ලංකාවෙ කොන්ද පන නැති එම්බසිය, අරාබිකාරයන්ගෙ සල්ලිවලට යටයි... ඉතා පැහැදිලිවම ඔතනයි ප්‍රශ්නෙ.. මචං, මම කටාර් ඉන්න කාලෙ, ලෙබනන් වල ලන්කාවෙ කෙල්ලෙක් හිරකරගෙන හිටිය.. (එලකිරි . කොම් සාමජිකාවක්..නම ප්‍රසිද්ධ නොකරමි) . එයා බේරුනේ ඒ ගෙදර මිනිස්සු නැතිවෙලාවට ඉන්ටර්නෙට් පාවිච්චිකරන්න අවස්තාව ලබුන නිසා..එයා අපේම කෙනෙක්ගෙන් උදව් ඉල්ලලා තිබුනා. එයා තමයි මට විස්තරය කිව්වෙ.. ඊටපස්සෙ මම ලෙබනන් එම්බසියට කෝල් කරල ඊමේල් එකකුත් යැව්වා.. කොපියක් විදේශසේවා එකට එව්වා. ඊට පස්සෙ එම්බසියෙන් කිව්වා පැනලා එන්න කියන්න කියලා එම්බසියට.. මම කිව්වා.. කෙල්ල එම්බසියට ගිහම ආයෙත් එජන්සියට බාර දීලා, ඒජන්සිය ආයෙත් අරගෙදරටම බාර දීලා.. මම ආයෙත් විදේශ සේවා එකට ඊ-මේල් කලා. ප්‍රතිචාරයක් නොලැබුන නිසා, ඔක්කොම ඊ-මේල් පිටපත් එක්ක ජනාධිපති කාර්්‍යාලයට ඊ-මේල් එකක් යවන්නද කියලා ඊ-මේල් එකක් මම නැවතත් යැව්වා. එකට හොද ප්‍රතිචාර ලැබුනා.. කෙල්ලව සතියකින් ලංකාවට එව්වා.. දැන් තේරෙනවා නේද අපේ මිනිස්සුන්ගෙ හැටි.