ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන්

Jun 19, 2013
437
104
0
ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන්

560650_2939633103183_1661264174_n.jpg


අයිසැක් නිව්ටන් යනු විශය ධාරා කිහිපයක් ඔස්සේ තම හැකියාව විදාරණය කළ විද්‍යාඥයෙකි. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි අසාමාන්‍ය බුද්ධියකින් හෙබි විද්‍යාඥයින් සිටි බව දන්නේ ඉතා සුළු පිරිසකි. ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන් යනු එවැනි එවැනි අසාමාන්‍ය බුද්ධියකට උරුමකම් කී පුද්ගලයකි.

සිය ද්විතීයක අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් හැදෑරු එතුමා 1985 වසරේ දී මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබීය. ඔහු කුඩා කළ සිටම ඉලෙක්ට්‍රොනික විද්‍යාව දස්කම් දැක්වූවෙකි. එනිසාම විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන දෙපාර්තමේන්තුවේ සිටි දක්ෂතම සිසුවා වීමේ භාග්‍යය ඔහුට හිමි විය. එපමණක් නොව ඔහු තුළ වූ සුවිශේෂතම ගුණාංගය වූයේ වනජීවීන්ට දැක්වූ අසීමිත ආදරයයි. කුඩා කළ සිටම සර්පයින්ට, ගෙම්බන්ට මහත් සේ ඇල්මක් දැක්වූ අමිත් මහතා වන ජීවීන් පිළිබඳව ගවේශණය කිරීමට මහත් ලැදියාවක් දැක්වීය.

විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදීම ඔහුගේ මිතුරන් ඔහුව හැඳින්වූයේ "ප්‍රොපා" යනුවෙනි. ඊට හේතුව වූයේ එකළ පටන් ඔහුට මහාචාර්යවරයෙකුගේ දැනුම තිබුණු නිසාවෙනි. එකල පැවති දේශපාලන වාතාවරණය නිසා ඔහුට සිය පළමු පන්තියේ උපාධිය ලබා ගැනීමට 1993 වෙනතෙක්ම බලා සිටීමට සිදු විය.

1995 දී ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතා ලිවර්පූල් හීදී අර්ධ සන්නායක සම්බන්ධයෙන් සිය පශ්චාත් උපාධිය හැදෑරුවේය. එරටම ඉහළ වැටුපකට රැකියා ලැබුණද ඒ සියල්ල පසෙකලා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ සිය මව් රටට සේවය කිරීමේ ඒකායන බලාපොරුත්තුවෙනි. 2003 වසරේ දී එතුමා සිය විශ්ව විද්‍යාලය වූ මොරටුව විශ්ව විද්‍යාලයේම ආචාර්යවරයෙකු ලෙස සේවයට එක් විය. කෙතරම් කාර්යබහුල පුද්ගලයෙකු වුවද කුඩා කළ සිටම වන ලැහැබකට ඔහු දැක්වූ ආදරය බිඳකින්වත් අඩු නොවීය. ඔහුගේ මිතුරන් පවසන පරිදි ඔහුගේ නිදන කාමරයේ විවිධ වර්ගයේ මකුළු විශේෂ සෑම තැනම දුවමින් සිටි බව කියැවේ. සිය සිසුන් සමඟ විවිධ වනභූමින්වල සිදු ගවේශනයන්දී ශ්‍රී ලංකාවට ආවේණික වූ සත්ව විශේෂ කිහිමපයක්ම සොයා ගැනීමට සමත් විය. lankacornubatrachus යන විද්‍යාතමක නාමයෙන් හඳුන්වන මැඬියා ඒ අතර සුවිශේෂි තැනක් ගනී. වනජීවී ඉලෙක්ට්‍රොනික විද්‍යාව නම් පුළුල් විෂය පථයක් පිළිබඳව ලෝකයාට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන්ටයි.

අධී වෝල්ටීයතා ජෙනරේටර්. බහු අක්ෂීය ස්ථිති චුම්භක මෝටරය, අති සංවේදී ධවල එල්.ඊ.ඩී. වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ විශාල ප්‍රමාණයක පරීක්ෂණ පැවැත්වීමට ඔහුට හැකි විය. එමෙන්ම පාසල් සමයේදී නොදැවුණු කාබන් මඟින් දියමන්ති නිශ්පාදනයට උත්සාහ දරා ඇත.

