ආචාර්ය ගයානිට හාවඩ් සරසවියෙන් ඉහළම සම්මානයක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    image_18bcf35119.jpg


    හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය නව සොයාගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෛද්‍ය විද්‍යාවට කර ඇති විශිෂ්ට සේවය වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝෂිප්( Helen Hay Whitney fellowship) සම්මානය පසුගියදා දිනාගත්තාය.

    ඇයට මෙම සම්මානය පිරිනැමීමට විශේෂතම හේතුව වන්නේ මිනිසාගේ ශ්‍රෝණි පටිය (pelvic girdle) වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳව නව සොයාගැනීම්ය.

    ලෝකය පුරා පිළිගත් මෙම සුවිශේෂවූ සම්මානය මෙයට පෙර දිනාගෙන ඇත්තේ නොබෙල් ත්‍යාගලාභීන් කීහිපදෙනකු පමණි.

    සෙනෙවිරත්න මහත්මිය ඇගේ පරීක්ෂණ වෙනුවෙන් මෙරටදී ජනාධිපති සම්මානය දෙවතාවක්ම හිමි කර ගත්තාය. මෙයට අමතරව ඇය ශ්‍රී ලංකා පර්යේෂණායතනය විසින් පිරිනමන ලද වසරේ විශිෂ්ටතම පර්යේෂණ සම්බන්ධයෙන්වූ සම්මානයද හිමිකර ගෙන ඇත.

    අය විසින් ජෛව වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනය සඳහා දැනට ඉදිරිපත් කරනු ලැබ ඇති පර්යේෂණ ප්‍රකාශන සංඛ්‍යාව විශාලය.

    සෙනෙවිරත්න මහත්මිය චිකාගෝ විශ්ව විද්‍යාලයේදී ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ අවස්ථාවේදී, ගෙම්බන්ගේ ශරීරයන්හි වර්ධනය වන මිනිස් කලලයන්හි අක්ෂි තීරුවේ දක්නට ලැබෙන අසාමාන්‍යතාවයකට ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකි ජානයක්ද සොයා ගන්නා ලදී. මෙම සොයා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ අවධානයක් හිමිවූ අතර එරට පළවන ප්‍රධාන පෙළේ සඟරාවක් වන proceedings of the national sciences හිද ඊට වැඩි ඉඩකඩක් වෙන් කරමින් ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කර තිබිණ.

    ගයානි සෙනවිරත්න මහත්මිය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි. ඇය විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට 2009 වසරේදී ඇතුළත් වූවාය.

    ශ්‍රී ලංකාවේ විද්‍යාව හදාරන දරුවන්ට තමා මතු මතුදිනක මෙරටට පැමිණ ඔවුන්ගේ සිහින සැබෑ කර දීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ආචාර්ය සෙනෙවිරත්න මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

    එසේම පෘෂ්ඨවංශික පරිණාමයේ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රශ්න නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් විසඳීමට හැකි තමන්ගේම විද්‍යාගාරයක් මතු දිනෙක පවත්වාගෙන යෑමද තමාගේ ප්‍රධාන බලාපොරොත්තුවක් බව ඇය සඳහන් කළාය.

    ගයානි සෙනෙවිරත්න මහත්මිය සුරාබදු කොමසාරිස් ( මධ්‍යම පළාත්) උපුල් සෙනවිරත්න මහතාගේ දියණියකි.

    image_5d699990b0.jpg



    Source: lankadeepa.lk
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් උබ හදපන්කෝ...
    මම හදාගත්තු එක මම පාවිච්චි කරනවා.

    රජයෙන් එහෙම හදපු බේත් 14ක් තියෙනවා. එයින් කීපයක් ෆාමසි වල විකුණන්නත් තියෙනවා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    මම හදාගත්තු එක මම පාවිච්චි කරනවා.

    රජයෙන් එහෙම හදපු බේත් 14ක් තියෙනවා. එයින් කීපයක් ෆාමසි වල විකුණන්නත් තියෙනවා
    එතකොට ඔය ටික හැම එකාම ගත්තානම් කොවිඩ් ඉවරද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මම හදාගත්තු එක මම පාවිච්චි කරනවා.

    රජයෙන් එහෙම හදපු බේත් 14ක් තියෙනවා. එයින් කීපයක් ෆාමසි වල විකුණන්නත් තියෙනවා
    කෝ ඉතින් හාවඩ් සම්මාන තියා, ගාමසේවක සහතිකයක්වත් නෑනේ. සුද්දාගේ මගුලක් නෑනේ ඒකී එකිගේම දේශිය දෙයක්නේ හොයාගෙන තියේන්නේ. හරිනම් උබ සතුටු වෙන්න ඔනේ. :lol: :lol: