ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

    මුස්ලිම් හෝ වෙනත් කිසිදු ආගමික මතයකට විරුද්ධව මේ මහතා කිසිත් අඳින්නේ නැත.මීට කලෙකට පෙර (මාස 2කට පමණ) මොහු විසින් සිංහල පාසල් ශිෂ්‍යාවන් හා හිජාබය ගාවා පල කල කාටූනය දැඩි විරෝධය මධ්‍යයේ ඉවත් කර ගැනුනි.මේවා සිද්ධ වෙන්නේ මුදල් වෙනුවෙන්ද..සම්මාන වෙනුවෙන්ද යන්න ගැටලුවක.උප්පැන්නයේ ජාතියට "සිංහල" ලෙසත් ආගමට "බෞද්ධ" ලෙසත් තිබෙන මෙවන් නිර්මාණ ශිල්පීන් රටේ පහල වන්නේ ඉහත කී ජාතියේත්,ආගමේත් පිනටද..පවටද යන්න ඔබ සිතා බැලිය යුතුය.

    මේ මොහුගේ අලුත්ම බුද්ධ චීවරයට කල අපහාසයයි..

    යමෙක් කියන්නේ නම් ඇත්තටම මෙහෙම දෙයක් වෙනවා තමයි.ඇත්ත කිව්වම අවුල්ද කියලා..අසන්නට තිබෙන්නේ මෙරට ඉතිහාසයේ රජුන් තැනුවේ සංඝයා වහන්සේලා බවය.දුටු ගැමුනු රජු හරහා එළාරගෙන් මෙරට බේරාගත් මොහොතේ පටන් ඊට නෙක උදාහරණ තිබේ.එබැවින්,මෙවන් "ශිල්පීන්" මෙන් ගෙඹි චින්තනයෙන් ඉවත් වී කඩතිර හැර බලන්නට ආරාධනා කරමු.

    අපේ රට ලෝකයේ තනිවී ඇත.අපිට සිටින්නේ අපි පමණි.එවන් කලෙක අපේ එවුන්ද අපිටම කෙලී නම් තවත් කුමන කතාද....​


    10368271_975566239127539_6917594504044649567_n.jpg


    මෙකී කාටූනයට පලවූ කොමෙන්ටු කිහිපයකි..

    Comment 01 - මේක මං දැකපු සවුත්තුම චිත්‍රයක්..මෙව්වටත් තම්බි සල්ලි දෙනවා ඇති මුන්ට.අපේ එවුන් මෙව්වට හිනා වෙලා like දානවා,බලපියව් උබලගේ ඇස් ඇරලා,මුං වගේ එවුන් තමා අපේ ජාතියට මුදල් වලට වහල් වෙලා මේ වගේ වැඩ කරන්නෙ....!!


    Comment 02 - ඇ බන් නියම ලොජික් දැන් තියෙන්නේ.

    මුස්ලිම් මිනිහෙක් කරන වැරැද්දක් විවේචනය කරලා දැම්මොත් ඌ වීරයෙක්. හැබැයි හාමුදුරු නමක් කරන වැරැද්දක් විවේචනය කලොත් උෘ එක්කො NGO කාර‍යෙක්. JVP කාරයෙක් නැත්තම් පල්ලියෙන් සල්ලි ගන්න එකෙක්.

    Comment 03 - සෑර්, මේ චිත්‍රෙට කීයක් ගෙව්වද? ඩොලර්ද, කුවේට් ඩිනාර්ද..?

    Comment 04 - අවන්ත ආටිගලගෙන් දැකපු කුප්පම කාටුන් ඒක. මෙහෙම කොහෙද වෙන්නේ ? සාක්ෂි අවශ්‍යයි.

    Comment 05 (Irfan Ham'd) - Salute to ur bravery Awantha!!!
    Speak the truth even if ur voice shakes.

    Comment 06 - සිවුරට අපහාස කරනවානම් උබලා ඌරෝන්ටත් සැලියුට් කරයි නේ?

    Comment 07 - අපි ඔබ‍ගේ හීන දැනුම හා ජීවිතය ගැටගසාගැනීමට දරන උත්සහය දෙස උපේක්ෂාවෙන් බලාසිටිමු.

    Comment 08 - සිංහල බෞද්ධ දේශපාලනය මෙර‍ට පැවතියේ අවන්ත ආටිගල ඉපදීමටත් බොහෝ පෙර සිටය. එකල රාජ්‍යත්වයේ සංකේතය ලෙස දළදා වහන්සේ සැලකීය.
    වාරිය‍පෙ‍ාල සුමංගල හිමි මිෂනාරී සුද්දන්ට එරෙහිව කල දේශපාලනය අවන්ත ආටිගල නොදැන සිටියද දහම් පාසල් යන කුඩා දර‍ැවකු වුවද දනී.
    එදා මෙදා තුර සුමංගල පරපු‍රේ සංඝ පීතෘ වරුන් ‍දේශපාලනය නොකලේ නම් අද තොපට හිනාවීමට හෝ කාටුන් ඇදීමට වත් භික්ෂුවක් දැකීමට නෙ‍ාමැති වී ගොඩක් කල් ගතවී තිබිය හැක.
    එදා ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍ය‍‍ාලය ගිනිතබා සංඝ‍යා වහන්සේ ඝ‍ාතනය කර මුස්ලිම් ආක්‍රමණ මගින් ආසියාවේ බොහෝතැන් වලින් නිර්මල බුදු දහම අතුගා දමා අවිද්‍ය‍ාව පැතිරවීය.
    ඉන්පසු බටහිර කතෝලික අධිරා‍ජ්‍යවාදීන් ද ඒ උත්සාහය තවම අත්නොහැර ඇති බ‍ව TIMES / BBC මෑතකාලීන උදාහරන දෙස බැලීමේදී පැහැදිලි වේ. මේවා පිලිබද ගැඹුරු අවබොධවක් නොමැති ලංකික ‍යැංකි සිංහල ඇතැමුන්ගේ අදහස් දැක්වීම් වලින් පෙනී යන්නේ නුතන බටහිර ඉගැන්වීම් වල මොවුන්ගේ චින්තන හැකියාව මොටකර ඇති ආකාරයයි.
    ලංකාව තුල නියේජිත ප්‍රජාතන්ත්‍රවාවදය හරහා ආගම් හෝ ජාති පදනම්කර‍‍ගෙන මුලින් දේ.ප. සෑදුවේ සිංහල බෞද්ධයන් නොව අනිත් ජාතින් හා ලබ්දිකයන් බව අද සිටිනා වුන් නොදැන සිටීම ගැන මා පුදුම නොවේ. තත්වය මෙසේ හෙයින් පාලකයින් සුලුපක්ෂ වල රූකඩවී සිංහල ජාතිය ‍ආගම කෙලෙසන විට නැ‍වත කාලනුරූපව සුමංගල පරපුර කරලියට ඒම කැනහිලුන්ට ගොදුරු අහිමි වීමක් බව කතාවෙන් හා ක්‍රි‍ය‍ාවෙන් පෙනේ.
    ආටිගල මහතා මහතා මුස්ලිම් පල්ලිය ගැන හෝ ක්‍රිස්තියානි පුජකයන් ගැන මෙලෙස ව්ත්‍ර නාදින්නේ ඔවුන් දේශපාලනය නොකරන නිසා ද නැතිනම් එ‍ලෙස අැන්දොත් වන දේ දන්න‍ා නිසද යැයි මම නාසමි.
    නමුත් බෞද්ධයන්ට මොන අපහාස‍ය කලද කිසිම ගැටලුවක් ඇති නොකරන අවිහිංසා වාදීන් බව දන්නා නිසා උඩ පැන පැන ගසන බ්‍වද අපි දනිමු. ඔව් අපි ඔබ‍ගේ හීන දැනුම හා ජීවිතය ගැටගසාගැනීමට දරන උත්සහය දෙස උපේක්ෂාවෙන් බලාසිටිමු.
    නමුත් මතක තබාගන්න , ඔබගේ සිත කොතරම් මෛත්‍රියෙන් හා කරුණාවෙන් පිරී තිබුනද පිස්සු බල්ලකු සමග නිදා ගැනීමට ඔබට නෙ‍‍ාහැක. බුදු දහම කියා දෙන පරිද සෑම දෙයක්ම වෙනස්වීමට ලක්වේ. ස්තිර කිසිවක් නොමැත....

    Comment 09 - ආටිගල මහතා මහතා මුස්ලිම් පල්ලිය ගැන හෝ ක්‍රිස්තියානි පුජකයන් ගැන මෙලෙස ව්ත්‍ර නාදින්නේ ඔවුන් දේශපාලනය නොකරන නිසා ද නැතිනම් එ‍ලෙස අැන්දොත් වන දේ දන්න‍ා නිසද යැයි මම නාසමි..

    Comment 10 - තොපිට ආගමක් දහමක් නෑ බොලව්. මේ කරන අපහාස වලට උඹලට විදවන්න වෙයි

    Comment 11 - ජාත්‍යන්තරයට රස කර කර බලන්න පුළුවන් චිත්‍රයක් ඇදල තියෙන්නෙ...


    ඔබේ කොමෙන්ටුව...?
     
    • Like
    Reactions: Lewke

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    මම කියන්නේ කාටූන් ශිල්පියෙකුට තමන්ගේ සිතුවිලි ප්‍රකාශ කරන්න පුලුවන්. ඒත් තමන්ගේ ප්‍රකාශනය පිලිබන්ඩව සමාජයට වගකිවයුතු බව මතක තබා ගත යුතුයි.........
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මගේ බුදු දහමට .. බුදුන් වහන්සේට මම හදවතින්ම ගරු කරනවා ආචාර කරනවා ...එත් මේ සමහර සිවුර පෙරෝගත්ත අය ගැන නම් මගේ කිසි පැහැදීමක් නැහැ .. ගොඩක් අය අපේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ පිවිතුරු දහමටත් නිගා කරනවා .. ඒ ගැන මට තියෙන්නේ පුදුම කණගාටුවක් ....:angry:
     
    Last edited:

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මම කියන්නේ කාටූන් ශිල්පියෙකුට තමන්ගේ සිතුවිලි ප්‍රකාශ කරන්න පුලුවන්. ඒත් තමන්ගේ ප්‍රකාශනය පිලිබන්ඩව සමාජයට වගකිවයුතු බව මතක තබා ගත යුතුයි.........

    ඔහු අගතිගාමි විය යුතුයි.
    එක පක්ශයකට නැඹුරු වීම හෝ එක පක්ශයකට පෙරල පෙරලා පහර නොදිය යුතුයි...​
     

    bbtest

    Member
    May 14, 2007
    33
    4
    0
    දුස්සීල බික්ෂූන්ට අපල කාලයක් එනවා.සිල්වත් අයට අවුලක් නැත;)
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මගේ බුදු දහමට .. බුදුන් වහන්සේට මම හදවතින්ම ගරු කරනවා ආචාර කරනවා ...එත් මේ සමහර සිවුර පෙරෝගත්ත අය ගැන නම් මගේ කිසි පැහැදීමක් නැහැ .. ගොඩක් අය අපේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ පිවිතුරු දහමටත් නිගා කරනවා .. ඒ ගැන මට තියෙන්නේ පුදුම කණගාටුවක් ....:angry:

    :yes::yes: සිවුරට අගෞරය කලේ මේ කාටුන් එක ඇන්ද මනුස්සය නෙමේ.මේ රටේ දේශපාලනය කරන හාමුදුරු ගොල්ල ඇත්තටම ඒ අය ගැන පැහැදීමක් නෑ මගේ හිතේ.
    සියලු දුක නැති කර නිවන් දකින්න උතුම් චීවරය පොරවල පොරොන්දු වෙලා,දේශපාලනයට එන්නෙ සියලු දුකනැති කරගන්නද? බුදු හාමුදුරුවො බුදුවෙන්න කලින් රජ වෙලා දේශය කරල දැන් වගේ අවුරුදු 5කට නෙමෙ මුලු ජිවිත කාලෙම රජ වෙලා ඉන්න තිබුන.ඇයි ඒව දාල ඇවිත් පැවිදි උනේ.මේ උතුම් දායාදය ලබන්න.අද හාමුදුරුවො කරන්නෙ මොකක්ද පැවිදි වෙච්ච ගමන් දේශපාලනය එන එක.මම මේ කියන්නෙ ලංකාවෙ ඉන්න සියලුම හාමුදුරුවො ගැන නෙමේ
    .
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාටුන් ශිල්පියෙක් කාටුන් අදින්නේ රටේ එවෙලේ තියන තත්වෙට හෝ සිද්දියකට. එනිසා අයි මුස්ලිම් අයට අදින්නේ නැත්තේ අයි අරයට මෙයාට අදින්නේ නැත්තේ කියන්න බැහැ. සිවුර යොදාගැනීමේ ප්‍රශ්නයක් තියනවා. එතන වැරදි කියලා කියන පුළුවන්. ආටිගල මෙතන පෙන්නල තියෙන්නේ සිවුර ගැලපෙන්නේ නැති අය සිවුර දාගෙන ඉන්න එක. පදනන්ගල දම්මදේව හාමුදුරුවෝ සල්ලි වලට බන කියනකොට, රුවනවැල්ලේ සොපිත ගුරුකම් කරනකොට, උඩුවේ හාමුදුරුවෝ කැසිනෝ හොදයි කියනකොට, බොදු බල සේනාවේ ඉන්න අර හමුදුරුකෙනෙක් කෙල්ලෙක් එක්ක සින්දු කිය කියා සිකරට් ගහ ගහ ඉන්නකොට විවේචනය කරපු නැති අය ඇයි ආටිගල විවේචනය කරන්නේ. ඔච්චරම කැක්කුම තියෙනව නම් ඇයි ඒ ගන කතාවක් වත් නැත්තේ. කරුණාකරලා බුද්දාගම අවස්ථාවාදය සදහා පාවිච්චි කරන්න එපා. අද සාසනේට ලොකුම හානිය කරන්නේ වෙන කවුරුත් නෙමයි. සිරුරට මුවාවෙලා ජඩකම් කරන අය. එක තේරුම් ගන්න. අවනත ආටිගල කියලා තියෙන්නේ එක ගැන. කොහෙවත් බුදු හැමදුරුවන්ට කාටුන් ඇදලා තියනවද?? සාසනේට වෙන්න යන දේ පෙන්වාලා මිනිස්සු අන්ධබවෙන් මුදවා ගන්න මෙහෙම් හරි අදහසක් ප්‍රකාශ කරන එක ලොකු දෙයක්.

