක කුඩු වෙන්න ගුවනින් බෝම්බ දාන්න සමත් වුණා.

    elbpnd29zptsjyyfg.jpg




    • ඒ වගේම තමන්ගෙ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු සියළුම මුස්ලිම් වරුන්ව ඊශ්‍රායලය ඔත්තු සේවා අවුරුදු 20 ක් පුරාවට දඩයම් කළා. (Operation Wrath of God)

    ------------------

    අද ඊශ්‍රායලයේ සියළුම යුදෙව් වැසියන් අවුරුදු 19 ඉඳන් අනිවාර්‍ය යුධ පුහුණුව ලබනවා. ගෑනු පවා :yes:

    මේ හැමෝටම ආත්මාරක්ශාවට පාවිච්චි කරන්න, තමන්ටම නිර්මාණය කරපු සටන් කළාවක් පවා තියෙනවා (Krav Maga)

    m7znt7i95j6smw2fg.jpg


    ඕනෑම කාලයකදි පැය 72 ක් ඇතුලත 250 000 හමුදාවක් සේවයට කැඳවන්න තරම්ට හමුදා සන්නිවේදනය සහ protocols කාර්‍යක්ෂමයි.
    යුද්ධයට කලින් සිවිල් වැසියො වෙන මේ රටේ මිනිස්සු, යුද්ධ කාලෙට ඉතාම බිහිසුණූ හමුදාවක් බවට පත් වෙනවා.


    ඉතිං මේ විදිහට යුද්ධ වලදි front එකේ සටන් වැදිලා වෙඩිනොකා බේරුන නිර්භීත සෙබලු පස්සෙ කාලෙක රටේ නායකයො වෙන්න ගත්තා.

    වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන ලොකු Range එකක ආයුධ තමන්ම නිපදවන්න ගත්තා. උණ්ඩයේ ඉඳන් Fighting Jet දක්වා ( උදා:- කෆීර්).

    ලෝකයේ අංක 1 ඩ්‍රෝන (drone) අපනයනය කරන්නෙත් මේගොල්ලොම තමයි

    ඊශ්‍රායලයේ සම්පූර්ණ යුධමය හැකියාව ගැන අදටත් කවුරුත් හරියට දන්නෙ නෑ. තමන්ට Nuclear Weapons තියෙනවද කියන ප්‍රශ්නෙට
    කිසිම ඊශ්‍රායල නිළධාරියෙක් “ඔව්” කියන්නෙ නෑ
    හැබැයි “නෑ” කියන්නෙත් නෑ
    ;)(Nuclear Ambiguity)

    අද මුළු ඊශ්‍රායලයම එකම War Machine එකක්.
    මේ පුංචි War Machine එකට මදපෙරදිග විතරක් නෙවෙයි, මුළු අරාබිකරයම යටයි !

    ( හැබැයි ඉතිං ලංකාවෙනුත් ⅓ යි )

    ---------------


    දැන් එතකොට ඊශ්‍රායල් උන්ට යුද්ධයෙන් තොර ලෝකයක් නැද්ද ? ඉන්නෙ ඔක්කොම අයියලද ? චණ්ඩියොද ? මැරයොද ?

    අපෝ නෑ :D

    මේ පුංචි රට 21 සියවස වෙද්දි ඊශ්‍රායලය විද්‍යාව හා තාක්ෂණය අතින් ඉහලම තලයකට එන්න සමත් වෙනවා

    මුළු ලෝකෙන්ම

    • වැඩිම නොබෙල් තෑගි ප්‍රතිශතයක් ලබාගනවා ( ඒවයින් වැඩි හරියක් විද්‍යාවට අදාල තෑගි. )

    • වැඩිම විද්‍යාඥයන් , technicians ලා ප්‍රතිශතය වාර්ථා කරනවා.
    (මිනිස්සු 10k ට 145ක්,
    දෙවෙනියට ඉන්න ඇමරිකාවෙ මේ ප්‍රතිශතය 10k ට 85. පේනවනෙ ගැප් එක ?)

    • සැටලයිට් එකක් අභ්‍යවකාශයට Launch කළ හැකි රටවල් අතරට එනවා (ලෝකෙටම එහෙම රටවල් තියෙන්නෙ 8ක් විතරයි)

    • 3 වෙනියට හොඳම Science & Technology Institutes බිහිකරනවා
    d3dn440wtp67958fg.jpg

    (Weizmann Institute of Science)

    • ලෝකෙ 8 වෙනියට වැඩිම ආයු අපේක්ශිත කාලය ( වටේම අරාබි රටවල් දිනපතා ප්‍රහාර එල්ල කළත්) හිමිකරගන්නවා

    • ලෝකයේ ආරක්ශිතම ගුවන් සේවා අතරට එනවා (වටේම රටවල් තුවක්කු මානගෙන ඉන්දෙද්දි)
    vdqb3bn71vmfh5ifg.jpg


    • කොටින්ම cell phone එක බිහිවුණෙ මේ රටේ තිබුණු Motorola Lab එකේදි ඊශ්‍රායලීය විද්‍යාඥයන් අතින්.

    Intel හි Pentium IV, Centrino වගේ Processors හැදුනෙත් මෙහෙදි


    • Skype වගේ මෘදුකාංග වල භාවිතා වන VOIP වල දියුණුවට උදව් වුණා ( Viber කියන්නෙ 100% ඊශ්‍රායල නිශ්පාදනයක් )
    • ගිලපුවහම මුළු ආහාර මාර්ගය පුරාවටම පින්තූර ගන්න පුළුවන් capsule එකක්.

    tujrl1zb0ie6gxqfg.jpg



    • ලෙඩෙක් ගෙ ශරීරයේ අංග වල නිවැරදි Hologram එකක් සෑදීමේ හැකියාව.
    (මේක හිස් වාතයේ හදන ත්‍රිමාණ ආකෘතියක්. මේ විදිහට හදන ශරීරාංගයක් වෛද්‍යවරයෙක්ට ඒ
    මේ අත හරවලා අධ්‍යනය කරන්න, ඒකෙ ලෙඩ හඳුනගන්න යොදාගන්න පුළුවන්. ශරීරය කපලා ඒක ඇත්තටම අතට ගන්න ඕනෙ නෑ.
    මේ තාක්ෂණය තාමත් ඊශ්‍රායල ඇතුලෙ වැඩිදියුණූ වෙමින් පවතින්නෙ)


    අද වෙද්දි ඊශ්‍රායලය ආර්ථිකය, වටේම ඉන්න අරාබි මුස්ලිම් රටවල ආර්ථික වටිනාකම් වල එකතුවටත් වඩා වැඩියි !

    හැබැයි ඉතින් මේ දේවල් කළේ රටේ තියෙන තෙල් ටික විකුණගෙන කාලා නෙවෙයි :D
    ඔව්………. මැදපෙරදිග වුණත් ඊශ්‍රායලයට තෙල් සම්පතක් නෑ !!

    “Arabs may have the oil, but we have the matches” - Arial Sharon

    --------

    ඒත් කොහොමද ඊශ්‍රායලය මෙච්චර දෙයක් කලේ ?.....උත්තරේ හරිම සරලයි

    ඊශ්‍රායලයෙ ඉන්නෙ යුදෙව්වන් . මුං තමයි මුළු ලෝකෙන්ම Average IQ එක වැඩිම ජාතිය.
    (යුදෙව්වන් ගෙ IQ එක 129. දෙවෙනියට ඉන්න ජ්පනුන්ගෙ IQ එක 109. පේනවනෙ වෙනස ?)


    • මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.2% ඒත් නොබෙල් තෑගි වලින් 22% අයිති මේගොල්ලොන්ට. සෙල්ලං සාම තෑගි නෙවෙයි. විද්‍යාව හා තාක්ෂණයට අදාල ඒවා.
    (පහුගිය අවුරුදු 105 දී මුස්ලිම් නොබෙල් ත්‍යාග ලාභීන් හිටියෙ 8 විතරයි. ඒත් යුදෙව්වො 166 ක් හිටියා :shocked:)

    • ස්වීඩන් වල යුදෙව්වො ඉන්නෙ 5% ඒත් ඒ රටේ ඉංජිනේරුවොන්ගෙන්, වෛද්‍යවරයොන් ගෙන් 51% යුදෙව්වන්.
    ඇමරිකාවෙ 3% ඉන්නෙ ඒත් 27% නොබෙල් තෑගි ඇමරිකානු යුදෙව්වන් ගෙ
    (මේ වගේ පිස්සු කොර වාර්ථා යුදෙව්වො ඉන්න හැම රටකින්ම වාර්ථා වෙනවා)

    ලෝකෙන්ම වැඩිම IQ හිමි පුද්ගලයන් අතරින් සැළකිය යුතු ගණනක් යුදෙව්වන්


    • කීර්තිමත් භෞතික විද්‍යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)

    • මනෝවිද්‍යාවේ පියා (සිග්මන් ෆ්‍රොයිඩ්)

    • සිනමා කරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)
    pq0m2e891b1j7vhfg.jpg


    • facebook නිර්මාතෲ විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් යුදෙව්වෙක් තමයි.

    • ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ

    • පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්‍යවරයා

    • ලෝකයෙ පලමු Chess Champions 13 දෙනාගෙන් 50% ක් ( 1,2 ස්ථාන ඇතුලුව)
    කොටින්ම නාසි කඳවුරු වල හිරවෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් තමන්ගෙ දුක අමතක වෙන්න කියල ගණිත ගැටලු ගැන හිත හිත ඉඳල අලුත් ගණිත ක්‍රමයක් පවා හොයාගත්තා.

    දැන් තේරෙනවා ඇති නෙ තත්වෙ ?

    මේ නිසයි අනික් රටවල “සිහාන්” ල “මයිකල් ජැක්සන්” ලා superstars වෙද්දි
    ඊශ්‍රායලයේ විද්‍යාඥයින් උගතුන් තරු බවට පත් වෙන්නෙ :D


    poc64tw5j2nuuvdfg.jpg


    ඉතිං ඊශ්‍රායලය හමුදා අණදෙන නිළධාරීන් හැමෝම මේ වගේ ගොඩාක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය.
    අදටත් සමහර ඊශ්‍රායල හමුදා නිළධාරීන්ට PhD තියෙනවා.
    ඒ කියන්නෙ ඊශ්‍රායලය front එකේ යුද්ධ කරන සමහර සෙබලු, අරාබි රටවල හමුදා ලොක්කොන්ටත් වඩා දක්ශයි.


    මෙන්න මේ හේතුව නිසයි ඊශ්‍රායලයෙ පුංචි හමුදාව මුළු අරාබිකරයේම දැවැන්ත හමුදාවලට වඩා බිහිසුණු වෙන්නෙ. කාර්‍යක්ශම වෙන්නෙ.

    f8yqu6eb88fq61ufg.jpg


    ඉතිං මේ විදිහට තමයි මුස්ලිම් වරුන්ගෙ සාහසිකත්වයට ඒ ගොල්ලන්ගෙම බෙහෙත් වලින් උත්තර දෙන්න පුළුවන් ජාතියක්
    ලෝකයේ බිහිවුණේ.

    වසර ගණනක් තිස්සෙ මැදපෙරදිග දියත් කරපු මෙහෙයුම් වල සාර්ථකත්වය, කාර්‍යක්ශමතාව දැකපු ලෝකයේ අනික් රටවලුත් ( උදා:- ඇමරිකාව, ශ්‍රී ලංකාව) දැන් ඒගොල්ලන්ගෙ හමුදා ඊශ්‍රායලයට එවනවා.
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,326
    1,933
    113
    Kalutara
    අරාබි රටවල් වගේ නෙවෙයි ඊශ්‍රායලය ආගමික නිදහස තියෙනවා.
    ලඟදි ලංකාවෙන් ගියපු අය එහේ පන්සලකුත් හදුවා. කිසි ප්‍රශ්නයක් නෑ :)

    එහේ අය අපේ මිනිස්සුන්ට හොඳට සළකනවා. තාම ඒ කාටවත් පෙට්ටියක් ඇතුලෙ ලංකාව එන්න වුණෙ නෑ.

    ඊශ්‍රායලය පිහිටුවන්න කලින්, පල්ස්තීනය පුරා විහිදී තිබුණු ක්‍රිස්තියානි, කතෝලික සිද්ධස්ථාන මුස්ලිම් පාලනයට නතුවෙලා තිබුණෙ

    ඒත් ඊශ්‍රායලය පිහිටෙව්වත් එක්කම මුස්ලිම් ග්‍රහණයෙන් බේරගෙන, යුදෙව් මුස්ලිම් ක්‍රිස්තියානි කතෝලික ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට ගිහිල්ල නිදහසේ වැඳපුදාගන්න අවස්ථාව දුන්නා

    7x1fy787pg7r6c9fg.jpg


    පස්සෙ කාලෙක මැදපෙරදිහ ක්‍රිස්තියානි-අරාබි ජාතිකයන්ව මුස්ලිම් ආක්‍රමණ වලින් බේරගන්නෙත් ඊශ්‍රායලය හමුදාවම තමයි.

    මේ හේතුව නිසාම අරාබි ලෝකයෙන් එල්ල වුණ හැම ආක්‍රමණයකදීම අරාබි ක්‍රිස්තියානි ජනතාව හිටියෙ ඊශ්‍රායලයත් එක්ක.

    අද ඊශ්‍රායලයේ 25% ක් මුස්ලිම්වරුන් නිදහසේ ජීවත් වෙනවා

    5q2iurcvta4zclffg.jpg


    ඒ මුස්ලිම් කාන්තාවන්ට අනික් මැදපෙරදිග රටවල් වල වත් නැති නිදහස, සමතැන දීලා තියෙනවා.

    අර කලින් කිව්ව යුධ පුහුණුව මේ ඊශ්‍රායලය-අරාබි ජාතිකයන්ට අනිවාර්‍ය වුණෙ නෑ. ඒත් සමහර ඊශ්‍රායලය-අරාබි ජාතිකයන්
    තමන්ගෙ කැමැත්තෙන්ම හමුදාවට එකතු වුණෙ අනික් කිසිම අරාබි රටකටත් වඩා තමන්ට නිදහස දුන්න නිසා.


    යුධ බලයෙන් කොච්චර පොහොසත් වුණත් ඊශ්‍රායලය පුළුවන් හැම වෙලාවකදීම අරාබි රටවල් එක්ක සාමයෙන් ප්‍රශ්න බේරගත්තා.
    සාම සාකච්ඡා වලට ගෙන්න ගන්න අර යුද්ධ වලදි අල්ලා ගත්තු තෙල් වලින් පොහොසත් ඉඩම් පවා ආපහු ඒ රටවල් වලට බාරදුන්නා.


