ආගමේ වැදගත්කම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම මේ ලිපිය පල කරන්න හිතුවේ දැන් දැන් මේ ලෝකේ මේ රටේ සමහර අය (සමහර කල්ලි) පොඩි ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා ආගමක් කියන්නේ අර්ථ ශූන්‍ය දෙයක් කියලා පෙන්නන්න. ඔවුන් කියන්නේ ආගම මිනිසා විසින් තමන්ගේ විශ්වාසයන් සිත තුල පෝෂණය කිරීම (අපි කවුරැත් කැමතියිනේ නොයෙකුත් විශ්වාසයන් හිතේ තියාගෙන ඉදිරිය ගැන හිතන්න) සදහා සාදා ගත් දෙයක් බව. මම දැක්ක එළකිරියෙත් මේ ගැන කවුද ලිපියක් දාලා තියෙනවා. මේවට සමහර දේශපාලන කල්ලි හවුල් බව බැලුවම එලිපිටම පේනවා.

    ඇත්තටම ආගමක් කියන්නේ විශ්වාසයන් පමණක්මද ??? ඇත්තටම නෑ ආගම තමයි පොඩි කාලයේ සිටම අපේ මනස සංවර කිරීමේ වස්තු බීජය වෙන්නේ. සංවර දැහැමි සාමකාමී සමාජයක් බිහි කරවීමට අවශ්‍ය සංවරය, අධ්‍යාත්මික සංවර්ධනය පුද්ගලයින්ගේ සිත් තුල ඇති කරවන්නේ.

    ඒ වගේම මා අදහන බුදු දහම ගත්තොත් එහි කියා දෙන දර්ශනයේ ඇති මනස වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග කොතරම් උසස්ද යන්න අපේ ලංකා ඉතිහාසය දිහා බැලුවම ඔබට නිකන්ම වැටෙහේයැයි සිතමි. බුදු දහමින් පෝෂණය වු එදා ශ්‍රී ලංකාවේ මිනිසුන් එම දහමෙන් කියා දුන් සිත මනස සංවර කිරීම සහ දියුණු කිරීමේ ආනුභාවයෙන් කොතරම් විශ්මිත නිර්මාණ කලාද යන්න කාටත් දැකගත හැකියි. මතක තියාගන්න ‍ලෝවාමහාපාය, රැවන්වැලිසෑය වැනි යෝධ නිර්මාණ කරද්දී ඔය ඇමරිකාව වැනි රටවල් වල මිනී මස් කන ග්‍රෝත්‍රිකයෝ ජීවත් වුනේ. ඒ වෙනස ඇති කරවූයේ ප්‍රධාන වශයෙන් ආගමයි.

    අපි පොඩි කාලේ දහම් පාසැල් ගිහින් පින්කරන්නේ කොහොමද පව් කියලා කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්නවා. ආගම් වෙන් වෙන්ව නොගත්තත් මේ ලෝකේ බොහෝ ආගම් වල මේ දේවල් පිළිබදව විවිධ ආකාර වලින් උගන්නනවා. ඉතින් කුඩා කාලයේ සිටම මේ අකුසල් ක්‍රියා වල යෙදීමට බියක් අපේ සිත් තුල ඇති කරනවා. බලන්න අදටත් ඔබ ‍කුමන වයසක සිටියත් කුමන තරාතිරමක කෙනෙක් උනත් පවක් කරන්න යද්දී චකිතයක් ඇති වෙනවා නේද ??

    පවක් කරත් ඉන්පසුව ඒ පිළිබදව අපි කොයිතරම් හිතින් විදවනවද. ඔය පව් සහ පින් කියන්නේ සංකල්පයක් විතරයි කියලා හිත‍මුකෝ (මේ නිඝණ්ඨයින් කියන්නේ එහෙමයි) නමුත් ඒක සංකල්පයක් වශයෙන් කොතරම් දුරට මේ ලෝකේ අපරාධ විනාශ නවත්තනවා කියලා ඔබලා හිතනවද.

    ටික කාලෙකට ඉස්සෙල්ලා ලංකාවේ හිරගෙවල් වල හිරකරැවන් සමග සාකච්ජා කරලා ඒ කරැණු ඇසුරෙන් ලියන ලස පොතක් පල වුනා (පොතේ නමනම් මතක නෑ) එහි සදහන් වුන ආකාරයට පාතාල චණ්ඩි, හොරැ, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ වැනි පව්කාරයින් ඇති වීමට 95% පමණ ප්‍රධාන වෙන්නේ කරැණු දෙකක් කියලා සදහන් කරලා තිබ්බා 01 තමයි ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ අවශ්‍ය කාලයේ ආදරය අහිමිවීම (මේ ආදරය මව්පිය ආදරය, සහෝදර ආදරය, සහකරැවාගේ‍ ‍හෝ සහකාරියගේ ආදරය විය හැකියි) 02 තමයි ඔවුන් ජීවිතයේ කිසි කලෙක තමන්ට උපතින් හෝ උරැම වූ ආගම ගැන නොතැකීම.

    යමෙකුට කියන්න පුලුවන් එහෙනම් ඇයි අද මේ ලෝකේ මේ තරම් අපරාධ සිද්ධවෙන්නේ කියලා. ඇත්තටම ඒකේ අනිත් පැත්ත තමයි මට කියන්න තියෙන්නේ මේ ලෝකේ බොහෝ ආගම් මිනිස්සුන්ගේ සිත් තුල පැලපදියම් වෙලා තියෙන නිසා තමයි ඔය තරමින් වත් අපි බේරිලා තියෙන්නේ. හිතන්න මේ‍ ලෝකේ හැමෝම නිඝණ්ඨයෝ වුනොත් තමන් කරන ඕන දෙයක් සාධාරණීකරනය කරන්න පුලුවන් තත්වයකනම් ඔවුන් ඉන්නේ මොකකින් මොකක් වෙයිද.

    ඒ වගේම අපි පිලිගන්න ඕනේ අද සෑහෙන අපරාධ සිද්ධ වෙනවා මේ ලෝකේ ඒ මිනිසා තම ආගමෙන් ඈත් වීම හේතු කොටගෙන ඇතිවෙච්ච විපාක. ඉතින් ‍අපි අපේ ආගම් වල කියලා තියෙන කරැණු ගැන මීට වඩා හිත යෙදවිය යුතු කාලයක් මේක. ඔබ විතරක් නෙවෙයි ඔබේ මිතුරන්, බිරිද, සැමියා, දරැවන් සියලු දෙනා ඔවුන්ගේ ආගමේ වෙත වඩාත් නැඹුරැ කිරීමට උත්සාහා ගන්න නැත්තම් තව ටික කාලෙකින් මිනිසා තමා විසින්ම තමාගේ බෙල්ල කපා ගැනීමේ අවස්ථාවට ලගා වන බවනම් නොකියා බැරිය.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Good post. Although I disagree with the content, I admire the way it is written (no swearing, no insults). By the way, normative and applied ethics do not depend on religion.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Also you being a Buddhist, I'm not sure how and why you relate "belief" to Buddhism?

    All religions have belief. some religions less and some are based on only belief. Belief is one of part of human life like Hopes. Without hopes there are no life like that every person live in the earth like to believe something its ordinary thing
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    All religions have belief. some religions less and some are based on only belief. Belief is one of part of human life like Hopes. Without hopes there are no life like that every person live in the earth like to believe something its ordinary thing

    What sort of belief does Buddhism have?
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    after non-existence of Lord Buddha, there are many thing added to Buddhism from externally. Most of are mainly came as a traditional behaviors, but many of those are not explained in Dharma.

    Those traditional behaviours and other added things are not part of Dhamma right? I'm talking about Buddhism, not Sinhalese Buddhist traditions,culture and society.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Those traditional behaviours and other added things are not part of Dhamma right? I'm talking about Buddhism, not Sinhalese Buddhist traditions,culture and society.

    Yes I agree, that why I told those are not explain in Dharma. Dharma is core of the Buddhism and those traditional customs are wrap around it. With long period of time with practice those are became part of Buddhism.

    Its happen not only here according to different tradition at different countries those are vary. Consider Buddha statue of Sri lanka and China.
     
    Jan 18, 2011
    282
    19
    0

    Yes I agree, that why I told those are not explain in Dharma. Dharma is core of the Buddhism and those traditional customs are wrap around it. With long period of time with practice those are became part of Buddhism.

    Its happen not only here according to different tradition at different countries those are vary. Consider Buddha statue of Sri lanka and China.
    and now, back to the original question
     
    Last edited:

    gwpbp

    Member
    Sep 18, 2006
    46
    10
    0
    Colombo
    හොද පෝස්ට් එකක් සහෝදරයා...ආගම් වලට මඩ ගහනවට වඩා ආගමක මූලික අර්තය තේරුම් ගන්න එක තමා වැදගත්...rep++

    Bump Bump Bump...... Agreed.....:yes::yes::yes::yes::yes:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Also you being a Buddhist, I'm not sure how and why you relate "belief" to Buddhism?

    බුදු දහමට එකතු වී මුල් බැස ගත් විශ්වාසයන් කොතෙක් තියෙනවා. මෙයට තව එක උදාහරණයක් දෙන්නම්. මළගිය අයට පින් දීම පිළිබදව තියෙන්නේ විශ්වාසයක් නමුත් බුදු දහමේ මළගිය අයට පින් දීම පිළිබද විශේෂ සදහනක් නෑ. බුදු පියාණන් දේශනා කරන ලද තිරෝකුඩ්ඩ සූත්‍රයේ සදහන් වන්නේ පරදත්තූප ජිවී නම් ප්‍රේත කොට්ඪාසය පමණක් පින් අනුමෝදන් වන බවයි. නමුත් අපි යමෙකු මියගොස් 7 දවසෙන් සහ 3 මාසයෙන් කරල පින් අනුමෝදනා මේ ආත්මයේදීම එම මිය ගිය අයට ලබා ගත නොහැකියි.