ආණ්ඩුවේ අර්බුදය උග්‍ර වේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ආණ්ඩුවේ අර්බුදය උග්‍ර වේ

    ආණ්ඩුවේ අර්බුදය උග්‍ර වේ: "අගමැති යා යුතුයි"

    _100054513_6fad2d2a-3bcd-48c6-b2fe-13a6abb1a6d6.jpg


    අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්විය යුතු යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි ස්ථාවරයක සිටින බව සිකුරාදා උදෑසන (පෙබරවාරි 16) ජනපති මුණගැසුණු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් පවසයි.

    බීබීසි සිංහල සේවය සමග අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයා පැවසුවේ යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට නම් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්විය යුතු යයි ජනපති ප්‍රකාශ කළ බවය.

    කතානායක කරු ජයසූරිය අගමැති ධුරයට පත් කර එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුව කරගෙන යාමට ජනාධිපතිවරයා වැඩි කැමැත්තක් දක්වන බව ද ඔහු පැවසීය.

    එම වෙනස වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ සටන් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු හමු වූ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට පවසා තිබේ.

    ජනාධිපතිවරයා අද උදැසන මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කිරීමට නියමිතව තිබුණු විශේෂ ප්‍රකාශය හදිසියේ අවලංගු කිරීමත් සමග මේ අර්බුදය තවත් උග්‍ර අතට පත්ව ඇතැයි අදහස් පළවෙමින් තිබිණ.

    එළැඹි තිබෙන තත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද සිකුරාදා සිය හිතවත් ඇමතිවරුන් සමග අදහස් පළ කොට තිබිණ.

    සිකුරාදා සවස තමන් ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව අගමැතිවරයා එහිදී පවසා තිබෙන අතර එහිදී ඔහු පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ද යම් ප්‍රකාශයක් කරන බවට තොරතුරු වාර්තාවේ.

    ධුරයෙන් ඉල්ලා අස්වීම අගමැතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙන අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනපතිට අගමැතිවරයා ඉවත්කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතය වී තිබේ.

    කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ ජාතික ආණ්ඩුවෙන් සිය පක්ෂය ඉවත්වූ වහාම අගමැති ඇතුළු ඇමති මණ්ඩලය අහෝසිවන බවය. එවිට බහුතර පාර්ලිමේන්තු බලයක් ඇති පුද්ගලයා අගමැති ධුරයට පත්කළ හැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එකඟතාව පළකර ඇති බව මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිකුරාදා උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබුණි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔබ මේ අහිමි කරගන්නේ ඔබේ ගමටද කොන්ඩම් මැෂිමක් ලබාගැනීමට තිබූ අවස්ථාවයි....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමයි මම හැමදාම කියුවෙ...නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි කියල....පේනවනෙ පොල් බූරුවො දන්නගෙ හැසිරීම...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔබ මේ අහිමි කරගන්නේ ඔබේ ගමටද කොන්ඩම් මැෂිමක් ලබාගැනීමට තිබූ අවස්ථාවයි....



    පොල් ගෙඩිය 110/= හාල් සේරුව ඊටත් එහා හරියට කන්න බොන්නවත් නැතුව කොන්ඩම් පුම්බල උඩ අරින්නද...ආයිබෝං ...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113




    පොල් ගෙඩිය 110/= හාල් සේරුව ඊටත් එහා හරියට කන්න බොන්නවත් නැතුව කොන්ඩම් පුම්බල උඩ අරින්නද...ආයිබෝං ...

    උඔලනම් කන්නම උපන් ජාතියක්..... පොල් වගේද යකෝ කොන්ඩම්..... පොඩ්ඩක් සැපක් අරන් හිටපන්කෝ..... වේලක් දෙකක් කෑවේ නැ කියල මැරෙනවද බන්? . ඊටම පොල් ඕනමද උඔලට වේලක් හදාගන්න?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    පොල් ගෙඩිය 110/= හාල් සේරුව ඊටත් එහා හරියට කන්න බොන්නවත් නැතුව කොන්ඩම් පුම්බල උඩ අරින්නද...ආයිබෝං ...

    නිදහස ලාබාල අවරුදු 70ක් උනා තාමත් හාල් පොල් :rofl::P