ආණ්ඩුවට එකතු වෙන්නැයි මගෙන් ඉල්ලූවා-ජෙනර
එක දවසින් නඩු ඉවර කරන්නම්, ආණ්ඩුවට එකතු වෙන්නැයි මගෙන් ඉල්ලූවා: පාවා නොදීම අපේ ශක්තියයි -ජෙනරාල් ෆොන්සේකා
්කාධිපති ව්‍යවස්ථාවන් හරහා ඒකාධිපති පාලනයන් ගෙන යන නායකයින් ජනතාව හා විපක්ෂය මර්දනය කරන්නේ නම් එවැනි රටවල ජනතාව විප්ලව තුළින් හා හමුදාව තුළින් සිදුවන කුමන්ත්‍රණ හරහා එම පාලකයන් ඉවත්කර දැමීම ඉතිහාසයේ සිදුවී තිබෙන බව ප්රජාතන්ත්රවාදී ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද (08* ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පක්ෂයේ ස්ථාවරය හෙළි කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
එවැනි සිදුවීම් මේ රටේ නොවේවා යි තමන් ප්‍රාර්ථනා කරන මුත් ඒකාධිපති පාලනයක් මේ රටේ ගොඩ නැගුණහොත් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි යැයිද, එළැඹෙන තත්ත්වයන් උඩ තම පක්ෂයේ ඉදිරි හැසිරීම තීරණය කරන්නේ යයිද ෆොන්සේකා මහතා කීය.
18 වන ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයේ මළගම ලෙස හැඳින්වූ ප්රජාතන්ත්රවාදී ජනතා සන්ධානයේ නායකයා තම මන්ත්‍රීවරුන් 07 එයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡුන්දය ප්‍රකාශ කරන බවද ප්‍රකාශ කළේය.
ෆොන්සේකා මහතා මෙසේද පැවැසීය.
අපට ඡුන්දය දුන් ජනතාවගේ හෘද සාක්ෂිය අප කවදාවත් මුදලට පාවා දෙන්නේ නැහැ. මට රජයේ විවිධ බලවතුන් විවිධ අය හරහා ආණ්ඩුවට එක්වෙන ලෙස ඉල්ලා තිබෙනවා. එක දවසකින් මේ නඩු සියල්ල අවසන් කරගෙන පෙර සිටි සුඛෝපභෝගී ජීවිතයට මට යන්න පුළුවන් ඒ යෝජනා වලට කැමැති වුණා නම්. නමුත් අපේ ශක්තිය එසේ පාවාදීම් නොකිරීමයි. ඒ නිසයි ජනතාව අප ගැන විශ්වාසය තබා සිටින්නේ. අප කොතරම් දුෂ්කරතා විඳගෙන ද මේ ගමන යන්නේ කියල අපත් සමඟ සිටින ජනතාව දන්නවා.
අද මා පාර්ලිමේන්තුවට එනවිට මඟ සිටි ජනාධිපතිවරයාට සහය දක්වන පිරිස් එක අතකින් ජනාධිපතිගේ ඡුායාරූප රැුගෙන අනිත් අතින් මට අත වනා ආචාර කළා. එය මට සතුටට කරුණක්.
ජාතියේ අභිමානය වළදාන මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ එයට විරුද්ධව කථා කරන්න සිටින්නේ අප පක්ෂය හා ටීඑන්ඒ සංවිධානය පමණයි. මා පුද්ගලිකව සිතනවා එජාපය පාර්ලිමේන්තුව වර්ජනය නොකර විරුද්ධව කථා කරන්න ඇතුලේ හිටිය නම් හොඳයි කියල. ඔවුන් මහඡුන්දයේදී අවම තරමේ ඡුන්ද 23 ලක්ෂයක් ගත්තා.
විපක්ෂයේ දුර්වලතාවයෙන් රජය ප්‍රයෝජනය ගත්ත. අප අතර ඇති ප්‍රතිපත්ති සැමට එකඟවිය හැකි තැනකට ගෙනාවොත් අපට ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කළ හැකියි. මේ පවතින ව්‍යවස්ථාව යටතේ කල් ගතවේවි. මහජනතාව රජයට විරුද්ධව සිටිනතාක් විපක්ෂය දුර්වල නැහැ. එම විරෝධතාවය එකට ගොනු කර ගැනීමයි වැදගත්. ඒකාධිපතිත්වයක් ආවොත් වෙනත් රටවල සිදුවූවාක් මෙන් වෙනත් ආකාරවලින් විපක්ෂය සූදානම් වේවි.
ලෝකයේ වෙනත් රටවල මෙවැනි ඒකාධිපතියන්ට විරුද්ධව ජනතා විප්ලව, හමුදා කුමන්ත්‍රණ වැනි දේ සිදුවී තිබෙනවා. අපේ ප්‍රාර්ථනාව එසේ නොවේවා කියායි.
බලයේ සිටින ජනාධිපති කෙනෙක් බලයෙන් පහ කිරීම කොතරම් අමාරු කි්රයාවක්ද කියල අප අතීතයේදී දැක තිබෙනවා. ඔවුන් සියලූ සම්පත් භාවිතා කර, රාජ්‍ය බලය, මාධ්‍ය, රාජ්‍ය දේපල, ඡුන්ද කොමසාරිස් වැනි දේ පාවිච්චි කර ඡුන්ද ජයගන්නා හැටි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසයි ජනාධිපති ධූරයට කාල සීමා 2 ක් පනවා තියෙන්නේ.
මා වෙනුවෙන් පනවා තිබෙන්නේ යුධ අධිකරණ නොවේ ‘කැලෑ උසාවියි’, ඒවායින් නීතිය ඉටුවෙන්නේ නැහැ. මේ කැලෑ උසාවි යුධ අධිකරණවල මූලික සිද්ධාන්තය වත් ඉටු කරන්නේ නැහැ. තව ටික දවසකින් කෝප්රල් ලා 4 දෙනෙක් දාලා මේජර් ජෙනරාල්ලාගේ තරු ගලවන්නත් පුළුවන්. කොතරම් නීති විශාරදයෝ ඇවිත් මා වෙනුවෙන් නීති තර්ක දැම්මත් වැඩක් නෑ. තීන්දුව ලියලයි තියෙන්නේ. ඔබට තව ටික දවසකින් බලා ගත්තැහැකි. කැලෑ උසාවියේ තියෙන්නේ කැළෑ නීතියයි.
ඒකාධිපති පාලනයක් ගෙන ගිය ලෝකයේ පවුල් වසර 2කින් 3කින් අතුගෑවි ගොස් තිබෙනවා. මේ අයත් ඒකම තෝරා ගන්නවා නම් ඒ විදිහට වැඩ සිද්ධ කර ගත්තාවේ.
වාර්තාව: සංජය දසනායක

Last edited: