අසුභ ලකුණු ඉවතට මහින්ද මයුරා මැඳුරට
රාජපක්ෂ මහතා මන්දිරයට පැමිණිමට පෙර වාස්තු විද්‍යාඥයින්ගේ හා නක්ෂත්‍රකරුවන්ට මේ මන්දරය පෙන්වා ඔවුන්ගේ උපදෙස් අනුව වැදගත් වෙනස්වීම් කිහිපයක් ලහි ලහියේ සිදු වන බවත් එම වෙනස්වීම් සියල්ලම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දරය අනුව සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව මන්දිරයේ උතුර දෙසට පිහිටා ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට වෙනස් කැරෙයි.දොරටුවට දැන් ලොකු ජනෙල් පියන් දෙකක් සවි කැරේ.
මන්දිරයට ඉදිරියෙන් තිබෙන නාන තටාකය රාජපක්ෂ මහතාට එතරම් සුබදායක නොවන බව ජ්‍යෙතිශාස්ත්‍රඥයින් හා වාස්තු විද්‍යාඥයින් පෙන්වාදීම නිසා එය මුහුදු වැලි වලින් වසා දැමෙයි.
මුහුදු වැලි වලින් පුරවන ලද නාන තටාකයට අයත් භූමියේ වැලි දෙපසේ ස්පර්ශවීමෙන් ගන්නා තීන්දු තීරණ වලින් ප්‍රතිපල ලැබෙතියි නැකැත්කරුවන් කියා ඇත.
ඒ හේතුවෙන් දැනට නාරහේන්පිට අභයාරාමයේ පැවැත්වෙන ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයය නාන තටාකයේ පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි තතු දන්නෝ පවසති.
කෝන මාසයක නිවසට ගෙවදීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ තරම් සුබදායික නොවුනත් රාජපක්ෂ මහත්මියගේ කේන්දරය අනුව සුබ ගෙන දෙන බව ශාස්ත්‍රකරුවන් පෙන්වා දීමෙන් අනතුරුව තව දින කිහිපයකින් අලුත් අවුරුද්දේ වත් පිළිවෙත් තංගල්ලේ කාල්ටන් නිවසේ සිදු කර ඉන් අනතුරුව පීකොක් මන්දිරයට පැමිනෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
- http://www.lankadeepa.lk/index.php/top_story/307385