අළුත්ගම සිද්ධියේ නූල් සූත්තරකරු

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අළුත්ගම සිද්ධියේ නූල් සූත්තරකරු

    අළුත්ගම සිද්ධියේ නූල් සූත්තරකරු පතිරාජගොඩ ස්වාමීන්



    -පොසොන් පෝදා භික්ෂුවකට පහරදුන්නා කියා අත්අඩංගුවට ගත් මෞලවි අස්ගර්ගේ කතාව..

    10403236_777368692315730_9123975763727326814_n.jpg



    මෞලවි අස්ගර් දර්ගා නගරයේ ඉල්හාමුල් ඉස්ලාම් අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දර්ගා නගරයේම අරාබි මද්රසාවක් පවත්වාගෙන යනු ලබන මෞලවිවරයෙකි. අළුත්ගම දර්ගා නගරයෙහි සිදුවූ ගැටුමට මුලික කාරණාව වූ පොසොන් පෝදා කාදියවත්ත පන්සලේ හිමිනමට පහරදුන්නා යැයි කියන සිද්ධියෙහි පළමුවෙන්ම අත්අඩංගුවට ගනු ලැබූවේ මෞලවි අස්ගර් ය. මේ වන විට ඇප මත නිදහස ලබා සිටින අස්ගර් විසින් සිදු වූවා යැයි කියන ගැටුමෙහි සුලමුල පිළිබඳ පළමුවරට මාධ්‍යයකට විස්තර කෙළේය.

    සිද්ධියේ ආරම්භය
    --------------------
    ජූනි මස 12 වන දින මධ්‍යහ්න 12.30 පමණ වන්නට ඇත. මගේ අයියා සිටියේ කාදියවත්තෙහි ඇති මගේ නිවසෙහි ඉදිරිපසය. එදින මාගේ මල්ලි වැඩ කරන සේවාස්ථානයේ හිමිකරුගේ විවාහ මංගලෝත්සවය පැවති දිනය විය. මගේ අම්මාට සහ නංගිට අදාල මංගලෝත්සවයට යෑම සඳහා ත්‍රීවීල් රථයක් රැගෙන පැමිනීමට මගේ අයියා ඔහුගේ යතුරු පැදියෙන් පිටත් විය. පැමිණි ත්‍රීවිල් රථය මගේ ගේ ඉදිරිපස නැවැත්වීය. මගේ අයියා ත්‍රීවිල් රථයට ඉදිරිපසින් වම් පැත්තට වන්නට යතුරුපැදිය නවත්වාගෙන සිටියේය. ඒ මොහොතේ ස්වාමීන් වහන්සේ නමක් රැගත් වෑන් රථයක් පාර දිගේ පැමිණියේය. දෙතුන් පාරක්ම වෑන් රථයේ රියදුරු විසින් හෝන් ගසනු ලැබිණි. එවිට මගේ සහෝදරයා යතුරුපැදිය ත්‍රීවිල් රථයේ පිටුපසට ගෙන නවත්වනු ලැබීය.

    බහින්බස් වීම
    --------------
    මෝටර් සයිකලය පාරෙන් ඉවත් කළ පසු හිමිනමගේ වෑන් රථය පාරේ ඉදිරියට ගොස් නවත්වනු ලැබිණි. වෑන් රථයේ සිට බිමට බැස්ස රථයේ රියදුරු කිසිසේත් නොසිතූ ආකාරයට මාගේ අයියා වෙත පැමිණ ඉතාමත් නින්දිත අසා සිටිය නොහැකි තිත්ත කුණුහරුපයෙන් බනින්නට පටන් ගත්තේය. ඉවසාගත නොහැකි වූ මාගේ සහෝදරයාද ඔහු හා වාදයට පැටලුණේය. සද්දය ඇසුණු මාගේ බාල මල්ලි ගේ ඇතුළේ සිට සිද්ධිය සිදුවුනු ස්ථානයට දුවගෙන පැමිණියේය. මමද වෑන් රථයේ දොරටුව විවරව තිබු ආකාරයෙන්ම වෑන් රථය ළග සිටගෙන සිටියෙමි. මේ අතර මාගේ සහෝදරයා සහ වෑන් රථයේ රියදුරු අතර වූ වාදය උච්චස්ථානයකට පැමිණ තිබුණේය. මාගේ සහෝදරයා විසින් වෑන් රථයේ රියදුරු අල්ලා තල්ලු කොට පහර දෙකක් ද ගැසුවේය. එවිට එතෙක් වේලා වාහනයේ සිටි හිමි නම වාහනයෙන් බැස අප සිටි ස්ථානයට පැමිණියේය. සුළු ලෙස පහර කෑ වාහනයේ රියදුරු තමන් සමග පැමිණි හිමිනම ඒ ස්ථානයේ තනිකර දමා වෑන් රථය පදවාගෙන ගියේය.