    ගැලිලියෝ ගැලිලි පවා විවේචනය කලේ මිනිස්සු රවට්ටන පුජකයන්ව මිසක් දෙවියන්ව නෙමයි.
    යමෙක් සිවුරක් ඇන්ද පලියට ඒ තැනැත්තා බෞද්ද භික්ෂුවක් වෙන්නේ නැහැ. එක මතක තියාගන්න
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes: සිවුරට අගෞරය කලේ මේ කාටුන් එක ඇන්ද මනුස්සය නෙමේ.මේ රටේ දේශපාලනය කරන හාමුදුරු ගොල්ල ඇත්තටම ඒ අය ගැන පැහැදීමක් නෑ මගේ හිතේ.
    සියලු දුක නැති කර නිවන් දකින්න උතුම් චීවරය පොරවල පොරොන්දු වෙලා,දේශපාලනයට එන්නෙ සියලු දුකනැති කරගන්නද? බුදු හාමුදුරුවො බුදුවෙන්න කලින් රජ වෙලා දේශය කරල දැන් වගේ අවුරුදු 5කට නෙමෙ මුලු ජිවිත කාලෙම රජ වෙලා ඉන්න තිබුන.ඇයි ඒව දාල ඇවිත් පැවිදි උනේ.මේ උතුම් දායාදය ලබන්න.අද හාමුදුරුවො කරන්නෙ මොකක්ද පැවිදි වෙච්ච ගමන් දේශපාලනය එන එක.මම මේ කියන්නෙ ලංකාවෙ ඉන්න සියලුම හාමුදුරුවො ගැන නෙමේ
    .

    ඔව් මචං උබ කියලා තියෙන්නේ සහතික ඇත්ත
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ස්තූතියි ආටිගල

    උඹ මේ කාටුන් එක දිහා බලන කෝනයයි වැරදි මචන් ඇත්තටම අද ලංකාවට වෙලා තියෙන්නේ මේ දේ තමා. අපේ ජාතියට විරුද්ධ, අපේ සංස්කෘතියට විරුද්ධ දේ වෙනුවෙන් එක හෙලාම නැගී සිටිය යුතුයි. ඒක අවිවාධාත්මකයි. නමුත් අද බුදුදහමට වෙලා තියෙන දේ තමයි මේ කාටුන් එකෙන් පෙන්නන්නේ. බෞද්ධ ජනතාවව දහම් මග ගෙනියනව කියල පෙන්නලා අවසානේ ඒ සියලු දෙනාවම දේශපාලන මතයක් කෙරෙහි යොමු කරනව එකයි අද වෙලා තියෙන්නේ සහ එලිපිට පේන්න තියෙන්නේ.

    අපේ රටේ බුදුදහම ප‍්‍රබෝදමත් කරවන්න දේශපාලනය අවශ්‍ය වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ සියලුදේනාගේම එකමුතු කමයි. දැන් වෙන්නේ එක එක අයගේ මත අනුව බෞද්ධයන්ගේ විශ්වාසය හීන කරන එකයි. මිරිගුවක් පස්සේ ගිය මුවාට වුන දේ තමයි අවසානෙට වෙන්නේ. ඇයි බැරි ගමේ පන්සලේ සියලු දෙනාට එකතුවෙන්න. ඇයි අපි පෝයට විතරක් පන්සල් යන්නේ. එහෙමත් නැත්නම් අපේ පන්සලට හොද දර්ම දේශකස්වාමීන් වහන්සේ කෙනෙක් අවොත් විතරක් කට්ටිය එකතු වෙන්නේ. තරුණ බෞද්ධ කී‍්‍රයාකාරිීන්ට මොකද වෙලා තියනේනේ. ඇයි ඒ අයව එකතු කරන්න බැරි . දේශපාලන මතවාදයක් ගෙනාවොත් විතරද එකතුවෙන්න පුලුවන්. අන්‍ය ආගමික විරෝදයකදි විතරද එකතු වෙන්න පුලුවන්. ගමතුල ක‍්‍රීයාකාරී දේවල් සේරම නමට විතරක් වෙන් වෙලා තියෙන්නේ.

    මමනම් මේ කාටුන් එකේ වරදක් දකිනේ නේ නෑ........
    ඒ ඔහුගේ මතය වගේම දැහැමි බෞද්ධ හිතවතුන් දකින පැතිකඩ.

    ස්තූතියි ආටිගල
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ බන්...
    කොහොමත් අනිත් අය කරන ඒවා පේන එක අඩුයි.
    ඒක මේ රටෙ හැටි.

    සහජීව්න ඇත්තොනටයි,නිර්ආගමික අයට එහෙම සෑහෙන්න රිදිලනෙ ඉන්නේ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙකී කාටූනයට පලවූ කොමෙන්ටු කිහිපයකි..

    Comment 01 - මේක මං දැකපු සවුත්තුම චිත්‍රයක්..මෙව්වටත් තම්බි සල්ලි දෙනවා ඇති මුන්ට.


    Comment 03 - සෑර්, මේ චිත්‍රෙට කීයක් ගෙව්වද? ඩොලර්ද, කුවේට් ඩිනාර්ද..?



    :yes::yes: සිවුරට අගෞරය කලේ මේ කාටුන් එක ඇන්ද මනුස්සය නෙමේ.මේ රටේ දේශපාලනය කරන හාමුදුරු ගොල්ල


    cartoon ekak adinna thambi doller dinar kochchara denawada
    ahana ekata ahanna baha,
    cartoon eke thiyena dewal aththata karala
    doller dinar kiyak hamba karaada kiyala:P
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :yes::yes: සිවුරට අගෞරය කලේ මේ කාටුන් එක ඇන්ද මනුස්සය නෙමේ.මේ රටේ දේශපාලනය කරන හාමුදුරු ගොල්ල ඇත්තටම ඒ අය ගැන පැහැදීමක් නෑ මගේ හිතේ.
    සියලු දුක නැති කර නිවන් දකින්න උතුම් චීවරය පොරවල පොරොන්දු වෙලා,දේශපාලනයට එන්නෙ සියලු දුකනැති කරගන්නද? බුදු හාමුදුරුවො බුදුවෙන්න කලින් රජ වෙලා දේශය කරල දැන් වගේ අවුරුදු 5කට නෙමෙ මුලු ජිවිත කාලෙම රජ වෙලා ඉන්න තිබුන.ඇයි ඒව දාල ඇවිත් පැවිදි උනේ.මේ උතුම් දායාදය ලබන්න.අද හාමුදුරුවො කරන්නෙ මොකක්ද පැවිදි වෙච්ච ගමන් දේශපාලනය එන එක.මම මේ කියන්නෙ ලංකාවෙ ඉන්න සියලුම හාමුදුරුවො ගැන නෙමේ
    .

    :yes::yes::yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;17210219 said:
    :rolleyes::rolleyes::rolleyes: meya ara kalin thambi kachal kaaleth thambinge side ekata cartoon ande :rofl::rofl::rofl: gona harenne pol palee kanna kiyala apita nam therenawa :P:P:P

    මමත් අහල තියෙනවා ගොනෙකුට තවත් ගොනෙකුගෙ හැගීම් තේරෙනවා කියලා..:dull:(සෑහෙන්න රිදෙයි.:rofl:)
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ


    මමත් අහල තියෙනවා ගොනෙකුට තවත් ගොනෙකුගෙ හැගීම් තේරෙනවා කියලා..:dull:(සෑහෙන්න රිදෙයි.:rofl:)

    මමත් අහල තියෙනවා ගොනෙකුට තවත් ගොනෙකුගෙ හැගීම් තේරෙනවා කියලා අනික් ගොන්නුන්ට තේරෙනවා කියලා :rofl::rofl: පුක ඉරෙන්න රිදෙයි
     
    Last edited: