අහගනින් [Listen] දැනගනින් [Proofing]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අහගනින් [Listen] දැනගනින් [Proofing]

    ඔබේ ජීවිතයට ඔවදන් ටිකක් !!


    • එන්න - සමාජයට වැදගත් කෙනෙකු විලසින්
    • ඉදගන්න - තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්
    • කන්න - ගුණ ඇති දේ පමණක් ප්‍රමාණවත් තරම්
    • බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නොවන දෙයක්
    • ලියන්න - දැණුමත්,විනෝදයත් ලැබෙන දෙයක්
    • කරන්න - තමන්ටත්,අනුන්ටත් ප්‍රයෝජන යමක්
    • කතා කරන්න - අවශ්‍ය දෙයක් පමණක්
    • සිනාසෙන්න - සමච්චලයට නොව අවංකව හදවතින්ම
    • කියන්න - පළදායී මිහිරි වදන්
    • අහන්න - කියන්නා කෙසේ කීවත් සිහි බුද්දියෙන් ඕන තරම්
    • බලන්න - දෙනෙතට,මනසට ප්‍රිය උපදවන අර්ථවත් යමක්
    • ඉන්න - කිසිවිට කිසිවෙකුට කරදරයක් නොවන විලසින්
    • අදින්න - චාම්,පිරිසිදු සංස්කෘතියට ගැලපෙන ඇදුමක්
    • ඉගෙන ගන්න - හැමවෙලාවෙම යමක්
    • පිලිගන්න - හැමකෙනෙකුම ගවුරවයෙන්
    • උත්සහ කරන්න - උත්සහ කොලොත් කර නොහැකි දෙයක් නොමැති නිසා
    • සෝදන්න - අනෙක්වා මෙන්ම හදවතත්
    • ඉතිරි කරන්න - ටිකෙන් ටික,සතෙන් සතේ අනාගතය වෙනුවෙන්
    • නාන්න - ගතත්,සිතත් පිරිසිදු වන ලෙසින්
    • නිදා ගන්න - විරාමයක් සදහා පමණක්
    • නැගිටින්න - කොන්ද පණ ඇති පුද්ගලයෙකු ලෙසින්
    • ඇවිදින්න - බොහේ අත්දැකීම් ලබා ගත හැකි නිසා
    • යන්න - යා යුතු මග නොබියව ඉදිරියටම
    • හදන්න - සමාජයට වැඩදායක පුද්ගලයෙකු
    • මැරෙන්න - සමාජයට මෙහෙවරක් කල සැබෑ මිනිසෙකු විලසින්

    මේ සියල්ල ගැන මොහොතක් සිතන්න
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද පොස්ට් එකක් බබා
    එකවුන්ට් එක වෙන කෙනෙකුට කුලියට වත් දුන්නද