    හිමිනම සමග වූ කතාබහ
    ---------------------------
    මා විසින් සිදුවූ සිද්ධිය පිළිබදව ස්වාමීන් වහන්සේට පැහැදිලි කරමින් සිටියෙමි. ස්වාමින් වහන්සේද මා සමග කථා කළේ ඉතා හොඳ ආකාරයෙනි. සුළු වේලාවකට පසු එම ස්ථානයට පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ වැඩම කළේය. වෑන් රථයේ රියදුරු ගොස් සිද්ධිය පැවසු සැණින්ම එම ස්ථානයට පැමිණි උන් වහන්සේ කිසිවක් සොයා නොබලා ඉතාමත් අශෝබන ආකාරයට කථා කරන්නට පටන් ගත්තේය. මාගේ නිවස ඉදිරිපිටට පැමිණි පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ ඉතාමත් නරක ආකාරයට බනිමින් සිටියේය. ඒ මොහොතේ එම ස්ථානයේ සියළු කාරණාවලට මුල් වූ වෑන් රථයේ රියදුරු එම ස්ථානයේ සිටියේ නැත. කෙසේ වෙතත් සුළු වේලාවකට පසු ඔහු එම ස්ථානයට පැමිණියේය.

    සමාව ඉල්ලූවෙමු
    -----------------
    එම ස්ථානයට පැමිණි මාගේ ඥාතියෙකු පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරනු ලැබිණ. ඉන්පසු ස්වාමීන් වහන්සේලා සමග සිදු වූ සිද්ධිය පිළිබඳ කතාබස් කොට වරදක් සිදු වූයේ නම් ඒ සඳහා සමාව ඉල්ලා සිටියෙමු. මාගේ අයියාද සමාව ඉල්ලිය යුතු යැයි ස්වාමීන් වහන්සේලා ඉල්ලා සිටි විට මාගේ අයියාද ස්වාමීන් වහන්සේලාගෙන් සමාව අයැද සිටියේය. සියල්ල නිමාවුයේ යැයි සිතා අයියා සහ මල්ලී මගුල් ගෙදරට පිටත්ව ගියහ. එතැන රැඳී සිටි මම ස්වාමින් වහන්සේලා සමග සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් සිටියෙමි.

    පොලිසියේ අත්අඩංගුවට
    -------------------------
    මේ මොහොතේ සිද්ධිය සිදු වූ ස්ථානයට ට්‍රැෆික් අංශයට අයත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු පැමිණියේය. එවිට පොලිස් නිලධාරීන් දෙස බැලූ පතිරාජගොඩ ස්වාමින් වහන්සේ මාව පෙන්වා රියදුරුට පහර දුන්නේ මා යැයි සඳහන් කළ විට අදාළ නිලධාරීන් මාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගියේය. එවිට වේලාව ප.ව 1.30 ට පමන වන්නට ඇත. ඒ මොහොතේ එම ස්ථානයට පැමිණි රියදුරු සමග වාහනයේ ගමන් ගත් කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ මොහු මට පහර දුන්නේ නැහැ. වෑන් රියදුරුට පහර දී තල්ලූ කළේ මොහුගේ අයියා යැයි පවසන ලදී.

    පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ පොලිස් ස්ථානය තුළ ශබ්ද කරමින් කලබලකාරී ලෙස හැසිරෙමින් සිටියේය. කුරුඳුවත්ත ස්වාමින් වහන්සේට පහර දීමක් සිදු වී නොමැති බව උන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරන නිසා කිසිවකු මෙහි සාක්ෂි දීමට පැමිණිය යුතු නැතැයි පවසමින් පැමිණි සාක්ෂිකරුවන්ව අදාල පොලිස් නිලධාරියා විසින් පලවා හරින ලදී. නමුත් පතිරාජගොඩ ස්වාමින් වහන්සේට එම ස්ථානයෙන් ඉවත් වන්නට පැවසුවේ නැත. පැය දෙකකට අධික කාලයක් පොලිස් ස්ථානය තුළ රැඳී සිටි උන් වහන්සේ විටින් විට තම ජංගම දුරකථනයෙන් යම් යම් අය සමග සම්බන්ධතා ඇති කරගෙන කතා කරන ආකාරයක් දක්නට ලැබුනේය. වේලාව ගතවෙද්දී පොලිස් ස්ථානයට විශාල පිරිසක් පැමිණෙන්නට පටන් ගත්හ. පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ එළියට ගොස් පැමිණියවුන් සමග කතා කොට නැවත පැමිණ පොලිස් නිලධාරීන් සමග කථා කරමින් සිටියේය.

    ක්‍රියාමාර්ගයක් ඕනේ
    ---------------------
    පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ පොලිස් නිලධාරියා ඉදිරියට ගොස් ඉක්මන් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවත් නොඑසේ නම් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවත් ප්‍රකාශ කරන ලදී. එසේ නම් කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ රෝහල්ගත වී ප්‍රතිකාර ලැබිය යුතු බව පොලිස් නිලධාරියා විසින් එවිට ප්‍රකාශ කළේය. රෝහල් ගත වී ප්‍රතිකාර ලැබිය යුතු යැයි බල කරනු ලැබු කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ අකමැත්තෙන් යුතුව ප්‍රතිකාර ලැබීමට යැයි පවසමින් රෝහල් ගත විය. මාගෙන් කට උත්තර ගනු ලැබුවේ මේ සියළු කටයුතුවලින් පසුවය.

    අයියා, මල්ලි අත්අඩංගුවට
    ----------------------------
    ප.ව 3.30 පමණ විට සියයකට අධික ජනතාවක් පොලිසිය ඉදිරිපිටට රැස්වන්නට විය. ප.ව 3.30 ට පමන පොලිස් නිලධාරින් විසින් මාගේ අයියා සහ මල්ලිව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන පැමිණියේය. නමුත් පොලිසිය වටකොට විශාල පිරිසක් රැඳී සිටි බැවින් මාගේ අයියා සහ මල්ලිව පොලිස් ස්ථානය තුළට රැගෙන පැමිණියේ ප.ව 5.30 ට පමණය.

    රිමාන්ඩ් ගත කිරීම.
    -------------------
    සවස 5.30 පොලිස් ස්ථානයට රැගෙන ආ අයියා මල්ලි සමග මාවද රිමාන්ඩ් ගත කරනු ලැබීය. කකුල් මුල වැඳ වැටි සමාව ගන්නා ලෙසටද අපට කියනු ලැබීය. තුන්දෙනාගෙන්ම කට උත්තර ගනු ලැබීමෙන් පසු අපව කළුතර බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබීය. දින 21 ක් අප තුන්දෙනාම බන්ධනාගාරගතව සිටියෙමු.

    බොරු සාක්ෂි කට උත්තර ලෙස
    ----------------------------------
    'ස්වාමීන් වහන්සේට පහර දෙන්න එපා යැයි අපි ඇ`ඩුවා. ඒගොල්ලෝ ඇසුවේ නෑ. ඒ ගොල්ලෝ පහර දුන්නා' යැයි එක්කෙනෙකු විසින් බොරු සාක්ෂි දෙනු ලැබිණි. ඔහුගේ බිරිඳ මෙහෙමත් සාක්ෂි දුන්නාය. 'මා කියන දේ බොරු සාක්ෂි නම් මමත් මගේ සැමියාත් මගේ දරුවනුත් වාහනයක හැපී මැරෙන්නට ඕනේ' යනුවෙන් දිව්රමින් බොරු සාක්ෂි දුන්නාය. මාව පෙන්වා මා පහර දුන් බවත් පැවසුවාය. කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේව බලහත්කාරයට ලක් කොට අසත්‍ය පැවසීමට උන්වහන්සේව පොළඹවා ඇත.

    අපට පහරදීම
    ------------------
    මාගේ මල්ලිව පොලිස් ස්ථානයට රැගෙන පැමිණිමේදී ස්වාමින් වහන්සේලා විසින් පහර දී තිබිණ. එම පහර දීමෙන් ඔහුගේ මුහුණ ඉදිමී තිබිණ. අප පොලිස් රිමාන්ඩ් ගතව සිටි මොහොතේ එහි පැමිණි ස්වාමීන් වහන්සේලා එහි සිටි අනෙක් රැඳවියන් දෙස බලා 'ගහපල්ලා, මුන්ව මරා දාපල්ලා' යනුවෙන් කෑ ගැසූහ. මොවුන්ව මරා දැමුවහොත් ඔවුන් ව නිදහස් කරන බවටද එම ස්වාමීන් වහන්සේලා කෑ ගසා කීහ. රිමාන්ඩ් ගතව සිටි අපට ස්වාමීන් වහන්සේලාට වැඳ සමාව ගන්නා ලෙසට බලකරනු ලැබීය. එවිට රිමාන්ඩ්ගතව සිටි එම රැඳවියන් අප තිදෙනාටම පහර දෙනු ලැබීය. අප පහර කෑමට ලක් වූ පසුව එහි රඳවා සිටි එම රැඳවියන් ව එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

    නඩුව කල් දැමුවා
    ------------------
    මේ මොහොත වන විට අපව ඇප මත නිදහස් කොට ඇත. නඩු විභාගය අගොස්තු 6 වන දිනට කල් දමා ඇත. නීතිය නිවැරදිව ක්‍රියාත්මක වුවහොත් සත්‍ය අපක්ෂපාතී නඩු විභාගයක් සිදු වුවහොත් අපට සාධාරණය ලැඛෙන බව අප විශ්වාස කරමු.

