අසීෆා දැරිය ඝාතනය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    අසීෆා දැරිය ඝාතනය

    ඉන්දීය පාලිත කාශ්මීරයේ දී අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීම ඉන්දියාව පුරා වැසියන්ගේ දැඩි කෝපයට හේතු වී තිබේ.

    මුස්ලිම් එඬේර ජනකොටසකට අයත් අට හැවිරිදි අසීෆා බානෝ (Asifa Bano) ගේ මළසිරුර පසුගිය ජනවාරි මස කතුවා නගරය අසල කැලෑවක තිබී හමුවිය.

    එහෙත් ඇය දූෂණය කර මරා දැමීම මේ සතියේ ප්‍රධාන පුවතක් බවට පත්වූයේ ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන දක්ෂිණාංශික හින්දු කණ්ඩායම විරෝධය පළකිරීමත් සමගය.

    ඒ සමගම ජම්මු කාශ්මීරයේ හින්දු සහ මුස්ලිම් භක්තිකයන් අතර මතුවෙමින් පවතින උණුසුම හේතුවෙන් අපරාධය සම්බන්ධ පරීක්ෂණවලට බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රීනගර්හි ස්වාධීන මාධ්‍යවේදියෙකු වන සමීර් යසීර් පවසයි.

    ජනවාරි මස 17 උදෑසන මුහම්මද් යූසුෆ් පුජ්වාලා 'කතුවා' නගරයෙහි පිහිටි සිය නිවස ඉදිරිපිට අසුන් ගෙන සිටින විට ඔහුගේ අසල්වාසියෙකු ඉතා කලබලයෙන් දිව එනු දුටුවේය. යූසුෆ් ඉදිරියේ නැවතුන අසල්වැසියා පැවසුවේ, යූසුෆ්ගේ අට හැවිදිරි දියණිය අසීෆා බානෝගේ සිරුර මීටර් සියයකට පමණ එපිටින් පිහිටි පඳුරක් අසල වැටී තිබෙන බවය.

    "මම දැනගත්තා මගේ දරුවාට කුමක් හෝ විපතක් සිදු වෙලා කියලා," ශෝකයෙන් බර වී ගිලුණු දෑස් සහිතව සිටි යූසුෆ් බීබීසීය සමග පැවසීය. මේ අතරතුර ඔහුගේ බිරිඳ නසීමා බීබී නොනවත්වා හඬමින් "අසීෆා" යැයි මුමුණමින් සිටියාය.

    ස්ථීර පදිංචියක් නැතිව හිමාලයේ ජීවත් වන 'ගුජ්ජාස්' නම් මුස්ලිම් එඬේර ජන සමූහයකට අයත් යූසුෆ්, එළුවන් සහ මී හරක් රැක බලා ගනිමින් දිවි ගෙවන්නෙකි.

    අසීෆාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පිරිස අතර විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්, පොලිස් නිලධාරීන් හතර දෙනෙක් සහ බාලවයස්කරුවෙක් ද සිටිති. ඔවුන් සියලු දෙනාම හින්දු භක්තිකයෝය.

    ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව 'ජම්මු' හින්දු භක්තිකයන් විරෝධතා ආරම්භ කර තිබේ.

    පාලක භාරතීය ජනතා පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු ද එවැනි එක් උද්ඝෝෂණ රැලියකට එක්වීම ගැන බරපතල කෝපය පළවෙමින් තිබේ. භාරතීය ජනතා පක්ෂය, ප්‍රාදේශීය ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එක්ව ප්‍රාන්තයේ පාලන බලය හොබවයි.

    ඒ සමගම දැරිය ඝාතනය කිරීම පිළිබඳ පමණක් නොව, චුදිතයන්ට සහාය දැක්වීමේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ද දැඩි කෝපය පළකරමින් #Kathua සහ #justiceforAsifa හෑෂ්ටෑග යොදාගනිමින් ට්විටර් ජාලය ඔස්සේ බොහෝ දෙනා අදහස් පළකරති.

    ප්‍රාන්තයේ මහ ඇමති මෙහ්බූබා මුෆ්ටි පරීක්ෂණයක් පවත්වන මෙන් පොලිස් අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේ අසීෆාගේ දේහය හමුවීමෙන් දින හයකට පසුව ජනවාරි 23 වෙනි දිනය.

    පරීක්ෂකයන් පවසන අන්දමට ඇය දින කිහිපයක් ප්‍රදේශයේ කෝවිලක රඳවාගෙන "දින ගණනාවක් දූෂණය කර, වධ දී අවසානයේ මරා දමා" තිබේ.

    මුලින්ම ඇයගේ ගෙල සිර කර මරා දමා තිබෙන අතර ඉන් අනතුරුව ගලකින් දෙවතාවක් හිසට පහර දී තිබුණි.




    lgFaQvn.jpg




    bbc-blocks-dark.png
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ඇයි බං මිනිස්සු මේ තරම් තිරිසන් වැඩ කරන්නේ.ඇයි අහිංසක ළමයින්ට මේ වගේ අමන වැඩ කරන්නේ?:(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mona Jathiya unath, Api Kauruth Minissune . Eka nisa thama Upamavakata gena [thamanta mea vipatha sidhu unoth] , anun Nonasiya yuthuya.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    A local Gujjar leader said there were human bites on her body and her legs were broken.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මුස්ලිම් උනත් පොඩි ලමයෙක් බන්. පව් ඉතින්. අරුන් ටිකයි, උන්ව බේර ගන්න උස්ගෝෂන කරන උන්ව උල තියන්න වටිනවා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    මුස්ලිම් උනත් පොඩි ලමයෙක් බන්. පව් ඉතින්. අරුන් ටිකයි, උන්ව බේර ගන්න උස්ගෝෂන කරන උන්ව උල තියන්න වටිනවා

    ඔව් බන් බලපන් වැටිලා ඉන්න හැටි.මට නම් දැක්කහමත් ඇස් වලට කදුළු ආවා.අපිටනම් ළමයෙක්ට වැරද්දක් කරත් හයියෙන් පාරක් ගහන්නවත් හිතෙන්නේ නැහැ.මේ වැඩේ කරපු උන් නම් මහ සක්කිලිම හැත්තක්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    ඇයි බං මිනිස්සු මේ තරම් තිරිසන් වැඩ කරන්නේ.ඇයි අහිංසක ළමයින්ට මේ වගේ අමන වැඩ කරන්නේ?:(

    තිරිසන් වැඩ කියන්න එපා මචන්, තිරිසන් සත්තු මේ වගේ වැඩ කරන්නේ නෑ... කවදාවත් පොඩි පැටවුන්ට මේවගේ අතවර කරලා මරල දන්නේ නැනේ උන්.

    මිනිස්සු නොමිනිසුන් වීගෙන එන්නේ. බුදු හාමුදුරුවොත් කියල තියෙනවනේ...:sorry::sorry::sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    Indiawe hemadama rape tiyenawa.unge news channel ekak beluwoth oluwa kakkuma hadenawa.daily news walin bagayakma rape case
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    තිරිසන් වැඩ කියන්න එපා මචන්, තිරිසන් සත්තු මේ වගේ වැඩ කරන්නේ නෑ... කවදාවත් පොඩි පැටවුන්ට මේවගේ අතවර කරලා මරල දන්නේ නැනේ උන්.

    මිනිස්සු නොමිනිසුන් වීගෙන එන්නේ. බුදු හාමුදුරුවොත් කියල තියෙනවනේ...:sorry::sorry::sorry:

    :yes::sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    Indiawe hemadama rape tiyenawa.unge news channel ekak beluwoth oluwa kakkuma hadenawa.daily news walin bagayakma rape case

    එහෙත් ඕව කරන උන්ට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඇති නේද බන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    එහෙත් ඕව කරන උන්ට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඇති නේද බන්.

    Ow bn mae balapan maha dawal village kello ussan yana heti.


     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නොදකින් උන්ව ඇල්ලුවා කියලා උද්ගෝෂණ කරන කාලකන්නිත් ඉන්නවනේ :sorry: