අහන් ඉන්න - අහගෙන ඉන්න

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    අහන් ඉන්න - අහගෙන ඉන්න

    අහන් ඉන්න - අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා...
    prew-mekala.jpg


    මේ ගීතය ඔබ බොහෝ දෙනෙක් දැනටමත් අසා ඇති අපි විශ්වාස කරන්නෙමු.නමුත් එම ගීතය ගායන කරන දෑස් නොපෙනන "මේඛලා ගමගේ" නම් යුවතිය පිලිබඳ ඔබ බොහෝ දෙනෙක් නොදන්නා නිසා ඇය ගැන ලිපියක් මෙසේ පළකරන්නෙමු.
    මේ ඇගේ වචනයි..

    "පුංචි දවස්වල කනට වැටුන සින්දු ගෙයි මුල්ලක ඉඳගෙන බිත්තියට කියෙව්වා.මට ඉස්කෝලයක් නොතිබුනත් සන්තෝසයෙන් හිටියා.

    මගේ තාත්ත ගුණපාල,අම්ම සෝමලතා,තාත්තගේ ගොවිතැනින් අපේ ගෙදර තල මුන් සහල් යහමින් තිබුනා.උදේට මං මිදුලටවෙලා අනිත් ළමයි ඉස්කෝලේ යන සද්දේ අහගෙන ඉන්නවා.

    දවසක් මහත්තුරු කට්ටියක් ඇවිත් මාව පොලොන්මාරුව අන්ධ විද්‍යාලයට එක්ක ගියා.ලියනගම සර් ,නන්දා - දමයන්ති මිස්ලා අපිට බ්‍රේල් අකුරු ඉගැන්නුවා.හොස්ටල් එකේ අපිව බලාගත්තේ අම්මාවරු වගේ.

    ඕලෙවල් වලදී තාත්ත නැතිවුනා.ඒ කියන්නේ අපේ ගෙදරම නැති උනා.හාල් ඇටයත් මුන් මෙනේරි සේරම නැති උනා.

    ජිවිතේ මට ආයෙත් ලැබුනේ මං විශ්ව විද්‍යාලයට තේරුණා දවසේ. "ඔයාගේ මාර්ගේ සංගීතේ - දැන් ඉතින් දිගටම ඉහලට යන්න" කියල ඩබ්ලිව් ආර් පෙරේරා ලොකු සර් ,නිර්මලා-කුලරත්න මිස්ලා උපදෙස් දුන්නා.


    එත් අනේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගේ ලෝකයේ දොරටු වසා දැමුවා..අම්මෝ මට දැනුත් දුකයි..

    ඇස් නැති අපි පස් දෙනාටම සංගීතේ කරන්න ඉඩ දුන්නේ නැහැ.මට ඒ ලෙවල් වලටත් සංගීතෙට සම්මාන තිබුනා.එත් ඒ මැඩම් ඉඩක් දුන්නෙම නැහැ

    (අනේ පත්තරේට නම් ලියන්න එපා ..හොඳ නෑනේ).

    අපට කිව්වේ "ඔය කට්ටිය සංගීතේ කරන්න ගියාම බෝඩ් එකේ වැඩ,ප්‍රස්තාර වැඩ.බටහිර සංගීත රේඛා ක්‍රමය හරි හැටි කරන්ඩ බැරි වෙනවා.මිට ඉස්සර අවරුදු වල අයටත් අමාරු උනා."

    එහෙම කිව්වේ ඒ මැඩම්ලට අපේ අන්ධ බව තුල තිබෙන මහා ශක්තිය අවබෝධ නොවීම නිසයි.එදා අපි මොන අරගලයක් කරන්නද?

    වෙනත් විෂයන්ගෙන් උපාධිය අරගෙන ගෙදර ඇවිත් පහුගිය අවරුදු තුනේම ඒ වැහි ගිය දොර අරගන්න තමා උත්සාහ දුක් ගන්නේ.වැඩක් නැතිව හිත කකියන නිසා ගමේ ශ්‍රී පඥානන්ද දහම් පාසලේ ළමුන්ට දහම් කවි ගාථා භක්තිගීත උගන්නවා.

    විශාරද විභාගෙට ඉගෙන ගන්ට සැතපුම් 4 ක දුර තියෙන පන්තියකට යනවා.

    කැඩපතක මගේ රුව මොහොතකට දැකගන්න

    මගේ පින්තුරේ මගේ හිතට පෙන්නේ ඔය සින්දුවෙන් තමයි.අම්මෝ දෛවයක හැටි..මාව ගායිකාවක් කරපු සින්දුව මාව සොයාගෙන ආව.මාව හොයාගත්තේ නලින්ද ප්‍රේමරත්න සර්,

    සටහන
    නලින්ද ප්‍රේමරත්නයන් විසින් "මිනිස් පහස" නමින් නිපදවූ නාට්‍යයේ ආබාධිතයන් උදෙසා වූ තේමා ගීතය ගයනු ලැබුවේ මේඛලා විසිනි.එදින ගායනා කල "අහන් ඉන්න" ගීතය ලංකාව පුරා ජනප්‍රිය වන්නට ගියේ කෙටිකලක්.

    පසුගිය 15 වනදා එනම් ලෝක දෘශ්‍යාබාධිතයන්ගේ දිනය දා ඇයගේ ගීත සමාජගතවිණි.ඇයගේ එකම බලාපොරොත්තුව පවත්නා රැල්ලෙන් මිදී ගායිකාවක් වීම සහ සංගීත ගුරුවරියක් වීමටයි.ඒ පැතුම් සඵල වේවා යැයි අප ඇයට සුබ පතමු.

    මෙම ලිපිය සකස් කෙරුනේ ලක්බිම පුවත්පතේ පලකෙරුන පරාක්‍රම කොඩිතුවක්කු මහතා විසින් මේඛලා ගමගේ සොයාගෙන ගොස් ඇය සමග කල පිළිසඳරක් ඇසුරිනි.

    මෙම ගීතය භාගත කරගන්න

    http://data.gossip9.com/2011/10/ahan-inna-mekala-gamage-mp3.html
     
    • Like
    Reactions: akila sapumal

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    me girl japure graduate kenek.kauda kiyanne kiyala dakinna nathan nirosha kiyanawa kiyala hithene.meya concert ekakadi me sinduwa kiyala anthimata eyage loketa eka danena hati ath widinna kiyala light off karala ahanna dila.anthimata baladdi kattiyama hogala adanawalu................
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මං ගොඩක් ආස කරන සිංදුවක්........
    දුක හිතෙනවා විස්තර අහනකොට.............