අහගනින් [Listen] දැනගනින් [Proofing]
ඔබේ ජීවිතයට ඔවදන් ටිකක් !!
ඔබේ ජීවිතයට ඔවදන් ටිකක් !!
- එන්න - සමාජයට වැදගත් කෙනෙකු විලසින්
- ඉදගන්න - තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්
- කන්න - ගුණ ඇති දේ පමණක් ප්‍රමාණවත් තරම්
- බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නොවන දෙයක්
- ලියන්න - දැණුමත්,විනෝදයත් ලැබෙන දෙයක්
- කරන්න - තමන්ටත්,අනුන්ටත් ප්‍රයෝජන යමක්
- කතා කරන්න - අවශ්‍ය දෙයක් පමණක්
- සිනාසෙන්න - සමච්චලයට නොව අවංකව හදවතින්ම
- කියන්න - පළදායී මිහිරි වදන්
- අහන්න - කියන්නා කෙසේ කීවත් සිහි බුද්දියෙන් ඕන තරම්
- බලන්න - දෙනෙතට,මනසට ප්‍රිය උපදවන අර්ථවත් යමක්
- ඉන්න - කිසිවිට කිසිවෙකුට කරදරයක් නොවන විලසින්
- අදින්න - චාම්,පිරිසිදු සංස්කෘතියට ගැලපෙන ඇදුමක්
- ඉගෙන ගන්න - හැමවෙලාවෙම යමක්
- පිලිගන්න - හැමකෙනෙකුම ගවුරවයෙන්
- උත්සහ කරන්න - උත්සහ කොලොත් කර නොහැකි දෙයක් නොමැති නිසා
- සෝදන්න - අනෙක්වා මෙන්ම හදවතත්
- ඉතිරි කරන්න - ටිකෙන් ටික,සතෙන් සතේ අනාගතය වෙනුවෙන්
- නාන්න - ගතත්,සිතත් පිරිසිදු වන ලෙසින්
- නිදා ගන්න - විරාමයක් සදහා පමණක්
- නැගිටින්න - කොන්ද පණ ඇති පුද්ගලයෙකු ලෙසින්
- ඇවිදින්න - බොහේ අත්දැකීම් ලබා ගත හැකි නිසා
- යන්න - යා යුතු මග නොබියව ඉදිරියටම
- හදන්න - සමාජයට වැඩදායක පුද්ගලයෙකු
- මැරෙන්න - සමාජයට මෙහෙවරක් කල සැබෑ මිනිසෙකු විලසින්
මේ සියල්ල ගැන මොහොතක් සිතන්න

මේ අපේ බබාමද?









