ආණ්ඩුවට සිකිලා වගේ නේද?

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ආණ්ඩුවට සිකිලා වගේ නේද?

    දින තුනට ඌවේ ඡන්ද කාර්යාල 21 ක් කඩයි

    අද පෙරවරු හයෙන් අවසන් වූ පැය 72 කදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අයත් ඡන්ද කාර්යාල 21 කට පහරදී ඇතැයිද එජාපය වැඩි ප්‍රචණ්ඩත්වකට මුහුණ දී ඇත්තේ බිබිලේදී යැයිද කැෆේ සංවිධාන කියයි.
    ජවිපෙයේ මොරණාගල හුලංදාව කුඹුක්කන සහ මොණරාගල ඩිපෝව පාර කාර්යාලවලට වෙඩි තැබීම් ද, ගිනි තැබීම් ද මොණරාගල, මඩුල්ල, බිබිල, තණමල්විල, සෙවනගල, බුත්තල, කතරගම, බඩල්කුඹුර ප්‍රදේශවල දී ජවිපෙට එරෙහි ප්‍රචණ්ඩක්‍රියා ද වාර්තා විය.
    බඩල්කුඹුරේ ගැටුමකින් පොලීසියේ දෙනෛක් ද තුවාල ලදහ වෙඩි තැබීම් කිහිපයක් ද වාර්තා වී ඇත. ප්‍රතිවාදීන් බිය ගැන්වීම සඳහා වෙඩි තබා ඇතැයි කියති.
    අගෝස්තු. 24 දින පැය 6 කට ආසන්න කාලයක් මැර කණ්ඩායම් බිබිල ප්‍රදේශයේ විපක්ෂයේ සියලු ප්‍රධාන පක්ෂවලට ප්‍රහාර එල්ල වූ නමුත් මේ දක්වා ප්‍රහාර එල්ල කළ පිරිස් අත්අඩංගුවට ගෙන නොමැත. එමෙන්ම ඊයේ දිනයේ බඩල්කුඹුර දී පළමු ගැටුමෙන් පැය දෙකකට පමණ පසුව වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වූ නමුත් පොලීසිය අවම වශයෙන් මාර්ග බාධක හෝ පිහිටුවා නැත. මොණරාගල දිස්ත්‍රික්කයේ ආයුධ සන්නද්ධව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට පියවර ගත යුතු බවත් ආරක්ෂාව දැඩි කළ යුතු බවත් කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි.


    caffe1.jpg


    DSC_3340.jpg


    DSC_33511.jpg


    DSC05497.jpg


    DSC05501.jpg


    DSC05503.jpg


    DSC05507.jpg



    උපුටා ගත්තේ
     

    thanujaka

    Well-known member
  • කසිප්පු මුදලාලිලා, කුඩු බිස්නස් කාරයෝ, මැර යක්කු දේශපාලනයට ආපු කාලෙක ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්න එපා උබල කොහොමටත්.
    අපි හම්බ කරගත්තොත් අපි කයි. එච්චර තමයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    කසිප්පු මුදලාලිලා, කුඩු බිස්නස් කාරයෝ, මැර යක්කු දේශපාලනයට ආපු කාලෙක ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්න එපා උබල කොහොමටත්.
    අපි හම්බ කරගත්තොත් අපි කයි. එච්චර තමයි.

    :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    කසිප්පු මුදලාලිලා, කුඩු බිස්නස් කාරයෝ, මැර යක්කු දේශපාලනයට ආපු කාලෙක ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්න එපා උබල කොහොමටත්.
    අපි හම්බ කරගත්තොත් අපි කයි. එච්චර තමයි.

    හරකුන්ගේ නායකයා වෙන්නේ හරකෙක් මිසක සිංහයෙක් නෙවි :cool:
     

    waligamaya

    Well-known member
  • කසිප්පු මුදලාලිලා, කුඩු බිස්නස් කාරයෝ, මැර යක්කු දේශපාලනයට ආපු කාලෙක ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්න එපා උබල කොහොමටත්.
    අපි හම්බ කරගත්තොත් අපි කයි. එච්චර තමයි.

    මචන් උබේ කතවේ මොකොටසනම් ලන්කවේ මිනිස්සු හිතන මොඩ අදයසක්, අපේ ගොඩක් අය හිතන්නේ අනිත් උන් මොන දේකලත් මෙරට විනස කරලා දැම්මත් අපිට වැඩක් නැ, අපි හම්බකර ගත්තා අපි කැවනේ කියලා. උබ නීතීක්ඥයෙක් වෙලත් මෙවගේ කතවක් ක්කියපු එක ගැන මට දුකයි.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මහින්දයා සැහෙන්න බය වෙලා...
    මේවට උත්තර දෙන්න ඕන ඡන්දදායකයා තමයි..
    වරදාන වලට රැවටිලා ආයෙත් ගිහිල්ලා උන්ටම දීලා වැඩක් නැහැ..
    උන්ගෙන් පුළුවන්තරම් අරගෙන උන්ට දෙනවා වගේම ඉඳලා විපක්ෂෙට කතිරෙ ගැහුවනම් ගොඩ..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මචන් උබේ කතවේ මොකොටසනම් ලන්කවේ මිනිස්සු හිතන මොඩ අදයසක්, අපේ ගොඩක් අය හිතන්නේ අනිත් උන් මොන දේකලත් මෙරට විනස කරලා දැම්මත් අපිට වැඩක් නැ, අපි හම්බකර ගත්තා අපි කැවනේ කියලා. උබ නීතීක්ඥයෙක් වෙලත් මෙවගේ කතවක් ක්කියපු එක ගැන මට දුකයි.
    සහතික ඇත්ත. ලන්කාවෙ ඉන්න බහුතරයක් මිනිස්සු මේ වගේ. තමන් ගොඩනම් රටට හෙන ගැහුවත් කමක් නැහැ. :baffled:රට වැටුනොත් තමනුත් ඒ වලටම වැටෙනව කියල මිනිස්සුන්ට අමතක වෙලා . ඒතන තියෙන්නෙ පැහැදිලි මෝඩකම, උගත් නූගත් භේදයක් නැහැ. :baffled:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මචන් උබේ කතවේ මොකොටසනම් ලන්කවේ මිනිස්සු හිතන මොඩ අදයසක්, අපේ ගොඩක් අය හිතන්නේ අනිත් උන් මොන දේකලත් මෙරට විනස කරලා දැම්මත් අපිට වැඩක් නැ, අපි හම්බකර ගත්තා අපි කැවනේ කියලා. උබ නීතීක්ඥයෙක් වෙලත් මෙවගේ කතවක් ක්කියපු එක ගැන මට දුකයි.

    ආ නෑ නෑ මම අදහස් කලේ එහෙම දෙයක් නෙමෙයි.
    නොවැදගත් මිනිස්සු දේශපාලනේ ඉන්න කාලෙක යහපාලනයක් සමාජ සුභසාධනයක් අපි බලාපොරොත්තු විය යුතු නැහැයි කියන එකයි මම අදහස් කලේ.
    ආණ්ඩුව සමාජ සුභසාධන මට්ටමෙන් අරව වල මිල ගණන් අඩු කරයි මේවා වල ගණන් අඩු කරයි අපිට හොද ජීවන තත්ත්වයක් හදල දෙයි කියල හිතාගෙන වැඩකරන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක.
    අපි ඉස්පිරිතාලේ බංකු වල ඇලවෙලා බෙහෙත් දෙනකන් ඉන්නකොට මැති ඇමති ගොල්ලෝ බෙහෙත් ගන්නනේ කොහෙන්ද, තුවාලෙකට ප්ලාස්ටර් එකක් ගහන්නෙත් උන් Mount Elizabeth hospital එකෙන් ලක්ෂ ගණන් දවසට වියදම් කරලා.
    මිනිස්සු අච්චර අරෙහෙ වකුගඩු රෝග වලින් පීඩා විදිද්දී ආණ්ඩුව පලස්තීනෙට ආධාර දෙනවා.
    කාලයක් තිබුන මේ රටෙත් ආණ්ඩුවෙන් සුභසාධන දීපු ඒ වගේම හොද යහපාලනයක් තිබුණු. නමුත් දැන් මේ ඒ කාලේ නෙමෙයි. මේක අද පස් වලින් හැදිච්ච පොළවක් තියෙන රටක් නෙමෙයි. අද මේක තනිකර සල්ලි වලින් යටවෙච්ච වර්ග කිලෝමීටර 65610 ක් විතරයි.
    උබල හම්බකරොත් උබල කයි. එච්චර තමයි.
    ආණ්ඩුවේ එවුන්ගේ ජීවිත විතරද ජීවිත, ඇයි අපේ ජීවිත පීවිත නෙමෙයිද,
    අන්න එක තමයි කියන්නේ මේකේ ඉහකන ගහල ඉන්න ඕනෙනං උබල හැමෝම හම්බ කරගනින් කියල.
    උබල හම්බු කරන් දෙපයින් හිටගත්ත කාලෙක උබලට මේක යහමින් වසන්න පුළුවන් වෙයි. එහෙම නැත්තං ඉතින් වෙන්නේ නිකන්ම මේක වැළලිලා යන්න තමයි.
    උබල හම්බ කරපන් උබල කාපන්. අද රටේ මේ සිද්ධාන්තෙන් පිට ජීවත් වෙනවා කියන ඒවා නිකන් බොරු කතා.
    වැටත් නියරත් ගොයන් කානං කාට පවසන් ඒ අමාරුව කිව්වලු, මේක වැටයි(ආණ්ඩුවයි) නියරයි (නීතියයි)දෙකම උබලගේ ගොයම් කන කාලේ.
    උබලගේ අමාරුව උබලටම කියාගෙන උබලම නැගිට්ටේ නැත්තං කවදාවත් මේ රටේ නං කොන්ද කෙලින් තියන් ජීවත් වෙනවා බොරු මචං.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ම ගහගෙන තමන්ම කෑගසාගනිති, බාල ප්‍රචාරක ක්‍රම.:P