    තමන්ව සමූලඝාතනය කරන්න ඇවිල්ලා අන්ත පරාජයක් ලබලා ඉන්න හිටින්න තැනක් නැතිවුණු පලස්තීනු මුස්ලිම්වරුන්ට Gaza, West Bank පැති ආපහු ලබාදුන්නා.
    ලබාදීලා නිතර නිතර ආහාර, බෙහෙත් විතරක් නෙවෙයි current එක පවා ලබාදෙන්න ඊශ්‍රායල රජය පියවර ගත්තා

    bq7nqi4tctvb68jfg.jpg


    හැබැයි යුද්ධෙට ආපු හැම රටකටම දුවන්න දුන්නා. ඒ විතරක් නෙවෙයි හිතුනොත් ඒ රටවල් වලින් කොටස් හිටන් අල්ලගත්තා


    -----------

    ඊශ්‍රායලය බිහිකළෙ එකම එක අරමුණක් මුල් කරගෙන. ඒ තමයි ලෝකය පුරා විසිරිලා ඉන්න යුදෙව්වන්ට තමන්ගෙම රටක් බිහිකරල දෙන එක.
    හිට්ලර් විසින් යුරෝපීය යුදෙව්වන් 70% ඝාතනය කළාට පස්සෙ ඒ උවමනාව වෙන කවදාටත් වඩා ඔවුන්ට දැනුනා.


    යුදෙව්වන් හිට්ලර් ඉදිරියෙ ඒ කාලයේදි අසරණ උනත් අලුත පිහිටවූ ඊශ්‍රායල රාජ‍යෙ ආරක්ශක අංශ
    "Never Again" කියන සංකල්පය යටතේ ක්‍රියාත්මක වුණා

    ලෝකය පුරා කොතැනකදි යුදෙව්වන්ට කරදරයක් හිරිහැරයක් වෙනවද
    ඒ හැම වතාවකදීම ඊශ්‍රායල Superman කෙනෙක් වගේ ඒගොල්ලන්ගෙ පිහිටට ආවා

    වරක් ඊශ්‍රායල කමාන්ඩෝස් ලා හැතැම්ම 5000ක් ඈත උගන්ඩාවට පියාසර කරලා එහේ Airport එකක ප්‍රාණ ඇපයට ගත්තු යුදෙව් වැසියන් 102 බේරගන්න සමත් වුනා
    (Entebbe Raid).
    එහෙම ප්‍රාණ ඇපයට ගත්තු සියළුම මුස්ලිම් ගරිල්ලන් ඝාතනය කරපු ඒගොල්ලො Airport එකේ තිබුණූ ප්‍රහාරක යානා 20-30 කුඩු පට්ටම් කරලා තමයි ආවෙ
    (මේක හරිම රසවත් කතාවක්. පස්සෙ වෙලාවක වෙනම කියන්නම්)


    රටේ මොන තරම් යුද්ධ තිබුණත් ඔවුන් අවට අරාබි රටවල් වල දුක් විඳිමින් ඉන්න යුදෙව්වන් ඊශ්‍රායලයට ගෙන්න ගත්තා.

    අදටත් මේ රටේ ජනගහනයෙන් 350% ක් ඉන්නෙ පිට රටවල් වලින් මේ රටට ආපු
    ජනතාවක් :yes: ඒ කියන්නෙ හිටපු ජනගහනය වගේ තුනහමාර ගුණයක් පිටරැටියො.

    ඕනෙම රටක දේශපාලනය අස්ථාවර වේගෙන එද්දි ඒ රටවල් වලත් හොරෙන් යුදෙව්වන් බේරාගෙන තමන්ගෙ රටට ගෙන්න ගන්න ඊශ්‍රායල රජය සාර්ථකව මෙහෙයුම් දියත් කළා.

    ql1bexv2g15hvqefg.jpg

    (Jews en route to Israel from Yemen, during the Magic Carpet operation)

    ඕනෑම රටක යුදෙව් තරුණ තරුණියන්ට රටේ දවස් 10ක සංචාරයක අවස්ථාව ලැබෙනවා
    කෑම බීම ඉඳුම් හිටුම්, guide ල ඔක්කොම ඊශ්‍රායල රජයෙන් නොමිලේ සපයනවා. මේ ඔක්කොම කරන්නෙ ඒගොල්ලො රට ගැන පැහැදිල රටේ පදිංචියට එයි කියල හිතලා.

    අද ලෝකෙ ඕනෑම කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියල ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලෙම ඊශ්‍රායලය පුරවැසිබාවය දෙනවා.

    ඒත් ඒ කාලෙ, ලෝකෙ හතර අතෙන් ආපු යුදෙව්වන් කතා කළෙ ඒ ඒ රටවල් වල භාශාව (රුසියානු, පෝලන්ත, ජර්මන් වගේ).