    නිවෙස් පහරදීමට ලක් වූයේ නැත.
    ----------------------------------
    දර්ගා නගරයේ සිදුවූ ගැටුමේදි අපේ නිවසට හානි සිදුවූයේ නැත. සිද්ධිය වූ දින ත්‍රීවීල් රථ තුනකින් පැමිණි පිරිසක් නිවසට පහර දීමට උත්සාහ ගෙන ඇත. එනමුත් පොලිසියේ මැදිහත් වීමෙන් එම සිදුවීම වළක්වා ගනු ලැබ ඇත.

    (නවමණි පුවත් පතේ ෂිරාස් එම් සාජහාන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි.)
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ane h*t*o, umbala kawada bn rawatttanna hadanne. mama inne pansala gawa, nikam pacha talk danna epa,
     
    Last edited:

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Patta story eka......umbalata ochchara kal giyada oka write karanna!! oyata wada poddak rasawathkarala liyapnko apitath athal ekay kiyawaana.

    Dannam ara 7pm-10pm yana nattiwage kiyaknam awada. may barida wadipura sallitikak wiyadam karala hoda director kenekwa ganna, umbalagay oya gubbaayam wala inna unta wada.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මදි ..මදි .. හොදටම මදි ..
    මෙහෙම කතාවක් ලියද්දි මහින්ද අබේසුන්දර වගේ පොරක් සෙට් කර ගත්ත නම් මිට වඩා කොච්චර තාත්විකද..?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    තව ටිකක් මහන්සි වෙලා ලියන්න.අපි බලමු අඩුපාඩු හදාගෙන ඊළග වටෙට යන්න පුලුවන් වෙයිද කියලා..... :yes::yes::yes:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේ ගෙරි වේස ජූම් හම්බයව හොයල කෑලි කපල ඌරන්ට කන්න දෙන්න ඕන මුලින්ම... :growl:ඇඩ්මින්ට කියල මේ කොනකපාලුවව බෑන් කරපල්ලකො.:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මේක ඒ දවස්වල ම කිව්වෙ නැත්තේ මොනද?
    කතාව ගොතන්න ටිකක් රිලැක්ස් වෙන්න ඕන නිසා ද?

    අනික මොකක් ද බං මේ නවමනි කියන පඩංගුව. මේ රටේ පිළිගත්ත ජාතික පුවත්පත් එකක්වත් ඔය හෑල්ල ගියේ නැත්තේ මොකද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අනේ පව් මෝඩ හම්බයොන්ට කතාවක් හදාගන්න ගොඩක් කල් ගිහිල්ලා :rofl::rofl::D:D:P:P එපික් ෆේල්
     

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    JAMJOOM's Avatar
    JAMJOOM JAMJOOM is offline
    Senior Member
    JAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these parts

    Posts: 2,227
    Join Date: Apr 2012
    Add to JAMJOOM's Reputation Report Post
    අළුත්ගම සිද්ධියේ නූල් සූත්තරකරු - Today, 12:27 PM

    pls.... admin band this bad person
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එතකොට නැගෙනහිරෙන් තුවක්කු එහෙම අරන් ජිහාඩ් එකට ඇවිත් පල්ලිය අස්සෙ රි0ගගෙන හිටියෙ ජෑම් ජූම්ගේ අප්පච්චිලාද? අර එස්.ටී.එෆ්. එකට වෙඩි තියලා ඉල්ලගෙන කෑවෙ, මතකද? අනේ *කේ. මේවට කුනුහරප තමා මතක් වෙන්නෙ. තව ලැජ්ජාවක් නැතුව මුන් මේව ලියනවනෙ අම්මපා.

    අහ්... අමතක වුනානෙ. මූසලුවන්ට කොහෙද බන්z ලැජ්ජාවක්.
    spitting-smiley-emoticon.gif
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    -පොසොන් පෝදා භික්ෂුවකට පහරදුන්නා කියා අත්අඩංගුවට ගත් මෞලවි අස්ගර්ගේ කතාව..

    (නවමණි පුවත් පතේ ෂිරාස් එම් සාජහාන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි.)
    e5be4746e9fe0f2e7e3869ed1146ff92cc7cb7d4eb591310ba33bab7d8a37e23.jpg
     
    Last edited: