ආගමක් තර්කානූකූලව විවේචනය කිරීම ආගමික නිදහසට අයිති විය යුතුයි.ඒක පිලිගන්නේ නැත්නම් ආගමක් ඇදහීමට තියෙන නිදහසත් නැති කල යුතුයි.ආගමකට අපහාස උපහාස කිරීම තුලින් වෙන හානියට වඩා සෑහෙන විශාල හානියක් තර්කානූකූල විවේචන තුලින් ආගමකට වෙනවා.පරිනාමවාදය තමයි හොඳම උදාහරණය.ඒක නිසා අපහාස උපහාස බොහෝ වෙලාවට මොලයක් නැති අඥණයන් ආගමෙන් බැහර කලත් බුද්ධිමතුන් ආගමකින් බැහර නොවෙයි.නමුත් පරිණාමවාදය නිසා බුද්ධිමත් අය කිතු දහමෙන් අයින් වුනා.එමනිසා තර්කානුකූල විවෙචන ඉවසන ආගමක් අපහාස උපහාස නොඉවසන්නේ මන්ද? [බුදු දහමට අපහාස උපහාස වෙන ප්රධානම හේතුව පිලිමය නොහොත් මැටි ගොඩකට කරන අපහාසය.බුදු දහම කියන්නේ මැටි ගොඩක් බවට පත් කරගෙන මැටි වන්දනාවක් කරන්න එපා.ධර්මය අනුගමනය කරන්න .සිත නිවාගන්න.අපහාස උපහාස උඒක්ෂාවෙන් බලන්න