අහවල් වැඩෙත් උන්ටම පරවේණි වුණී...

Getta

Member
Apr 8, 2009
103
7
0
අහවල් වැඩෙත් උන්ටම පරවේණි වුණී...

'අහවල් වැඩෙත්' උන්ටම පරවේණි වුණී

මාතර නගරයේ අත් අල්ලාගෙන අශෝබන ලෙස හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට
-පුවතක්


පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ

"අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම

සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
හම්මා සනුහරේ දුව දුව පිං කොරතී
පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
පටලය බලාගෙන කල්චර් කන්යාවේ

නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී

(මෙය ඩෝ0 පුතා නැමත්තෙකු විසින් ලියන ලද්දකින් උපුටා ගත්තකි)
 

samruka

Well-known member
  • Jul 6, 2007
    2,933
    533
    113
    Sri Lanka
    'අහවල් වැඩෙත්' උන්ටම පරවේණි වුණී

    මාතර නගරයේ අත් අල්ලාගෙන අශෝබන ලෙස හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට
    -පුවතක්


    පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
    නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
    පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
    කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ

    "අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
    අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
    තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
    අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම

    සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
    හම්මා සනුහරේ දුව දුව පිං කොරතී
    පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
    උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

    ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
    සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
    මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
    පටලය බලාගෙන කල්චර් කන්යාවේ

    නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
    ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
    "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී

    (මෙය ඩෝ0 පුතා නැමත්තෙකු විසින් ලියන ලද්දකින් උපුටා ගත්තකි)

    ado fatta 1000 times fatta
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන ලියවිල්ල.

    මෙය උපුටාගත් එකක් වුනත් ඒ බව සඳහන් කරමින් හෝ මෙහි පලකිරීම ගැන ඔබට ස්තුතියි.
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මාර කවියක්නේ.... අප්සට් එකකට තියෙන්නේ මෙහෙම කියපු එක තමා....

    "මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ" :lol::lol::lol:
     

    Getta

    Member
    Apr 8, 2009
    103
    7
    0
    කරුණාකර කතෘ අයිතිය සුරැකීමට එහි ලින්ක් එක පලකරන්න...


    එක්කො ලස්සන හිතට වදින දෙයක් උඹල දැක්කම අනිත් උන් එක්ක බෙදා ගන්න ඕනෙ,දෙයක් දැම්මම බර බර ගාන එක සිම්පල් බන්.,උඹ බූන්දි site එක දැකල ඇතිනෙ,ඒක යටම තියෙන එක කියවහන්..
    ලියල ඇති

    "බූන්දියට කොපිරයිට්ස් නැත- කරුණාකර, මේ අකුරු සුදුසු බිම් වල පැල කරන්න."
    කියලා
    උඹලත් ඉන්නෙම දෙයක් දැක්ක ගමන් අන්චියක් අදින්නම තමා
    ...:rofl: