අළුත් ආණ්ඩුව (ටිපර් පාක් කරන්න එපා මේ කපේදී වෙන්නේ නෑ )

rangana26

Well-known member
  • Feb 21, 2013
    8,783
    11,725
    113

    අළුත් ආණ්ඩුව







    මම කොලඹ තියන ගෙදර විවේකයෙන් හිටියේ. එක පාරටම ගෙදර අයන් ගේට් එකට පිරිසක් තඩිබානවා. මම ස්විච් එක ප්‍රෙස් කරලා ගේට් එක ඇරියා. රතු කමිස ඇඳ ගත්ත ෆයිල් අතේ තියාගත්ත පිරිසක් . "ගේට්ටු ඇරලා තියන්ඩ ඕනේ" රැලේ නායකයා වගේ කෙනා සද්දෙන් කිව්වා. "ගේට් එක ඇරලා තියන්න බෑ බල්ලා එලියට දුවනවා. කාර් එක පරිස්සම් නෑ " මම කිව්වේ කට්ටිය දෙස හොඳින් බලන ගමින්. එහෙම කියලා හරියන්නේ නෑ ; දැන් නීතිය හැම ගෙදරකම ගේට්ටු ඇරල තියන එක. ප්‍රතිගාමියෝ හැංගිලා ඉන්නවා නම් උන්ව අල්ල ගන්න ඕනේ " රැලේ නායකයා කියනවා.

    මට මිනිහව ටිකක් නෝට් උනා. ඉස්සර නුගේගොඩ මිනිහා ත්‍රී වීල් එකක් එලෙව්වා. මුල් කාලයේ යූ.එන්.පී සපෝටර් කෙනෙක්. දැන් ජවිපෙ ප්‍රාදේශීය නායකයෙක්. මිනිහා මගේ අළුත් කාර් එක දිහා බැළුවා. " මේ වාහනය සඳුදට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගේන්ඩ ඕනේ. එතන අපේ සහෝදරෙක් ඇති. අපි ඔක්කොම ලක්‍ෂරි වාහන රෙජිස්ටර් කරනවා"
    ඒ කතාවට මට ටිකක් අප්සෙට් ගියා. මුං මගේ අළුත් කාර් එක පවරා ගන්න යනව වත්ද ? මට මතක් උනා 1988 කාලේ මගේ යාළුවෙක් ගේ මාමා කෙනෙක් ගේ ලාන්සර් බොක්ස් එක සහෝදරවරු බලෙන් අරගෙන ගිය කතාව. රැලේ නායකයා කතා කරගෙන යන කොට මිනිහගේ ගෝලයෝ අතේ තියන කැමරා වලින් ගෙදර සහ වත්තේ පින්තූර ගන්නවා.

    "අපිට ගෙදර ඉන්න අයගේ හැඳුනුම්පත් දෙන්ඩ" නායකයා මට අණක් දුන්නා. මම හිතුවේ හැඳුනුම්පත් එකතු කරගෙන යයි කියලා. මොනවා කරන්නද මම පවුලේ අයගේ අයි.ඩී මිනිහගේ අතට දුන්නා. මිනිහා ඒක ෆයිල් එකක් අතේ තියාගෙන හිටපු රැවුල වවගෙන හිටපු එකෙක් ගේ අතට දුන්නා. මෑන් අයි.ඩී වල විස්තර කොලයක ලියාගන්නවා. මුන් ටික යනව නම් හොඳයි කියලා මට හිතුනා. ඒත් යන පාටක් නෑ.

    " ගෙදර කාමර කීයක් තියනවද ? නායකයා ඇහුවා. කාමර හයක් තියනවා මම කිව්වේ ටිකක් හිමීට. " ගෙදර ඉන්නේ හතර දෙනයි , කාමර හයක් මොකටද? රැලේ නායකයා මගෙන් ඇහුවේ සද්ද දමලා. එතකොට මිනිහත් එක්ක හිටපු සෙට් එක මා දිහා බැලුවේ හොරාට විදුලිය ගත්ත එකෙක් දිහා බලනවා වගේ.
    "නායක සහෝදරයා තීරණයක් අරගෙන තියනවා වැඩිපුර කාමර තියන ගෙවල් වලට නිවාස රහිත පවුල් යොමු කරන්න. ඒ නිසා ලබන සුමානේ අපේ සහෝදරයෙක් එයි. වැඩිපුර තියන කාමර දෙක නිවාස අමාත්‍යාංශය පවර ගන්නවා " හිටපු ත්‍රීවීල්කාරයා කියාගෙන යනවා.

    මල කෙලියක් නේ යකෝ මේක මට හිතුනා. මට Doctor Zhivago ෆිල්ම් එක මතක් උනා. මුං අපේ ගේ අස්සට කොහෙවත් යන පවුල් දෙකක් ඔබන්න යනවා. එතකොට බාත්‍ රූම් ඔක්කොම හවුලේ පාචිච්චි කරන්න වෙයි. වයිෆුයි දුවයි නම් මේකට කොහොමත් කැමති වෙන එකක් නෑ. මේ මොන මරාලයක් ද ?
    කට්ටිය විස්තර අරගෙන ගියා.

    මම ගේට්ටුවේ ස්ලයිඩිං දොර වහන්නේ නැතිව ගෙදරට ඇවිත් දොර වහ ගත්තා. කෙලින්ම කතා කලේ කුරුඳුවත්ත පොලිසියේ ඕ.අයි.සීට. මිනිහා මගේ යාලුවෙක්. මම ඕ.අයි.සීට ඔක්කොම විස්තර කිව්වා. මගේ විස්තර අහගෙන ඉඳලා ඕ.අයි.සී කටහඞ අඩු කරලා මෙහෙම කියනවා
    . " මටත් දැන් කිසිම බලයක් නෑ. අපේ පොලිසියට රතු කොමිසාර් කෙනෙක් කියලා ඉස්සර මහරගම එළවළු බක්කියක් කරගෙන හිටපු එකෙක් දාලා. පොලිසියේ ඔක්කොම නියෝග යන්නේ ඌ හරහා. මේ යක්කු මොන පිස්සුවක් කෙලිනවද මම දන්නේ නෑ. මොනවටවත් විරුද්ධ වෙන්න යන්න එපා. අර ප්‍රතිගාමී පනත හරහා ඕන කෙනෙක්ව අත් අඩංගුවට අරගෙන විලච්චිය පැත්තේ කෑම්ප් එකකට යවනවා. ඒ නිසා බලාගෙන" මෙහෙම කියලා ඕ.අයි.සී ෆෝන් එක තිබ්බා.

    මොන මරාලයක් ද මේ කියලා මම කල්පනා කලා. ඉන්ටනෙට් කපලා, බඩු ගන්න සමුපකාරේ පෝලිමට යන්න ඕනේ, මොන ජීවිතද මේ ? මට හිතුනා. මට සම්පත්ව මතක් උනා. මිනිහා මොනවා උනත් හොඳ මිනිහා. ජෙන්ට්ල්මන්. මිනිහා තමයි අළුත් ආණ්ඩුවේ ආරක්‍ෂක ලේකම්. මම සම්පත් ගේ මොබයිල් එකට කතා කලා. ගත්තේ වෙන කෙනෙක්. මම මගේ නම කිව්වා. මට සම්පත්ට කතා කරන්න ඕනේ කියලා කිව්වා. එතකොට එහා කොනෙන් කියනවා "ආරක්‍ෂක ලේකම් සහෝදරයා ඉන්නේ මීටිමක. අවශ්‍යතාවය ලියලා අමාත්‍යංශයට එවන්ඩ පිලිතුරක් සතියක් ඇතුලත එයි කියලා. ඒකත් හබක්.
    පිට රටකට පැන ගන්නවත් තියනව නම්. ඒත් පාස්පෝට් ඔක්කොම අවලංගු කරලාලු. නව රජය යටතේ අළුතින් පාස්පෝට් වලට ඇප්ලයි කරන්න ඕනෙලු. ඒත් පාස්පෝට් දෙන්නේ නිර්දේශ මත පමණයිලු. දැන් මොනා කරන්නද ? එක්කෝ වහ කන්න ඕනේ නැත්නම් මුන් ගේ මේ ක්‍රමයට අනුගත වෙන්න ඕනේ

    http://transyl2014.blogspot.com/2023/09/blog-post_26.html
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,448
    8,288
    113
    Sri Lanka
    ඉතින් ඕයි දැනුත් ලොකු වෙනසක් නෑ නේ... රතු කමිස කිව්වේ පොහොට්ටුවෝ වෙන්න බැරිද... මොකද උන් තමයි අපිව සතොසේ පොලින් වල තිබ්බේ...
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,879
    10,401
    113
    NWP
    1558857-500x500.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,783
    11,725
    113
    උබ මේක කොපි පේස්ට් කලේ මොන අරමුණකින්ද?
    එක පාරක් ගොටාබයට රැවටිච්ච ගොබ්බයො ටිකට ආතල් එකක් දෙන්න
     
    • Like
    Reactions: Solo Rider

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,105
    113
    41
    ලියපු එකා හැබැයි හොදට ලියලා තියෙනවා යමක් කමක් තියෙන එවුන්ගේ හිත් හෙල්ලිලා යන්න.
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama
    එක පාරක් ගොටාබයට රැවටිච්ච ගොබ්බයො ටිකට ආතල් එකක් දෙන්න
    ඉතින් උබ උබටමනේ ආතල් එක දින්නේ
    දැන් රටේ තත්ත්වේ මට නම් අතල් එකක් නෙමේ
     
    • Like
    Reactions: Draco Malfoy