~~ අහලම බලන්න ~~

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අද කාලේ අපිට එක එක ජාතියෙ සිංදු අහෙනවා..සමහර ඒවා මෙලෝ රහක් නෑ:dull: ඒ උනාට පට්ට ආතල් බීට් එක:rofl::D,තව ඒවා හොඳ බීට් එකක් නෑ:no: ඒ උනාට හොඳ තේරුමක් තියෙනවා:yes:..ඒ වගේම ඔය දෙකටම නැති මෙලෝම රහක් නැති සිංදුත් ඇහෙනවා මේ දවස්වල..:rofl: ඒ අතර මෑතකදි මට ලස්සන ගීතයක් අහන්න ලැබුනා මම යාලුවෙක්ගෙ ගෙදර ඉද්දී..:yes:
    ගෙදර ඇවිත් සිංදුව භාගත කරගෙන එහෙම හොඳට ඇහුවා..අද කාලයේ තරුණ ගායකයෙක් මේ සිංදුව කියන්නෙ...:yes:හොඳ බීට් එකක් ඒ වගේම ඉතා හොඳ තේරුමක් සහිත සමාජයට පණිවිඩයක් දෙන (විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට)මේ ගීතය මට හිතුනා ඔයාලා එක්ක බෙදාගන්න:yes::love:

    සමහරුනම් අහලත් ඇති..:yes:
    (එළකිරි රේඩියො එක අහන අයනම් මේක අහලා ඇති මොකද මේක මගෙ ඉල්ලීමකට දුන්නා;))
    ඒ කොහොමහරි මෙන්න වැඩි කතා ඕන්නෑ..
    :rolleyes:අහලම බලන්නකෝ..:D


    සෝඩි ලැම හස පෑයු පමණින්

    බඹර ගුම් නද ඇසූ තරමින්
    නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න
    එපා දෑතින් මලේ පෙති දිග හරින්න
    එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න


    දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න
    නුඹේ පියාපත් තවම ළපටි නොවෙදැයි සිතන්න
    සිහින ඇති නිමාවක් නැති තරම්
    ඒත් මේ ගැන සිතන්න
    අපා දුක් විඳ වුවද කම් නැත
    පොළොවෙ පය ගහ සිටින්න
    //



    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්


    අග්නි වැලකට ඇවිද යා නොහැකිමුත්
    පුළුන් රොදක පාවෙලා යා හැකි බවත්
    තරව සිහියට නගන්න
    දැවි දැවී ජීවිතය කුමකට ගෙවන්නේ
    නගේ ඩිංගක් හැඟුම් යටපත් කරන්න


    සෝඩි ලැම හස....

    mp3 link :

    http://sinhalamp3.sinhalalanka.com/...ic_download_center&userid=540&pageid=9&page=2



    Artist – Arjuna Rookantha
    Composed – Arjuna Rookantha
    Lyrics – Jayasena Beligala


    ඔයාලගේ අදහස් මේකෙ කොටලා යන්න...:yes::yes:මේ වගේ තව අද කාලෙ හොඳ ගීත තියෙනවනම් ඒවත් අපි හැමෝම එක්ක බෙදාගන්න!:yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේ අපේ අර්ජුන කොල්ලගේ සින්දුවක්නේ.....එලම තමයි ඉතින්:yes::yes::yes:
    :yes::yes::yes:
    thanks.gif

     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උබ එළකිරි රේඩියෝ ඒකෙන ඉල්ලුවනේ ඕක
    මටත් මතකයි
    තේරුම කෙල්ලෙක් හිතට ගන්නවානම් ඒකම ඇති හැදෙන්න