එතුමාගේ නව නිපැයුම් අතින් වඩාත් ප්‍රචලිත වූයේ අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස අලින්ට පැළඳීමට හැකිවන සේ නිර්මාණය කළ කොලර් පටියයි. මේ පටිය පළඳිනු ලැබූ අලින් ගම්මානය අසළට පැමිණෙන විට අලියාට ඉතා කුඩා විද්‍යුත් සැරක් වඳින අතර ගම් තුළ ඇති සයිරන් නළාව ද ස්වයංක්‍රීය ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව අද බොහෝ මාධ්‍යවේදීන්ට අමතක වී තිබේ. අලි මිනිස් ගැටුම පිළිබඳව වාර්තා පිට වාර්තා නිකුත් වූවත් පාලකයන්ට මේ අසහාය පුද්ගලයාගේ උත්කෘශ්ට නිර්මාණය අමතක වී ඇත.

විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස ඔහු සිදු කළ කාර්යය සුළුපටු නොවේ.. විශේෂයෙන්ම ඔහු නිර්මාණය කළ ප්‍රශ්න පත්‍ර බොහෝ දෙනාගේ කථා බහට ලක් විය. කෙතරම් කටුක ප්‍රශ්න නිර්මාණ කළත් සිසුන්ගේ නොමඳ ප්‍රසාද මේ ගුරුවරයාට හිමි විය. සිසුන් ඔහුට අපූරු අන්වර්ථ නාමයක් යොදා තිබුණි. ඒ "ඇනකොන්ඩා" යනුවෙනි. ඊට හේතුව වන්නේ විභාගයේදි ඔහුව සිසුන්ට "ඇනයක්" වීමත් ඔහු සතුව තිබූ දිගු "කොන්ඩෙත්" නිසාවෙනි. වරක් එතුමාගේ මිතුරෙකු ජලජ සර්පයෙකුට ගොදුරු වීමට යාමේදී අමිත් මහතා ජලය මත පෙළහර පා සිය මිතුරා බේරා ගෙන ඇත. ඔහු සතු වූ දිගු වරලස ගැන කියනවා නම් සිය උපාධි ප්‍රදානෝත්සවයට අනිත් සියලුම පිරිමි ළමයි කොණ්ඩය කොටට කපා පැමිණ සිටියදී මොහු පමණක් කොණ්ඩය වවා පැමිණ සිටියේය. ඊට හේතුව වශයෙන් මොහු පවසා ඇත්තේ ආදි මුතුන්මිත්තන් කොණ්ඩය වවා සිටියා නම් අප වැව්වට මොකද වෙන්නේ යනුවෙන්ය.

දක්ශ කෝකියෙකු මෙන්ම දක්ශ ජායාරූප ශිල්පීයෙකුද වූ මෙතුමාගේ හැකියාව පිළිබඳව බොහෝ දෙනා විස්මයට පත් විය. එමෙන්ම ඔහු සිදු කළ පරීක්ෂණ සිදු විශය පථයන් අතරට නිතිනි තාක්ශණය, බලශක්ති විද්‍යාව, ගගනගාමී විද්‍යාව, ක්වොන්ටම් විද්‍යාව ආදී බොහෝ වෙයි. සිය පරීක්ශණයක් සඳහා ඊශ්‍රායලේ සිටියදී අකල් අභිරහස් මරණයට ගොදුරු වීමට මේ මහා බුද්ධිමතාට සිදු විය. අවුරුදු 41 වැනි සිය කෙටි ජීවිත කාලය තුළ ලොවට බොහෝ දේවල් දයාද කරමින් සිය නාමය කරවීමට මේ සොඳුරු රාජකීයයාට හැකිවිය.

2007 වසරේ ජුනි මස අපෙන් සදහට ම සමුගත් ආචාර්ය මුනිද්‍රදාසයෝ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ශ්‍රේෂ්ඨයෙකි. අපට එසේ කිව හැකි වන්නේ ඒ මහතා කවදත් රට ජාතියට ආදරය කළ උතුම් මිනිසකු වූ නිසා පමණක්‌ නො ව ක්‌ෂේත්‍ර කිහිපයක්‌ පුරා ම පැතිරුණු විසල් දැනුමකින් හෙබි, තමන් උගත් දෙයින් තම රටට සේවය කළ, වචනයෙන් විස්‌තර කළ නොහැකි තරම් විද්වතකු වූ නිසා ම ය.

ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන් ගැන කෙසේ වත් මෙවන් කෙටි ලිපියකින් විස්‌තර කළ නොහැකි ය. ඒ සඳහා පොතක්‌ ලිවිය යුතු ය. කෙසේ වුව ද ආචාර්ය මුනින්ද්‍රදාස යනු රටට නිහඬව සේවය කළ විශිෂ්ට පුද්ගලයකු බව නම් නො කියා ම බැරි ය. එයට හේතු වන්නේ තම වසර 41ක්‌ පමණ වූ කෙටි ජීවිත කාලය තුළ ඒ මහතා ප්‍රසිද්ධිය හඹා නො ගිය බැවිනි. ආචාර්ය මුනින්ද්‍රදාස ගැන දැන සිටියේ නම් ඒ බොහෝ විට ඒ මහතා සම්බන්ධ වූ ක්‌ෂේත්‍රවල පිරිස්‌ පමණකි. බොහෝ දෙනා ඒ මහතා ගැන දැන ගත්තේ හදිසි අභාවයෙන් පසුව ය ඒ මහතා ගේ හදිසි අභාවයෙන් පසු විස්‌තර දැනගත් බොහෝ දෙනා විස්‌මයටත් පුදුමයටත් පත් වූයේ මෙවැනි විද්වතුන් අප රටේ සිටි බව දැනුණු විට ය.

එයට හේතුව කුමක්‌ ද? මා කලින් සඳහන් කළාක්‌ මෙන් ආචාර්ය මුනින්ද්‍රදාස ප්‍රසිද්ධිය පසු පස නො ගිය බැවිනි. වරක් හමුදා මුරපළක් ආසන්නයේදී රථය පරීක්ශා කිරීම සඳහා හමුදා නිලධාරීන් ඔහුගේ රථය නැවැත්වූ විය ඔහු තමාව හඳුන්වා දී ඇත්තේ ගුරුවරයෙකු වශයෙනි. අපේ රටේ බොහෝ උගතුන් ගෙන් ඒ මහතා වෙනස්‌ වූයේ එතැනිනි. විදේශ රටවලට ගොස්‌ සේවය කරන අපේ සමහර "උගතුන්ට" ආචාර්ය මුනින්ද්‍රදාස ආදර්ශයකි. නිදහස්‌ අධ්‍යාපනයේ ඵල ලබාගත් පසු, විදේශගත වී, අපට හෝ රටට සත පහක හෝ වැඩක්‌ නොමැති පර්යේෂණවල නිරත වී, වසරකට වරක්‌ නිවාඩු ගත කිරීමට මෙරටට පැමිණ පත්තර පිටු ගණන් හා රූපවාහිනි නාළිකා අරක්‌ ගන්නා අර ව්‍යාජ උගතුන්ට වඩා ආචාර්ය මුනින්ද්‍රදාස සිටින්නේ ළඟා විය නොහැකි තරම් ඈතිනි. සැබැවින් ම අපේ ජනමාධ්‍ය පවා කළ යුත්තේ ව්‍යාජ උගතුන් පුම්බා දැමීම නො ව ආචාර්ය මුනින්ද්‍රදාස වැනි උගතුන් ගැන රට හමුවේ තැබීම ය.

අප ගේ හා රටේ ම අභාග්‍යයට ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස අද අප අතර නැත. එතැනින් ඇති වූ හිඩැස ද පිරවීම එතරම් පහසු නො වනු ඇත. ඒ මහතා අපෙන් වෙන් වී ගොස්‌ වසරපහකට ආසන්න වන මේ කාලයේ ඒ මහතා ගේ ජීවිත කතාව ග්‍රන්ථාරූඪ කළ හැකි යමකු ඉදිරිපත් වන්නේ නම් එය කාලෝචිත යයි හැඟේ. මේ සඳහා ඒ මහතා ඇසුරු කළ බොහෝ දෙනා එක්‌වී මුල පුරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ශ්‍රේෂ්ඨ වන්නේ තම උගත්කම තම රටට ම සේවය පිණිස යොදා ගත් බැවිනි. බටහිරට සේවය කොට ඩොලර්/පවුම් මිලියන ගණනින් සෙවිය හැකිකම තිබුණ ද ආචාර්ය මුනින්ද්‍රදාස ඒ කිසිවක්‌ තඹයකට මායිම් නො කළේ ය. උපන් රටට සේවය කිරීම ගැන අපට ගත හැකි හොඳ ම ආදර්ශයක්‌ වන්නේ ඔහු ය. —
 

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Ela Post..! This guy is the one who fixed the MBRL weapons when they were sabotaged by the Norwegian intelligence sleuths.

    He was the head of Electronic and telecommunication Eng department at the time we were in the uni. A valuable man. People say he was killed in Israel coz he got to know too much of the weapon systems there :confused:.