“ඔයා ඉතිං අපිත් එකක් සෙල්ලම් කරන්න ආවට වැඩිපුර කරන්නේ ඉලක්කම් සෙල්ලමනේ. ඔය ඉලක්කම් එක්ක සෙල්ලම් කරන්න කම්මැලි හිතෙන්නේ නැද්ද මන්ද?” තම සම වයසේ යහළුවන්ගේ නෝක්කාඩු කතා වලට ප්‍රතිචාර දක්වන්නටවත් ඔහුට නිනව්වක් නැති තරම්. මේ දරුවා ඒ තරමටම ඉලක්කම් ලෝකයේ අතරමං වෙලා. ඉලක්කම් වලින් ඔහුගේ හිත ඉවතට ගිය විට ඊළඟට ඔහු යොමු වෙන්නේ අහසේ තරු දෙසටයි. ඉලක්කම් අතරෙයි අහසේ තරු අතරෙයි කුඩා කාලයේ ඉඳලාම සැරිසරමින් සිටි මොහු දිනෙක මහා ප්රාඥයකු වේයැයි ඔහුගේ දෙමව්පියන්වත් නොසිතන්නට ඇති. මුළු ලොවම තම නම රන්දන්නට සමත් වුණු මේ මහා නැණවතා අන් කවරකුවත් නොව ඔබ අප කොයි කවුරුත් හොඳින් දන්නා ආකිමිඩිස් ය.

ආකිමිඩිස්ගේ පාසල් සමයආකිමිඩිස්ගේ පියා ද තාරකා විද්‍යාඥයෙක් . තම පුත්‍රයාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් හෙතෙම ඔහුව ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි්රයා වෙතට ඇතුළත් කළා.ඇරිස්ටෝට්ල් වැනි බුද්ධිමතුන් ද බිහි වූයේ මෙම ඇලෙක්සැන්ඩි්රයාවෙනි. එහි දී ඔහුට සාමොස්හි කොනොන් හමු වුණා. තම සිසුන්ගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඔවුන්ව ධෛර්යමත් කළ ඉතා යහපත් ගුරුවරයෙකි මේ කොනොන්.ආකිමිඩිස් තමන්ගේ ගුරුවරයාට දැක්වූූයේ පුදුමාකාර ගෞරවයකි. “ඔබ අපට හොඳ ගුරුවරයෙක් පමණක් නොව හොඳ මිතුරෙකි.ඒ වගේම හොඳ මාර්ගෝපදේශකයෙකි.” දිනක් ආකිමිඩිස් තම ගුරුවරයාට පැවසුවේ ඒ නිසාවෙන් .

යුරේකා! යුරේකා!හොඳින් ඇඳ පැළඳගත් මිනිසුන් කඩිමුඩියේ නගරයේ ඇවිදයමින් තම එදිනෙදා රාජකාරියන්හි සුපුරුදු පරිදි නියැළෙමින් සිටි එක්තරා දිනෙක “යුරේකා, යුරේකා” යැයි කියමින් නිරුවතින් දිව එන මිනිසකු දැක නගර වැසියන් සැවොම භ්‍රාන්තයට පත් වුණා. “යුරේකා” යන ගී්රක වදනෙහි අරුත වන්නේ “මං සොයා ගත්තා” යන්නයි. මෙසේ කෑ ගසමින් නගර වැසියන් ත්‍රාසයට පත් කළේ අන් කවරකුවත් නොව ආකිමිඩිස් ය. ඔහු මෙසෙ නගර මධ්‍යයේ දිව යන්නට හේතු වුණු කතාව හරි අපූරුයි.සිරාකස් හි හීරෝ රජු යුද්ධයෙන් ජයගත් අතර ඔහු මෙම ජයග්‍රහණය සැමරුවේ දෙවියන්ට තෑගි ප්රදානය කරමිනි. රන්කරුවකු ලවා රත්රන් ඔටුන්නක් සාදාගත් රජු එය දෙවියන්ට පූජා කරන්නටයි සූදානම් වූයේ . එහෙත් රජතුමාගේ හිතේ මේ ඔටුන්න ගැන යම් කුකුසක් ඇතිවුණා. මේ ඔටුන්න පිරිසුදු රන් වලින් ම නිමවා ඇත් දැයි දැන ගන්නට රජතුමාට අවශ්‍ය වුණා.මේ සඳහා කැඳවූයේ ආකිමිඩිස්ව යි. ආකිමිඩිස්ගේ බුද්ධියටත් මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් දෙන්නට පුළුවන් වුණේ නැහැ. ඔහු මේ ගැන හිතමින් කල් ගත කළා. දිනක් නාන බේසමට වී මේ ගැන කල්පනා කරන විට ආකිමිඩිස්ට එයට නිවැරදි පිළිතුර සොයා ගන්නට පුළුවන් වුණා. තමන් සොයා ගත් විසඳුම ගැන අපමණ සතුටට පත් ආකිමිඩිස් නාන බේසමෙන් බැස රජතුමා වෙතට දිව ගියා. ඔහු කොයිතරම් නම් කලබල වී සිටියා ද කියනවානම් ඇඳුම් ඇඳගන්න තරම් වත් මතකයක් ඔහුට තිබුණේ නැහැ.
අමතක වෙන නැණවතාආකිමිඩිස් ගැන බොහෝ තොරතුරු දැන ගන්නට නැහැ. එහෙත් ඔහු අන් අයට වඩා වෙනස් ගතිගුණයන් ඇත්තෙක්. අන් අයට හිතා ගන්නවත් බැරි දේවල් නිර්මාණය කරන්නට තරම් ආකිමිඩිස් දක්ෂයෙක් වුණා. ආකිමිඩිස් විද්‍යාත්මක ගැටලු කෙරේ බොහෝ සේ ආකර්ශනය වී සිටි කෙනෙක්. ඒ නිසාම සමහර අවස්ථාවලදී ඔහුට නාන්නට වත් මතක් වෙන්නේ නැහැ. බොහෝ විට ඔහුගේ සේවකයන් ආකිමිඩිස්ව බලෙන් නාන්නට රැගෙන ගියා. “ අනේ පොඩ්ඩක් ඉන්න. මං ගැටලුව විසඳා ගත්ත ගමන්ම නාන්නම්” ඇතැම් විට ඔහු තම සේවකයන්ගෙන් අයැද සිටියා.
විද්‍යා දැනුම“මට මේ මුළු ලොවම හොල්ලන්න පුළුවනි. ඒ සඳහා මට අවශ්‍ය සුදුසු දිග ප්‍රමාණයේ ලීවරයක් පමණයි.” ආකිමිඩිස් නිතරම පවසන්නට වුණා. ඔහුගේ මේ පුරසාරම අත්හදා බලන්නට හීරෝ රජතුමාට අවශ්‍ය වුණා. එහෙත් ලොවම සෙළවිය හැකි තරමේ ලීවරයක් නම් සොයා ගන්නට පුළුවන් වුණේ නැහැ. මේ නිසා රජතුමා ආකිමිඩිස්ට අභියෝග කළා. එනම් අධි බරැති නැවක් ඒ මූලධර්මය ආශ්රයෙන් චලනය කර පෙන්වන ලෙසින්.ඒ අභියොගය නොපැකිළිව බාරගත් ආකිමිඩිස් ලීවර සහ කප්පි ආධාරයෙන් විශාල නැවක් මුහුදු වෙරළ වෙතට ගමන් කෙරෙව්වා.

දර්පණයක් හරහා ගමන් කරන සූර්ය කිරණ වලින් කඩදාසියකට ගිනි ඇවිළිය හැකි බව ඔබ දන්නවා ද?. ආකිමිඩිස් සතුරු නෞකා රැසක් මේ ආකාරයට ගිනිබත් කළ බවයි වාර්තා වෙන්නේ . විශාල දර්පණයකට සූර්ය කිරණ වැටෙන්නට සළස්වා එම කිරණ සතුරු රෝම නෞකාවන් දෙසට එල්ල කිරීමෙන් ඒවා විනාශ කර දමන්නට ඔහු සමත් වුණා. ඔහුගේ මෙම ප්රයත්නයට පෙර බොහෝ දෙනාගේ අදහස වූයේ ආකිමිඩිස් සිහි විකල්ලෙන් පසු වන්නකු බවයි. එහෙත් ඒ කිසිවක් හිතට නොගත් ආකිමිඩිස් තමන්ගේ ප්රයත්නය සාර්ථකව නිම කර පෙන්වූවා.
ආකිමිඩිස්ගේ අවසානයකි්ර.පූර්ව. 215 දී රෝමවරුන් සිරකස් නගරය යටත් කරගත්තා. සිරකස් නගරය යටත් කර ගැනීමට හැකි වීම පිළිබඳව ජනරාල් මාර්සලස් සිටියේ අපමණ සතුටකින්. සිරකස් හි සිටි මහා ප්‍රාඥයා වන ආකිමිඩිස් පිළිබඳව ඔහුගේ සිතේ තිබුණේ අපමණ ගෞරවයක්. ආකිමිඩිස්ව දැන හඳුනා ගැනීමේ නොතිත් ආශාවෙන් සිටි ජෙනරාල්වරයා ඔහුව තමන් වෙතට රැගෙන එන ලෙසට තමන්ගේ සෙබළුන්ට නියෝග කළා.ආකිමිඩිස්ව සොයා ගෙන ඔහුගේ නිවසට ගිය රෝම සෙබළාට දකින්නට ලැබුණේ ගණිත ගැටලුවක කිමිදී සිටින ආකිමිඩිස් ය. “ජනරාල් තුමාට ඔබව හමුවෙන් ඕනෙලු. එන්න මාත් සමඟ” “ ආ... මොනවාද?. යනවා යන්න. මම ලොකු වැඩක, ආකිමිඩිස් පිළිතුරු දුන්නා” “දැන්ම එන්න ඕනේ “ යැයි පැවසූ සෙබළා ආකිමිඩිස්ගේ අතින් ඇද්දා “මට බැහැ” “මං මේ ගැටලුව විසඳුවාට පස්සේ එන්නම්” ඔහු සෙබළාට පවසන්නට වුණා.කෝපයට පත් සෙබළ තෙමේ තම අත වූ කඩුවෙන් ආකිමිඩිස්ව මරා දැමුවා.

තමන් අතින් මරණයට පත් වූයේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයකු බව ඒ සෙබළාට වැටහුණේ නැහැ.ආකිමිඩිස් වැනි මහා ප්‍රාඥයන් නිතර ලොවට පහළ වන්නේ නැහැ. ඔහුගේ සමතැන්හි තැබිය හැකි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු ලෙසින් අයිසැක් නිව්ටන් හැඳින්විය හැකි යි.

Last edited: