අහස්_යානා_කන_ළඟින්_යන_මාහෝ_වෙරළ
සුන්දර සුදු පැහැති වෙරළ තීරයත්, මුහුදු වතුරත් නියමෙටම පැහැදිලියි. (Crystal Clear) අව්ව තපින්න, මුහුදේ නාන්න මෙතැනට චීන සංචාරකයොත් තොග ගණන්, කැරීබියානු (Caribbean) දූපත්වල "සාන්ත මාර්ටීන්" (St. maarten) කියන දූපතේ "මාහෝ වෙරළ" (Maho beach) ගැන තමයි කලින් වර්ණනා කළේ. සංචාරකයො මේ වෙරළ තීරුවට ආකර්ෂණය වැඩි වෙන්න ඉහත කරුණුවලටත් වඩා මෙන්න මේ කාරණය තමයි වැදගත්ම. මේ වෙරළ පටියේ ඉන්නකොට කන ගාවින් අහස් යානා යනවා. එන්න ඒ වෙලාවට මෙතැන ඉන්න හැමෝම වහාම ක්‍රියාත්මක වෙනවා. මොකටද දන්නවද අහස් යානාවක් එක්‌ක පින්තූරයක් ගන්න.
මේ වෙරළට යාබදව තියෙන ගුවන්තොටුපළේ පථය අවසන් වෙන්නේ වෙරළට ඉතාම කිට්‌ටුවෙන්. ඒ නිසා තමයි මේ දුර්ලභ අවස්‌ථාව මේ අයට ලැබෙන්නේ. අහස් යන්ත්‍ර කොච්චර ළඟින් යනවද කිව්වොත් වෙරළෙ තියෙන වැල්ලත් එතකොට ඇවිස්‌සෙනවා. මේ ගුවන් තොට තියෙන්නේ කැරීබියානු දූපත් සමූහයේ "සාන්ත මාර්ටීන්" කියන දූපතේ. මේකෙ නම තමයි "ප්‍රින්සස් ජුලියානා ජාත්‍යන්තර ගුවන්තොටුපළ", (Princess Juliana International Airport) එසේම "සාන්ත මාටින් ගුවන්තොටුපළ" කියලත් මේක හඳුන්වනවා. මුලින්ම මේකෙ ගුවන් පථයක් හැදුවේ යුද්ධමය ප්‍රයෝජනය වෙනුවෙන් 1942 දී ඊට පස්‌සේ 1943 දී මෙය සාමාන්‍ය ගුවන්තොටක් බවට පරිවර්තනය කළා. 1964 දී මෙම ගුවන් තොටුපළ සම්පූර්ණ නවීකරණයකට ලක් වුණා.
මේ පින්තූර බලන ඕනම කෙනකුට එකපාරම හිතෙන්නේ හරියට චිත්‍රපටයක අහස් යානයක් කඩා වැටෙන දර්ශනයක් පින්තූරයකට අරං කියලා. කොහොම වෙතත් මේ වෙරළේ පුවරු සවිකරලා තිබෙනවා.
මෙහිදී යම්කිසි අනතුරක් අහස් යානයකට වුණොත් තුවාල වීම් හෝ මරණය පවා සිදුවිය හැකි බවට. ඒ නිසා මෙම වෙරළේ විශේෂත්වය එක්‌කම දැඩි අනතුරුදායක බවකුත් තිබෙනවා. වර්ග හැතැප්ම 37 ක බිමක් තමයි මේ දූපතේ ඉඩ ප්‍රමාණය. එසේම මෙහි ජනගහනය 75,000 ක් පමණ වෙනවා. කවුරු හරි කල්පනා කරගෙන ඉන්නවනං කන ළඟින් අහස්‌යානා යන තැනකට යන්න, ඔන්න ආයි දෙකක් නෑ. මේක තමයි නියමම තැන.
උපුටා ගැනීම "දිවයින "

අනිවාර්යයෙන්....... 