    මේකට විසඳුමක් විදිහට ඒගොල්ලො, යුදෙව්වන්ගෙ භාෂාව විදිහට අවුරුදු 2000 ක් තිස්සෙ වඳවෙලා තිබ්බ තමන්ගෙ ආගමික බස, හීබෲ භාශාව කතා කරන්න ගත්තා !
    අවුරුදු දෙදහසකින් ඇහුනෙ නැති භාශාවක වචන මැදපෙරදිගින් ඇහෙන්න ගත්තා.

    (අපි දැන් පාලි වලින් කතා කරන්න ගියොත් කොයි තරම් අමාරු වෙයිද ?)
    0iu9xv79b7bs31jfg.jpg

    (News papers, Film නිශ්පාදන වල නම් ඔක්කොම තියෙන්නෙ Hebrew වලින්ම තමයි)

    මීට කලින් මේ මුළු මිනිස් ඉතිහාසයේම කොතනකවත් වඳවෙලා තිබුණූ භාශාවකට පණ දීලත් නෑ, එය රටක ප්‍රධාන භාශාවක් කරගෙනත් නෑ !

    සියලූම අලුත් හා පරණ විද්‍යාත්මක නම් වලට අදාල අලුත් හීබෲ වචන 2000 ක්
    සෑම අවුරුද්දකම භාශා විශ්වවිද්‍යාල වලින් නිකුත් කරනවා. මේ නිසා හීබෲ අතරට
    ඉංග්‍රීසි වචන කෑලි දාලා කතා කරන එක අවම වෙනවා
    :yes:

    මේ විදිහට ලෝකය පුරා යුදෙව්වන්ට නිවහනක් වුණ ඊශ්‍රායලය, තමන්ගෙ ජාතිය දශ ලක්ශ ගණනින් මරපු නාසි නිලධාරීන්ව දඩයම් කරන්න
    ලෝකයේ හැම පැත්තකටම මෙහෙයුම් දියත් කරනවා.


    තමන්ගෙ ජාතිය දස වද දීලා මැරුවත්, පුළුවන් හැම වෙලාවකදීම නාසි කාරයොන්ව පැහැරගෙන ඊශ්‍රායලය ගෙනල්ලා
    එහිදී අධිකරණ ඉදිරියෙ නිදහසට කාරණා දක්වන්න පවා අවස්ථාව දුන්නා. නීතීඥයන් ලබා දුන්නා.


    lraoo8rlr67zj87fg.jpg


    (Adolf Eichmann මෙයාව ආර්ජන්ටිනා රජයටත් හොරෙන් පැහැරගෙන ඇවිල්ල අධිකරණය ඉදිරියට පමුණුවනවා)

    ------------

    නමුත් ඇයි යුදෙව්වො යුරෝපේ අතෑරලා මේ මැදපෙරදිග දූවිලි ගොඩකට ආවෙ ? ඇමරිකාවට යන්න තිබ්බනෙ ? ඇයි ඊශ්‍රායලය භූමිය මේ තරම් ඔවුන්ට වැදගත් ?

    ඊශ්‍රායලය කියන්නෙ යුදෙව්වන්ගෙ ශුද්ධ භූමිය නිසා.

    අවුරුදු 3000 කටත් කලින් යුදෙව්වො ඔය තැන ඉඳල තියෙනවා. නමුත් Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා. ඔවුන්ගෙ Temple එක කුඩු කළා.

    6o9z6inaod8qnzofg.jpg

    (යුදෙව් Temple එකක ආකෘතියක්)

    ඉතිං කුඩා කණ්ඩායම් විදිහට විසිරිලා ගියත් අවුරුදු 1000 පුරාවට තනි තනිව ඒගොල්ලො තමන්ගෙ සස්කෘතිය රැකගෙන ඒ රටවල් වල හිටියා.
    අවුරුදු දහසක් පුරාවට පරම්පරාවෙන් පරම්පරාවට ඊශ්‍රායල සිහිනය නොනැසී පැවතුනා. හිතල බලන්න.. අවුරුදු 1000 ක් !


    ඉතිං අවුරුදු දහසකට පස්සෙ නැවත ඊශ්‍රායලයට ආපු යුදෙව්වන් තමන්ගෙ Temple එක නැවත ඉදි කළා.

    නමුත් දෙවෙනි වතාවටත් රෝමයේ ආක්‍රමණයට නතු වුණ යුදෙව්වන් සීසීකඩ විසිරුණා. ඔවුන්ගෙ 2 වෙනි Temple එකත් කුඩු කෑලි වලට කැඩුනා.

    යුරොපයේ රටවල් වලට පලාගියපු යුදෙව්වත් උත්සහයෙන් උනන්දුවෙන් ඒ රටවල් වල ඉහලම තැන් වල වැජඹුනා. රටේ උගතුන් දක්ශයන් අතරින් බහුතරය යුදෙව්වන්ම වුණා.

    මේ හේතුව නිසා තමයි හිට්ලර් ගේ හමුදා අතින් ඔවුන් ලක්ශ 60 ක් සංහාරයට පත් වෙන්නෙ.මේ විදිහට තමයි අවුරුදු 3000 ක් පුරාවටම මේ මිනිස්සු අනික් ජාතීගෙ දඩයම් බවට පත් වුණේ.

    හැබැයි මේ විදිහට පිටුවහල් වෙන හැටි, සංහාරයට පත් වෙන හැටි ඔවුන්ගෙ බයිබලයේ පැහැදිලිවම කලින්ම අනාවැකි කරල තිබුණා.

    "යුදෙව්වන් ඊශ්‍රායලයෙන් පිටුවහල් වෙන බවත්"

    “යුදෙව්වන් රට හැර ගියාට පස්සෙ මුලු පොලවම නිසරු වෙලා කාන්තාරයක් වෙන බවත් “

    “හැර ගිය යුදෙව්වන් කවදාහරි ආපහු ඊශ්‍රායලයට එන බවත්”

    4abnc38nq8hr806fg.jpg

    (යුදෙව්වන් ඊශ්‍රායලය අගනුවර Tel-Aviv පිහිටුවන හැටි. ඒගොල්ලො එද්දි මේක එකම කාන්තාරයක් විතරයි)

    “ආවට පස්සෙ භූමිය නැවතත් දළු දාලා සාරවත් වෙන බවත් “ බයිබලයේ සඳහන් වුණා

    යුදෙව්වන් හැමදාමත් වැඩ කළේ බයිබලයේ මේ සැලසුමට අනුව.

    ඉතින් හිට්ලර් ගෙන් බේරිලා 3න් වෙනි වතාවත් නැවත ආපු යුදෙව්වන්, අර වැලි දූවිලි කාන්තාරයේ Greenhouses හදලා වගා කරන්න ගත්තා.

    41pn8dx0mnvpis3fg.jpg

    (අර ඈතින් පේන්නෙ කාන්තාරය තමයි)

    මේ හේතුව නිසා 21 සියවස වෙද්දි කලින් තිබුණට වඩා ගස් ප්‍රමාණය වැඩි කරගත්ත ලෝකෙ රටවල් 2 න් එකක් බවට පත් වුණා.
    බයිබලයේ අනාවැකි වෙනකං ඉන්නෙ නැතුව තමන්ම උත්සහයෙන් දියුණූ වුණා.

    ඊශ්‍රායලීය ජීව විද්‍යාඥයන් අතින් කාන්තාරයට සුදුසු බීජ වැඩිදියුණු වෙන්න ගත්තා. කාර්‍යක්ශම වගා ක්‍රම පිළිපැද්දා.
    වර්ථමානයේ පලදාවෙන් 70% ට අධික ප්‍රමාණයක් මේගොල්ලො අපනයනය පවා කරනවා :D

    මේ තියෙන්නෙ අද ඊශ්‍රායල අගනුවර Tel-Aviv

    17nkwh8lc1125plfg.jpg

    (අනික් මැදපෙරදිග රටවල් මේවා කළෙ තමගෙ තෙල් සම්පත් විකුණලම තමයි)

    තාම මේ රටේ වයස අවුරුදු 66ක් විතරයි !


    අවුරුදු දහස් ගණනක් පුරාවට දශ ලක්ශ ගණනින් සංහාරයට පත් වෙච්ච මිනිස්සු ටිකක් යුරෝපයේ, ඇමරිකාවෙ තමන්ගෙ සැප ජීවිත අතෑරලා
    තුත්තිරි ගහක් පැලවෙන්නෙ නැති දූවිලි කාන්තාරයක් උඩ,
    මුළු අරාබිකරයටම තනියෙම මූණ දෙන්න තරම් ප්‍රභල රාජ්‍යක් හදලා
    විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් ලෝකයෙ ඉදිරියටම ඇවිල්ලා අවුරුදු 4000 ක
    සැළසුමක් සාර්ථකව ඉවරකරපු කතාව තමයි මේ :D


    ඉතිං මේ දේවල්, අපිට Film වල, පොත් පත්, ලිපි වල දකින්න ලැබෙන්නෙ නෑ.
    අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඊශ්‍රායලය කියන්නෙ මැදපෙරදිග තියෙන තවත් මුස්ලිම් රටක් විදිහට.

    ඒත් අරාබි රටවල් ආගමට බලයට ඇණකොටා ගනිද්දි මේ මිනිස්සු වටේම අරාබි රටවල්
    එක්ක යුධ වදින්නෙ තමන්ගෙ ජීවිතය රැකගන්න, තමන්ගෙ පවුල රැකගන්න
    කොටින්ම තමන් පය ගහලා ඉන්න පොළොව රැකගන්න :yes:

    rwjbaoad8esy4iufg.jpg



    අනික් අරාබි රටවල් තමන්ගෙ ආගමික වෙනස්කම් (shiite, sunni) වලට ලේ වගුරුවද්දි
    මැදපෙරදිග තියෙන එකම සාමකාමී රට බවට ඊශ්‍රායලය පත් වුණා.


    ඒ වගේම ඊශ්‍රායලය සමහර වෙලාවට මේ අරාබි රටවල් අතර ගැටුම් වලිදි තුවාල වෙච්ච අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රතිකාර කරල ආපහු ඒ රටවල් වලටම යැව්වා.

    hyd33c3ie35dw4ufg.jpg


    අනික් රටවලත් විද්‍යාත්මක ව්‍යාපෘති දියත් කළා

    hvpo5vxpebg3wtpfg.jpg

    (මොහාවී කාන්තාරයේ කිර්යාත්මක වෙන ඊශ්‍රායල සුර්‍ය ශක්ති ව්‍යාපෘතියක්)

    පහුගිය අවුරුදු 50 ඇතුලත රටේ ජනගහනය 4 ගුණයක් වෙලා.. කාර්මික ව්‍යාපාර 50 ගුණයකින් දියුණූ වුණත් මුළු ජල පරිභෝජනය 10% අඩු කරගන්න මේගොල්ලො සමත් වුණා
    :shocked:


    මෙන්න මේ විශිෂ්ථ ජල කළමනාකරන හැකියාව පාවිච්චි කරලා ආප්‍රිකාවෙ නියඟයෙන්
    දුක් විඳින ගම්මාන රැසකට ඊශ්‍රායල රජය උදව් වෙනවා :yes:

    1bdl9fdwl6g9b03fg.jpg


    ඉතිං මේක මෙතනින් ඉවරද ?
    ඒක නං ශුවර් නෑ. හැබැයි යුදෙව්වන්ගෙ බයිබලයේ තියෙන ඊශ්‍රායලය දැන් තියෙන එකට වඩා සෑහෙන්න ලොකුයි ;)

    m74pytqc1on5yljfg.jpg


    මුං මේක අද හෙට අල්ලගනියි ද ? නැත්නං තව අවුරුදු 1000 කින් අල්ලයිද කියන්න අපි කවුරුත් දන්නෙ නෑ.

    දන්න එකම දේ තමයි. යුදෙව්වන් කියන්නෙ තමන්ගෙ වාරය එනකං අවුරුදු දහස් ගණනක් උනත් බලාගෙන ඉන්න පුළුවන් ජාතියක් කියන එක.


    හැබැයි ඉතිං මුළු ලෝකෙටම (Ex:- USA, Israel, Russia..etc) මුං ඉන්නෙ මිලියන 12-14ක් වගේ.
    ඔව්. ලංකාවෙ මුළු ජනගහනයටත් වඩා අඩුයි තමයි
    iUlEH7Ml8WOqqeIytmUFWJ1b2c_PRvMAiiNSiXxTAEg-lYB6JIhPDJ6Cx06H8HIcVoWREJ_LbdeXQok8USFaG5wm6PMu2_0zVxE1fnGUzUqLFFLkhefeMBOAnpFP0FujmA


    ඉතිං ශ්‍රී ලංකාව පරාජය පෙනී පෙනී Cricket match එකක් දිනන හැම වතාවකදිම. ජපනා හිරෝශිමා සිද්ධියෙන් අලු ගසල නැගිටපු හැටි අහන හැම අවස්ථාවකදීම, ලෝකෙට අළුත්ම විද්‍යාත්මක සොයාගැනීම් එනකොට
    ඉස්ලාම් අන්තවාදයට පහර වදින හැම වතාවකදීම,

    මැදපෙරදිග හුදෙකලා සටනක් ගෙනියන. ඒ අතරේම විද්‍යාවෙන් ගොඩාක් දේවල් ලෝකෙට දායාද කරපු මේ අපූරු රට ගැන ඕගොල්ලන්ට මතක්වේවි කියල මං හිතනවා :D

    ----------------------------------------------------
    ඊශ්‍රායලය ගැන කියන්න තව ඕනෙ තරම් කරුණු තියෙනවා
    මේ ඔක්කොම ලියන්න ගියොත් පොතක් වෙන නිසා. පස්සෙ වෙලාවක බලමු
    q4-0wxxmuk2lX5IDoOBWQjNttnsGBxypGPa34VBy6uZZWiay2GtDvwkhveOk40B5GZJgw_Bc0vCRVI0sgHe_EIC-HatY4sRjebQ0X2BG9oL6q3qgAU1OjnxOiUSnkAW3Eg


    පුළුවන් නම් තව අමතර දෙයක් එකතු කරන්න, වැරදි පෙන්නන්න,
    වෙලාව ලැබෙන විදිහට මං reply කරන්නම්

    Thread එක Rate කරන්න.
    SfXEPm67hjWibWQPhnPd1C3dK0bZFMtIjyi0bOrWCfgz1pEXg0olH_Urd0FJa_cpclGgA3RoDVMIUFfM0RT7HanIWv2u2SNkRjAfQSecHzSKmY1J3R55RQ6KfkJw1ldt5A
    rep වලින් වැඩක් නෑ :yes:


    Update !!

    අසිරිමත් ඊශ්‍රායලය Part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1670174

    මේ ලිපි ඔක්කෝම පිළිවෙලට බලන්න ඕනෙ නං
    මගේ blog එකට එබිලා යන්න :D

    ~ The Other side (click) ~


    Copyrights:- ඕනෑම කෙනෙකුට කර්තෲ අවසරයකින් තොරව ගෙඩිය පිටින් උස්සගෙන paste කිරීමට අවසර ඇත. ලිපියේ අරමුණ දැනුවත් කිරීම විනා, නම කොටාගැනීමට නොව.
    (කොහොමත් මගේ ඇත්ත නම Zeus නෙවෙයිනෙ). ඒත් පුළුවං නම් මේ thread එකේ link එකත් සඳහන් කරන්න.
    ඒ නැතත්. අනේ කමක් නැත.




    ------------------------------------------------------------------------------------------

    මේගොල්ලන්ගෙ යුද්ධ ගැන උනන්දුවක් ඇති වෙච්ච අය මේ BBC doc එක කොහොමහරි
    බලන්න .
    "1973 - 20th Century Battlefields Yom Kippur"
    Code:
    http://www.dailymotion.com/video/x1srbd9_20th-century-battlefields-1973-middle-east_tv
    පොඩ්ඩක්වත් කම්මැලි නෑ. Film එකකට වඩා නියමයි

    සදාම් ගෙ Nuclear Reactor එකට ගහපු එක
    Code:
    https://www.youtube.com/watch?v=aTtmhSAPus8

    Entebe Raid එක
    Code:
    https://www.youtube.com/watch?v=lemwyO054OI

    Birth of Israel BBC Doc එක
    Code:
    https://www.youtube.com/watch?v=4X4JCPckWgY

    මුංගෙ ඔත්තු සේවා වල මෙහෙයුම් ගැන දැනගන්න (The.Gatekeepers.2012.) බලන්න.

    Mossad එකේ කෙනෙක් leak කරපු මෙහෙයුම් ගොඩක් තියෙනව

    By Way of Deception -Victor Ostrovsky පොතේ

    මේ පොතේ ලංකාවෙ මුං කරපු මෙහෙයුම් ගැනත් තියෙනවා

    -------------------------------------------

    මේ දවස්වල Gaza Conflict ගැන මගේ Thread එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1624208
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,575
    113
    out of the blue
    පට්ට සහෝ ..අපිටත් හොද ආදර්හාවත් කතාවක් .මම අහල තියන විදිහට ඉස්රායලය ජීවත් වෙන්න ගොඩක් හොද හම්බ රටවල් වගේ අන්තගාමී මෝඩ තකතීරු නීති නැති නිදහස් රටක් .ඉතිරි විස්තරත් දාන්න .රේප් +4
     
    • Like
    Reactions: NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,141
    1,079
    113
    Nowhere
    නමුත් ඊශ්‍රායලය වැසියන් ගාව අරාබි ජාතිකයන් ලඟ නැති බිහිසුණු ආයුධයක් තිබුණා. ඒ තමයි මෝලේ කියන එක:lol::lol::lol::lol:

    පට්ටයි මචන්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,662
    1,048
    113
    කියන්න වචන නැත මචෝ..:shocked::shocked::shocked:

    මං සෑහෙන කාලෙකින් දැක්ක පට්ටම ත්‍රෙඩ් එක.:D ආයි කතානෑ සුපිරිම සුපිරි. :yes::yes:අම්බානක දේවල් ඉගෙන ගත්තා...:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    48,811
    16,544
    113
    Gotland
    ලෝකේ ඉන්න යුදෙව්වෝ ගාන සිංහලු ගානට සමානයි

    යුදෙව්වන්ට ඊශ්‍රායලය වගේ සිංහලුන්ට ලංකාව
     

    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    මචං මම දන්න විදියට ඊශ්‍රායලය හදන්නේ ඇමරිකාවෙන් .ඇමරිකානු සහාය ඇතිව .එව්වා වැඩක් නැහැ .ඉතිං මම නම් කියන්නේ මේ වෙලාවේ මේ තම්බි වසංගතේ නැතිකරන්න බල සේනා වල ආතල් ගන්නේ නැතුව ඇමරිකානු සහාය ගන්න ඕනේ කියලා .එකෙන් කියන්නේ නැහැ ඇමරිකාවට නැවෙනවා කියලා .සහාය ගන්නවා කියන්නේ යම් න්‍යායාත්මක උපාය මාර්ග ඕස්සේ ආර්ථිකමය සහ යුධමය වශයෙන් සහාය ලබා ගන්නවා .ඒත් දැන් ඉන්න මුස්පේන්තුවෝ නැවෙන්නේ චීනෙට නේ ? ඉතිං තම්බින්ගෙන් ටොකු කකා,බල සේනා වල ආත්ල බල බල ඉන්න වෙන්නේ හැමදාම
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,126
    1,874
    113
    Affa ...kalekin elakiriye supiri thread ekak dakke...nodanna dewal godak dena gatta...thanks a lot :D